ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව දණ නමයි

77

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවන තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ වට 3-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කණ්ඩායමට අද (14) සිදු වුනා.

20 වැනි වරට පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ ඉරානයේ ටෙහෙරාන් නුවර දී.

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයින් හොඳ අභියෝගයක් දෙයි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය ඊයේ (13) ඉරානයේ ටෙහෙරාන් හිදී ආරම්භ වුනා. ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව…

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයේ දී ඉරානය හමුවේ තරග වැදුණු අතර ඔවුන් තියුණු තරගයකින් පසුව වට 3-0ක් ලෙස පරාජයට පත් වුනා.

ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනේ ලකුණු 15-25ක් ලෙස පසු බසින්නටයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සුපුරුදු රිද්මයට පිවිසෙන්නට සෑහෙන වෙලාවක් ගත වූ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට සෑහෙන අභියෝගයක් එල්ල කළා.

දෙවන තරග වටයේ දී නොසිතූ ලෙස ඕස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. ඒ ලකුණු පුවරුව ලකුණු 30 සීමාවෙන් එපිටටත් රැගෙන යමින්. ඕස්ට්‍රේලියාවත් සමඟ කරට කර සටනක නිරත වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවාසනාවන්ත ලෙස දෙවන වටය පරාජය වුනේ ලකුණු 30-32ක් ලෙසයි. දෙවන වටයේ වාසනාව ශ්‍රී ලංකාව සතුව නොතිබීම කනගාටුවට කරුණක් වුනා.

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල තුරුම්පු

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය අද (13) ඉරානයේ ටෙහෙරාන් හිදී ආරම්භ වුනා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ…

තෙවැනි වටය යළිත් පහසුවෙන් ජය ගන්නට ඕස්ට්‍රේලියාව සමත් වුනා. ඒ ලකුණු 13-25ක් ලෙස තරග තමන් සතු කර ගනිමින්.

ශ්‍රී ලංකාව හෙට (15) කටාර් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබට රැගෙන එන්නට අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<