දමයන්ති දර්ශාට තවත් ජයග්‍රහණයක්

220
24 Athletic coaches complete IAAF

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මඟින් පවත්වන ලද, “ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදනම් සමුළුවේ, මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහතික පත් පාඨමාලා පළමු අදියර” පසුගිය 6 වන දා සිට 18 වන දා දක්වා ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වූයේ මලල ක්‍රීඩා පුහුණුකරුවන් 24 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

ශ්‍රී ලංකාවට ඉහල උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක්

ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමක් මත රදැල්ල ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉහල උන්නතාංශ සහිත හොඳ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස වැඩි දියුණු කරනවා යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය…

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ධාවන ශූරියක වන දමයන්ති දර්ශා ද පුහුණුවට සහභාගී වූ අතර සිද්ධාන්ත සහ ප්‍රායෝගික යන දෙඅංශයෙන්ම වැඩිම ලකුණු ලබා ගනිමින්, ‘ශ්‍රේණියේ දක්ෂතම ශිෂ්‍යාව’ බවට ද පත්විය.

සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති නේවාසික පුහුණුව පැවැත්වූයේ ජකාර්තා නුවර පිහිටා ඇති ආසියානු කලාපීය මලල ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ; රියා ලුමින්තුඅර්සෝ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මලල ක්‍රීඩා පුහුණු උපදේශක ප්‍රසන්න පෙරේරා, ජයලාල් රත්නසූරියගේ සහායෙනි. ඊට අවශ්‍ය පාඨමාලා නිබන්ධනය සහ අනෙකුත් පහසුකම් සපයන ලද්දේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදනම් සමුළුවේ අනුග්‍රහයෙනි. පුහුණුවට සහභාගී වූ සියලු දෙනාට නවීන තාක්ෂණික ක්‍රමවලට අනුව සිද්ධාන්ත සහ ප්‍රායෝගික යන ආකාර දෙකෙන්ම දැනුම ලබා දෙන ලදි.

පාඨමාලාව අවසානයේ සිද්ධාන්ත සහ ප්‍රායෝගික යන දෙඅංශයෙන්ම පරීක්ෂණයක් ද පැවැත්වුණු අතර සහභාගී වූ සියල්ලන්ම ඉන් සමත් වූයේ පුහුණුකරුවන් 11 දෙනෙකුට දෙවන අදියරට සහභාගී වීමේ සුදුසුකම් ද සපයමිනි.

මෙය, සුගත් තිලකරත්නගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මඟින් පවත්වන ලද දෙවන පුහුණු පාඨමාලාව වන අතර ඉන් පළමුවැන්න 2016 වර්ෂයේ දී කොළඹ ටොරින්ටන් හිදී පැවැත්විය. අප්‍රේල් 30 වනදා සිට මේ හා සමාන තවත් පුහුණු පාඨමාලාවක් පැවැත්වෙන බව මලල ක්‍රීඩා සංගමය පැවසීය.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට