ක්‍රිකට් සමාජ විසිහතරක් පළමු කාණ්ඩය සඳහා සුදානමින්

1178
24 premier cricket clubs

පසුගිය සන්ද්‍යාවේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවූ මාධ්‍ය හමුවකදී ඉදිරියේදී ආරම්භ වීමට නියමිත 2017/2016 වර්ෂය සඳහා වන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග සැලැස්ම එළිදක්වනු ලැබිණි.

පසුගිය ලිපි: ක්‍රීඩා සමාජ සහ සංගම් 9 ප්‍රතිපාදන අත්හිටුවයි

නොවැම්බර් මස ආරම්භ වන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් විසිහතරක් A  හා B  කාණ්ඩ යටතේ තරඟ වැදීමට කටයුතු සංවිධානය කර ඇති බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලදී.

A කාණ්ඩය යටතේ කණ්ඩායම් 14ක් තරඟවදින අතර එම කණ්ඩායම් 14 තවත් කාණ්ඩ දෙකක් යටතේ තුන්දින ටෙස්ට් තරඟාවලියක් ක්‍රීඩා කරන අතර එයින් තේරී පත්වන පළමු ස්ථාන 8 සුපිරි අට වටයට සුදුසුකම් ලබයි. එම වටය සිව්දින තරඟ ලෙස ක්‍රියාත්මක වන අතර රෝස පන්දුවෙන් ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඉතිරි කණ්ඩායම් හය පලිහ ශූරතාව සඳහා තුන්දින ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ අවසානයට පත්වන කණ්ඩායම ලබන වසරේ B කාණ්ඩය දක්වා පහල හෙලනු ලැබේ.

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය 2015/16 තරඟ වාරය සඳහා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත්  අතර ලකුණු සටහනේ අවසාන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය B කාණ්ඩය දක්වා පහත දමන ලදී. Burgher Recreation ක්‍රීඩා සමාජය පසුගිය වසරේ නැගී එන ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරඟාවලිය (B කාණ්ඩය) ජයගත් අතර ඔවුන් A කාණ්ඩයට උසස් කරනු ලැබීය.

B කාණ්ඩය හෙවත් ආධුනික හෝ නැගී එන ක්‍රීඩා සමාජ සඳහා පවත්වනු ලබන තරඟාවලිය සඳහා කණ්ඩායම් දහයක් තුන්දින ටෙස්ට් තරඟ ක්‍රීඩා කරනු ලබන අතර ලීග් ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වන කණ්ඩායම ලබන වසරේදී A කාණ්ඩයට උසස් කිරීමට නියමිතව ඇත.

කණ්ඩායම් විසිහතරටම පළමු පෙළ තත්ත්වය ලබාදෙන අතර පසුගිය වසරේ පළමු පෙළ ක්‍රීඩා කණ්ඩායම් පැවතියේ 14ක් පමණි. තවද එක් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩකයින් 20ක් තරඟාවලියට ඇතුළු කිරීමට අවස්තාව ලැබෙන බව මෙහිදී  පවසනු ලැබිණි .

ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් එක්දින හා විස්සයි විස්ස තරඟාවලි ආරම්භ වන අතර ඒ සඳහා කණ්ඩායම් විසි හතරක් කාණ්ඩ හතරකින් තරඟ වැදීමට නියමිතය. කාණ්ඩ හතරේම පළමු ස්ථාන දෙකට සුදුසුකම් ලබන කණ්ඩායම් අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එතැන් සිට තරඟාවලිය පිළිමළුන් පිටුදැකීමේ තරඟාවලියක් ලෙස ක්‍රියාත්මක වේ.

A කාණ්ඩය

දෙමළ සංගම් ක්‍රීඩා සමාජය, සිංහල ක්‍රිකට් සමාජය, NCC, මූවර්ස් ක්‍රීඩා සමාජය, රාගම ක්‍රිකට් සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, කොළඹ ක්‍රිකට් සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, සැරසන්ස් ක්‍රිකට් සමාජය, BRC

B කාණ්ඩය

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රිකට් සමාජය, ලංකන් ක්‍රිකට් සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, කළුතර මහජන ක්‍රිකට් සමාජය, මීගමුව ක්‍රීඩා සමාජය, කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය

ක්‍රීඩා සමාජ ප්‍රිමියර් තරඟාවලියෙන් අනතුරුව අන්තර් පලාත් එක්දින, සිව්දින හා  විස්සයි විස්ස තරගාවලි ආරම්භ වේ. මේ සඳහා කණ්ඩායම් හතරක් සහභාගී වීමට නියමිතයි.

  • බස්නාහිර පළාත – R ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • මධ්‍යම පළාත – පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • උතුරු මැද පළාත – රන්ගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • දකුණු පළාත  – ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට