කාන්තා වොලිබෝල් කණ්ඩායමට තවත් පරාජයක්

301

20 වන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තවත් තරගයක් අද (23) ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් පැවැත්විය. එම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූයේ තරගවට 3-0ක් ලෙසිනි. 

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට හොඳ අභියෝගයක්

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (22) පැවති අතර එහි දී තියුණු….

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග දෙකේ දී ඉන්දුනීසියාව හා චීනය හමුවේ පරාජය වූ අතර ඉන් අනතුරුව 9 වැනි ස්ථානයේ සිට 13 වැනි ස්ථානය ශ්‍රේණිගත කිරීම් සඳහා පැවැත්වෙන තරග සඳහා ඇතුලත් විය. එහි දී ඊයේ (22) ඉන්දියාව හමුවේ තරග වට 3-2ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. 

ඕස්ට්‍රේලියා තරගයේ පළමු තරග වටයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා උපරිම ප්‍රයෝජනයට ගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම එම තරග වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-17ක් ලෙසිනි. 

දෙවන තරග වටයේ දී ද තම ග්‍රහණය මඳක් හෝ ලිහිල් නොකළ ඕස්ට්‍රේලියා කණ්ඩායම එල්ල කළ ප්‍රබල අභියෝගය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට පසුබැසීමට සිදු විය. එම තරග වටයේ ජයග්‍රහණය ද ඕස්ට්‍රේලියාව සතු වූයේ ලකුණු 25-17ක් ලෙසිනි. 

තරග වට 2-0ක් ලෙස වැඩි වාසි සමඟින් තුන්වැනි තරග වටය ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම එම තරග වටයේ දී උපක්‍රමශීලීව තරග වැදුණි. වේගවත් පන්දු පිරිනැමීම් හා වැළැක්වීම් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග වටය පරාජය වූයේ ලකුණු 25-15ක් ලෙසිනි. 

ශ්‍රී ලංකාවට දෙවන තරගයත් අභියෝගයක් වෙයි

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (20) ඉන්දුනීසියාව….

ඒ අනුව තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. 

  • පළමු තරග වටය: ඕස්ට්‍රේලියාව 25 – 17 ශ්‍රී ලංකාව
  • දෙවන තරග වටය: ඕස්ට්‍රේලියාව 25 – 17 ශ්‍රී ලංකාව
  • තුන්වැනි තරග වටය: ඕස්ට්‍රේලියාව 25 – 15 ශ්‍රී ලංකාව
  • අවසන් ලකුණු තත්ත්වය: ඕස්ට්‍රේලියාව 3 – 0 ශ්‍රී ලංකාව 

තරගාවලියේ තවත් තරග කීපයක් අද (23) පැවති අතර එම තරගවල දී චීන තායිපේ, කසකස්තානය, කොරියාව හා චීනය ජයග්‍රහණ වාර්තා කරන ලදි. 

චීන තායිපේ කණ්ඩායම හා ඉරානය අතර පැවති තරගයේ ජයග්‍රහණය චීන තායිපේ කණ්ඩායම සතු වූයේ තරග වට 3-1ක් ලෙසිනි. ලකුණු තත්ත්වය ලකුණු 22-25, 25-23, 25-19 හා 25-22 ලෙස දැක්විය. 

කසකස්තානය හා ඉන්දුනීසියාව අතර තරගය ද අද පැවති අතර එම තරගය ජයග්‍රහණය කිරීමට කසකස්තානය සමත් වූයේ ලකුණු 25-19, 25-15 හා 25-18 ලෙස තරග වට තුනක් ජයග්‍රහණය කරමිනි. 

කොරියාව හා තායිලන්තය අතර තරගයේ දී කොරියා කණ්ඩායම තායිලන්තය පරාජය කළේ තරග වට 3-1ක් ලෙසිනි. පළමු තරග වටය ලකුණු 25-20ක් ලෙස කොරියාව ජයග්‍රහණය කළ අතර දෙවන තරග වටයේ ජයග්‍රහණය තායිලන්තය සත්වූයේ ලකුණු 25-23ක් ලෙසිනි. තුන්වැනි හා සිව්වැනි තරග වට ලකුණු 25-17, 25-21ක් ලෙස ජයග්‍රහණය කරමින් කොරියාව තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු තරගයේ දී ම අපහසු අභියෝගයක්

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය අද (18) දකුණු කොරියාවේ දී ආරම්භ විය. මූලික වටයේ දී D කාණ්ඩය….

අද (23) පැවති අවසන් තරගය ලෙස ජපානය හා චීනය අතර තරගය පැවැත්විය. තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට චීනය සමත් වූයේ තරග වට 3-2ක් ලෙසිනි. තරගයේ පළමු තරග වටය ලකුණු 25-14ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජපානය සමත් විය. දෙවන හා තුන්වැනි වට ලකුණු 25-11 හා 25-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට චීනය සමත් විය. සිව්වැනි තරග වටය ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණය කරමින් තරග වට 2-2ක් ලෙස තරගය සමකිරීමට ජපානය සමත් විය. පස්වැනි හා අවසන් තරග වටය 15-12ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට චීන කණ්ඩායම සමත් විය. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<