සුපිරි පන්දුවාරයෙන් කෙළවර වූ තරගයේ ජය කොළඹට

1741

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (22) සවස පැවති තරගයෙන් මහනුවර කණ්ඩායම පරාජයට පත්කළ කොළඹ කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

උපුල් තරංග කොළඹ නියෝජනය කරමින් ගාල්ලට බැට දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මංගල…

පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 188ක් ලබාගත් අතර එහි දී ශෙහාන් ජයසූරිය හා උපුල් තරංග අර්ධ ශතක රැස්කර ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත විය. එයට පිළිතුරු දුන් මහනුවර කණ්ඩායම ද කඩුලු 7ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීම නිසා තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ක්‍රියාත්මක වූ අතර එහි දී අතැතිව තිබූ කඩුලු ප්‍රමාණය හා රැස්කරගත් 4 පහර හා 6 පහර ප්‍රමාණය අනුව කොළඹ කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේය.

ඛෙත්තාරාම තණතීරුව මත ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ගාලු කණ්ඩායමට එරෙහිව ඊයේ (21) පැවති තරගය ලකුණු 90කින් ජයගෙන ඉතාමත් හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිව තරගයට ආරම්භය ලබා ගත් කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ වමතින් පිත්ත හසුරුවන උපුල් තරංග හා මහේල උඩවත්ත ලකුණු 58ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. අවසානයේ ලකුණු 15ක් ලබා සිටි උඩවත්ත චරිත් අසලංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

පන්දුවාර 9යි පන්දුවක් අවසානයේ ලකුණු 70කට කඩුලු 2ක් දැවී ගොස් තිබිය දී තරංග හා පිටියේ එක්කාසු වූ ශෙහාන් ජයසූරිය පන්දු 33ක් තුල වේගවත් ලකුණු 60ක සබඳතාවයක් ගොඩනංවමින් තරමක් දුරට අඩාලව තිබූ කොළඹ ලකුණු පුවරුව යම් ස්ථානයකට රැගෙන ආ අතර 4 පහර 7ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 62ක් ලබාගත් තරංග කොළඹ ඉනිමේ තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ පන්දු 47කට මුහුණ දීමෙන් පසුවයි. ඒ ප්‍රබල කඩුල්ල හිමිකර ගත්තේ දසුන් ශානකයි. ලහිරු ගමගේ විසින් දවා ගත් පිතිකරුවන් යුගලය වූ ජයසූරිය හා චතුරංග ද සිල්වා පිළිවෙළින් ලකුණු 63ක් හා ලකුණු 25ක් රැස්කර ගන්නා විට කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ ජයසූරිය පන්දු 36ක් තුල ලකුණු 63ක් රැස්කර ගත්තේය. ඒ ඉනිම 4 පහර 8කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය.

කන්ද උඩරටට අභියෝග කළ තෝමසුවන් තවත් පිම්මක් ඉදිරියට

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ තරග වටයේ තවත් තරගයක්….

පන්දු යැවීමේ දී මහනුවර කණ්ඩායමේ චරිත් අසලංක හා ලහිරු ගමගේ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගිය අතර ලසිත් මාලිංග ඔහුගේ නියමිත පන්දුවාර 4 ලකුණු 28ක් තුල අවසන් කළේ කඩුල්ලක් හෝ දවා ගැනීමෙන් තොරවයි.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ තික්ෂිල ද සිල්වා හා ලහිරු තිරිමාන්න පන්දු 27ක් ඇතුළත වේගවත් ලකුණු 44ක් ඔවුන්ගේ කණ්ඩායමේ ලකුණු සටහනට එකතු කරන ලදි. පන්දු 16ක් තුල ලකුණු 27ක් ලබාගත් තික්ෂිල 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 27ක් රැස්කර ගත්තේය. ලහිරු තිරිමාන්න පන්දු 36ක් පමණක් වැය කරමින් ලකුණු 50ක් ලබාගත්තේ 4 පහර 5ක් හා 6 පහර දෙකක් සිය ලකුණු සටහනට අන්තර්ගත කරමිනි.

දසුන් ශානක මහනුවර කණ්ඩායම තරගයේ දිනුම් කණුව වෙත රැගෙන යාමට දැඩි වෙහෙසක් දැරුව ද, ජීවන් මෙන්ඩිස් ඔහුගේ කඩුල්ල දවා ගැනීමත් සමඟම තරගයේ වැඩි වාසිය කොළඹ කණ්ඩායම දෙසට දෝලනය විය. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී මහනුවර කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 188ක් පමණි. දසුන් ශානක ලකුණු 30යි. පන්දු යැවීමේ දී ශෙහාන් ජයසූරිය ලකුණු 22ක් තුල කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ දී දෙපිලම ලබා ගත් ලකුණ සමවීම නිසා  තරගයේ අවසන් ප්‍රතිඵලය ලබා දීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර මහනුවර කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කිරීමට එක් කණ්ඩායමට ලබා දෙන කඩුලු 2කම දැවී ලබා ගත්තේ ලකුණු 5ක් පමණි. එයට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ද එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගත්තේ ලකුණු 5ක් වුවත්  අතැතිව තිබූ කඩුලු ප්‍රමාණය හා රැස්කරගත් 4 පහර හා 6 පහර ප්‍රමාණය අනුව කොළඹ කණ්ඩායම තරගය ජයගත්තේය.

මේ තරගාවලියේ මීළඟ තරගය අද රාත්‍රි 7ට ගාල්ල හා දඹුල්ල කණ්ඩායම අතර විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඒ තරගයේ සජීව විකාශනය ද ඔබ වෙත ගෙන රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. එසේම තරගාවලියේ උණුසුම් තතු ද ඔබ වෙතට රැගෙන ඒමට අප සූදානම් එතෙක් රැඳී සිටින්න අප සමඟම.

කොළඹ – 188/5 (20): ශෙහාන් ජයසූරිය 63, උපුල් තරංග 62, චතුරංග ද සිල්වා 25, චරිත් අසලංක 2/34, ලහිරු ගමගේ 2/43.

මහනුවර – 188/ (20): ලහිරු තිරිමාන්න 50, දසුන් ශානක 30, භානුක රාජපක්ෂ 28, ජීවන් මෙන්ඩිස් 3/22.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Team Colombo

188/5

(20 overs)

Result

Team Kandy

188/7

(20 overs)

Colombo won by super over

Team Colombo’s Innings

Batting R B
Mahela Udawatha b C.Asalanka 15 16
Upul Tharanga c T.De Silva b D.Shanaka 62 47
Dinesh Chandimal c B.Rajapakshe b C.Asalanka 8 6
Shehan Jayasuriya c & b L.Gamage 63 36
Chathuranga De Silva c & b L.Gamage 25 13
Jeewan Mendis not out 0 0
Sammu Ashan not out 7 2
Extras
8 (lb 1, w 7)
Total
188/5 (20 overs)
Fall of Wickets:
1-58 (M Udawatte, 7.1 ov), 2-70 (D Chandimal, 9.1 ov), 3-130 (U Tharanga, 14.4 ov), 4-181 (C de Silva, 19.3 ov), 5-181 (S Jayasuriya, 19.4 ov)
Bowling O M R W E
Lasith Malinga 4 0 28 0 7.00
Lahiru Gamage 4 0 43 2 10.75
Nipun Ransika 2 0 26 0 13.00
Charith Asalanka 4 0 34 2 8.50
Malinda Pushpakumara 1 0 8 0 8.00
Chamika Karunaratne 1 0 16 0 16.00
Dasun Shanaka 4 0 32 1 8.00

Team Kandy’s Innings

Batting R B
Thikshila De Silva b S.Jayasuriya 27 16
Lahiru Thirimanne b S.Jayasuriya 50 36
Banuka Rajapakshe (runout) D.Chandimal 28 20
Sandun Weerakody st D.Chandimal b S.Jayasuriya 8 10
Dasun Shanaka b J.Mendis 30 16
Charith Asalanka c A.Dananjaya b J.Mendis 22 15
Chamika Karunaratne not out 12 5
Malinda Pushpakumara (runout) A.Dananjaya 1 2
Extras
10 (lb 1, w 9)
Total
188/7 (20 overs)
Fall of Wickets:
1-44 (T de Silva, 4.3 ov), 2-99 (B Rajapaksa, 10.2 ov), 3-115 (S Weerakkody, 13.3 ov), 4-116 (L Thirimanne, 13.5 ov), 5-169 (C Asalanka, 18.2 ov), 6-175 (D Shanaka, 18.5 ov), 7-188 (M Pushpakumara, 19.6 ov)
Bowling O M R W E
Shehan Jayasuriya 4 0 22 3 5.50
Asitha Fernando 3 0 52 0 17.33
Akila Dananjaya 4 0 41 0 10.25
Kamindu Mendis 2 0 15 0 7.50
Lahiru Madushanka 3 0 30 0 10.00
Sammu Ashan 2 0 14 0 7.00
Jeewan Mendis 2 0 13 2 6.50