කුවේට් පරාජය කරමින් ශ්‍රී ලංකාව තුන්වන වටයේ අවසන් තරගයට

71

20 වැනි ආසියානු පිරිමි ජ්‍යේෂ්ඨ වොලිබෝල් තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය ඊයේ (18) නිමා වූ අතර එහි ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම්වලට අදාළ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

එම තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද කුවේට් සමඟින් පැවති අතර එහි ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තරග වට 3-0ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගි වූ මූලික වටයේ තරග තුනම පරාජය වෙමින් දෙවන වටය සඳහා පිවිසි අතර එහි දී ඕමානය හා කසකස්තානය පරාජය කරමින් එම කාණ්ඩයේ තුන්වැනි ස්ථානය ලබා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකාව මෙම තරගයේ දී ආරම්භයේ පටන් ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර කුවේට් කණ්ඩායමට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට සමත් විය. ඔවුන් පළමු වටයේ දී ලකුණු 25ක් වාර්තා කළේ ප්‍රතිවාදී කුවේට් කණ්ඩායම ලකුණු 17කට සීමා කරමිනි.

ශ්‍රී ලංකාවට පිට පිට දෙවන ජයග්‍රහණයත්

20 වැනි ආසියානු ජ්‍යේෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ ……….

තරගවට 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් දෙවන වටය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ රිද්මය එලෙසම පවත්වා ගනිමින් තම ප්‍රහාරය දියත් කළ අතර ඔවුන් ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර ගියේ කුවේට් කණ්ඩායම ලකුණු 22කට සීමා කරමිනි. 

තුන්වැනි තරග වටය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර කුවේට් කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයට ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම තරග වටයේ දී ද ලකුණු 20 සීමාව පසුකර යාමට කුවේට් කණ්ඩායමට අවස්ථාව නොලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-18ක් ලෙසිනි. 

ඒ සමඟින් තරගයේ ජයග්‍රහණය තරග වට 3-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූ අතර ඔවුන් 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා වන ශ්‍රේණිගත කිරීම්වල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මංගල ජයග්‍රහණය

20 වැනි ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා …………

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 3 – 0 කුවේට් 

  • පළමු තරග වටය: ශ්‍රී ලංකාව 25 – 17 කුවේට් 
  • දෙවන තරග වටය: ශ්‍රී ලංකාව 25 – 22 කුවේට් 
  • තෙවැනි තරග වටය: ශ්‍රී ලංකාව 25 – 18 කුවේට් 

අද පැවැත්වීමට නියමිත ඕමාන – හොංකොං තරගයේ ජයග්‍රහණය වාර්තා කරන කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම 13 හා 14 වැනි ස්ථාන සඳහා තරග වැදීමට නියමිතයි. 

20 වැනි ආසියානු පිරිමි ජ්‍යේෂ්ඨ වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<