කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි

194

23 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත. රටේ වර්තමාන ආරක්ෂක තත්වය නිසා මෙම තීරණය ගත් බව ඔවුන් පවසා සිටී. මෙම මලල ක්‍රීඩා තරගාවලිය මැයි මස 30 වැනිදා සිට ජුනි මස 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

“අඩුම තරමේ පදක්කම් පහක්වත් දිනා ගන්න තිබ්බා.” – ක්‍රීඩා ඇමති

පසුගිය සතියේ නිමාව දුටු 23 වැනි ආසියානු මලල………..

ඒ අනුව මෙම තරගාවලිය සැප්තැම්බර් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වීමට දැනට තීරණය වී ඇත. වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත අතර මෙම තරගාවලියේ දක්ෂතා මත ඔවුන්ගේ ජාත්‍යන්තර තරගාවලි සහභාගිත්වය තීරණය වන නිසා මෙලෙස තරගාවලිය කල් යෑම එතරම් සුබදායක නොවනු ඇත.

නමුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසන්නේ රට තුල උද්ගතව ඇති තත්වය මත ක්‍රීඩකයන්ට තම පුහුණුවීම් වල නිරත වීමේ අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙලෙස තරගාවලිය කල් දැමීමට තීරණය කළ බවයි.

මෙම කනිෂ්ඨ තරගාවලිය ප්‍රමුඛ ජාතික තරගාවලියක් ලෙස සැලකෙන අතර 2020 වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියක් ලෙස මෙය පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය වර එම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. එහි දී මලල ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලාංකීය කණ්ඩායමක් ජයග්‍රහණය කළ වැඩිම පදක්කම් ප්‍රමාණයට හිමිකම් කී ඔවුන් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් සමඟින් පදක්කම් 9ක් දිනා ගන්නා ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<