ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයින් හොඳ අභියෝගයක් දෙයි

80

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය ඊයේ (13) ඉරානයේ ටෙහෙරාන් හිදී ආරම්භ වුනා. ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව ඉරානය සමඟ තරග වැදුණු අතර ඔවුන්ට සිදු වුනේ වට 3-0 ක් ලෙස පරාජය වීමටයි. තරගාවලිය පැවැත්වෙන්නේ 20 වැනි වතාවටයි.

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල තුරුම්පු

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය අද (13) ඉරානයේ ටෙහෙරාන් හිදී ආරම්භ වුනා. මෙවර තරගාවලිය…

ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් වටය මැද දී සිදු වුණු අතපසු වීම් නිසා පළමු වටය අවසන් වුනේ ලකුණු 25-15ක් ලෙසයි.

කෙසේ වෙතත් දෙවන වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක ප්‍රගතියක් පෙන්වන්නට සමත් වුනා. ඔවුන් දෙවන වටය ලකුණු 25-17ක් ලෙස පරාජය වුනත් වටයේ අවසන් භාගයේ ප්‍රබල ඉරානයේ කරට කර රැඳෙන්නට සමත් වුනා.

තෙවැනි වටය ශ්‍රී ලංකාවට තරගයේ රැඳී සිටීමට නම් ජය ගත යුතුම තරගයක් වුනා. තරගයේ ආරම්භයේ සිටම ඉරානය සමඟ කරට කර තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි වටයේ ඉතා හොඳින් නිමා කළා.

කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ඔවුන් තෙවන වටය ලකුණු 25-23ක් ලෙස පරාජය වුනේ හොඳ සටනකින් පසුවයි.

අවසන් ලකුණු තත්වය: ඉරානය 3/0 ශ්‍රී ලංකාව

  • පළමු වටය: ශ්‍රී ලංකාව 15 – 25 ඉරානය
  • දෙවන වටය: ශ්‍රී ලංකාව 17 – 25 ඉරානය
  • තෙවන වටය: ශ්‍රී ලංකාව 23 – 25 ඉරානය

අද (14) දිනයේ දී ශ්‍රී ලංකාව ප්‍රබල ඕස්ට්‍රේලියාව සමඟින් තරග වැදීමට නියමිතයි. තරගාවලියේ සියලු විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<