ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු තරගයේ දී ම අපහසු අභියෝගයක්

323

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය අද (18) දකුණු කොරියාවේ දී ආරම්භ විය. මූලික වටයේ දී D කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද තම ප්‍රථම තරගය සඳහා චීනය සමඟින් තරග වැදුණි. එහි දී වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට චීනය සමත් විය. 

ආසියාවේ ස්ථානයක් සොයා ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු කොරියාවට

2019 ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය එළඹෙන අගෝස්තු 18 වැනිදා දකුණු කොරියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගයේ මුල් තරග වටයේ දී චීන කණ්ඩායම ප්‍රබල ප්‍රහාරයක් දියත් කල අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා උපරිම ප්‍රයෝජනයට ගත් ඔවුන් එම වටය ලකුණු 25-11ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. 

පළමු වටයේ දී ලබා ගත් ප්‍රබල ආරම්භය එලෙසම පවත්වා ගත් චීන කණ්ඩායම දෙවන වටයේ දී ද ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ අතර එම වටය ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 25-09ක් ලෙසිනි. 

වට 2-0ක වාසියක් සමඟින් තුන්වැනි වටය ආරම්භ කළ චීන කණ්ඩායම තම ග්‍රහණය මදක් හෝ ලිහිල් නොකළ අතර තුන්වැනි වටයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට චීනය සමත් විය. තුන්වැනි වටය ලකුණු 25-12ක් ලෙස ජයග්‍රහණය කල චීන කණ්ඩායම තරගවට 3-0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

  • පළමු තරග වටය: චීනය 25 – 11 ශ්‍රි ලංකාව
  • දෙවන තරග වටය: චීනය 25 – 09 ශ්‍රි ලංකාව
  • තෙවන තරග වටය: චීනය 25 – 12 ශ්‍රි ලංකාව

අවසන් ලකුණු තත්ත්වය: චීනය 3 – 0 ශ්‍රී ලංකාව

තරගාවලියේ තවත් තරග හතරක් අද පැවති අතර එහි දී කසකස්තානය, කොරියාව, ජපානය හා තායිලන්තය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

කසකස්තානය හා ඕස්ට්‍රේලියාව අතර තරගය

කසකස්තාන කණ්ඩායම මෙම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර ලකුණු තත්ත්වය ලකුණු 25-19, 25-20, 25-21 ලෙස දැක්විය. 

කොරියාව හා ඉරානය අතර තරගය

කොරියා කණ්ඩායම මෙම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කල අතර ලකුණු තත්ත්වය ලකුණු 25-17, 25-09, 25-14ක් ලෙස දැක්විය. 

ජපානය හා ඉන්දියාව අතර තරගය

තරග වට 3-0ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කිරීමට ජපානය සමත් වූයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 25-12, 25-14, 25-08ක් ලෙස පරාජය කරමිනි. 

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ මාලදිවයින බිංදුවට මට්ටු කරයි

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම හා මාලදිවයින් වොලිබෝල් කණ්ඩායම අතර පැවති වොලිබෝල් තරගාවලිය තරග 3-0ක්…..

තායිලන්තය හා චීන තායිපේ අතර තරගය

මෙම තරගයේ ජයග්‍රහණය තායිලන්තය සතුවූයේ තරග වට 3-1ක් ලෙසිනි. පළමු තරග වටය ලකුණු 20-25ක් ලෙස පරාජය වූ තායිලන්තය අනෙක් තරග වට තුනම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ ලකුණු 25-13, 25-22 හා 25-20ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ඉන්දුනීසියාව සමඟින් හෙට (19) පැවැත්වීමට නියමිතයි. 

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<