2020 ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා සඳහා පරිසාධන මට්ටම් නිකුත් කෙරේ

654

ලබන වසරේ ජපානයේ ටෝකියෝ අගනුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි වැඩි අවධානයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් සපුරාලිය යුතු පරිසාධන මට්ටම් සහ ඒ හා බැඳුණු ක්‍රියාපටිපාටිය මෙන්ම එම සුදුසුකම් සංතෘප්ත කළ යුතු නියමිත කාලසීමාවන් පිළිබඳ දැනුවත් කරමින් පසුගිය දිනක අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය (IAAF) විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

මේරියන් ජාතික වාර්තා හතරක් බිඳ දමද්දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

2019 ආසියා පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශූරතාවලිය ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර දී ආරම්භ වූ අතර පළමු…

ඒ අනුව ජවන සහ පිටිය ඉසව්වන් සඳහා තේරී පත්වීම වෙනුවෙන් ලබා දී ඇති අවම කාල ගණනයන් සහ මිණුම් ප්‍රමාණ අපේක්ෂා කළ මට්ටමට වඩා තරමක ඉහළ අගයන්වල පවතින බව බැලූ බැල්මට පෙනෙන නමුත් මෙම නව ක්‍රමය මඟින් ලොව පුරා විසිරී සිටින බොහෝ දක්ෂ මලල ක්‍රීඩකයින් හට සිය ඔලිම්පික් සිහිනය යථාර්ථයක් කරගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි IAAF බලාපොරොත්තු වේ.

මෙම වසරේ මැයි මස 1 වැනිදා සිට ලබන වසරේ ජුනි මස 29 වැනිදා දක්වා බලපැවැත්වෙන කාලසීමාව තුල දී ඉහත සඳහන් කළ සියලුම පරිසාධන මට්ටම් සම්පූර්ණ කරමින් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයින් සතු වන අතර ඩයමන්ඩ් ලීගය වැනි අන්තර්ජාතික තරගාවලීන් ඒ සඳහා හොඳ තෝතැන්නක් නිර්මාණය කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත් මැරතන් සහ කි.මි.50 තරග ඇවිදීම යන ඉසව් ද්විත්වය සඳහා ලබා දී ඇති අවසන් දිනය මැයි මස 31 වැනිදායින් නිමා කිරීමට බලධාරීන් එකඟතාවකට පැමිණ තිබෙන්නේ එම ඉසව් සඳහා නිසියාකාරව සූදානම් වීමට අනෙකුත් ඉසව්වන්ට සාපේක්ෂව වැඩි කාල ප්‍රමාණයක් අවශ්‍ය බැවින් එම වාසිය ක්‍රීඩකයින් හට ලබා දීමේ අරමුණෙනි.

2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සංචිතයක්

ආසියානු කලාපය තුළ වයස අවුරුදු 18ට අඩු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන 2019 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය මෙම මස…

මෙවර ක්‍රීඩකයින් තෝරාපත් කරගැනීමේ ක්‍රියාදාමය ද්විත්ව නිර්ණායක ක්‍රමයක් මත පදනම් කරගනිමින් සිදු කිරීමට IAAF තීරණය කර තිබෙන අතර ඒ අනුව පහත සඳහන් අවශ්‍යතා දෙයාකාරයෙන් එක් ආකාරයක් හෝ සම්පූර්ණ කර ඇත්නම් 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා දොරටු විවෘත කර ගැනීමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වේ.

  1. තම ඉසව්වට අදාළ පරිසාධන මට්ටම නියමිත කාලපරිච්ඡේදය තුල සපුරා අවසන් කිරීම.
  2. පරිසාධන මට්ටම සංතෘප්ත කිරීම සඳහා ලබා දී ඇති අවසන් දිනය වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළින්ම පසුවන ක්‍රීඩකයින් සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවී තිබේ.

මෙම නව ක්‍රමය මඟින් සෑම ඉසව්වක්ම සඳහාම සහභාගී වන ඉලක්කගත ක්‍රීඩක සංඛ්‍යාවෙන් 50%ක ප්‍රමාණයක් අන්තර්ජාතික වර්ගීකරණයන් සලකා බැලීමෙන් ද අනෙක් අර්ධය පරිසාධන මට්ටම් සලකා බැලීමෙන් තෝරාපත් කර ගනු ලැබේ.

මෙම වෙනස්කම් හඳුන්වා දීමට මත්තෙන් අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් තරගාවලි, ක්‍රීඩක සහ පුහුණුකරු යන කොමිෂන් සභාවන් සමඟ සාකච්ඡා පවත්වා නව ක්‍රමය පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමට කටයුතු කර ඇති අතරවාරයේ මලල ක්‍රීඩක කොමිසම ,මලල ක්‍රීඩක නියෝජිතයන්ගේ සහ ක්‍රීඩකයන්ගේ සම්මේලනයන් සමඟ සමීපව කටයුතු කරමින් මෙම ක්‍රියාවලිය හා සබැඳී කරුණු කාරණා නිවැරදිව පැහැදිලි කිරීම සඳහා මෙම වසර පුරාවට වැඩමුළු රැසක් සංවිධානය කර තිබේ.

පිරිමි ඉසව්ව කාන්තා
10.05 මීටර් 100 11.15.
20.24 මීටර් 200 22.80.
44.90 මීටර් 400 51.35.
1:45.20. මීටර් 800 1:59.50.
3:35.00 මීටර් 1500 4:04.20.
13:13.50 මීටර් 5000 15:10.00
27:28.00 මීටර් 10000 31:25.00.
13.32 මීටර් 110 කඩුලු පැනීම 12.84
48.90 මීටර් 400 කඩුලු පැනීම 55.40.
2.33 උස පැනීම 1.96
5.80 රිටි පැනීම 4.7
8.22 දුර පැනීම 6.82
17.14 තුන් පිම්ම 14.32
21.10 යගුලිය දැමීම 18.50
66.00 කවපෙත්ත විසිකිරීම 63.50
77.50 මිටිය විසිකිරීම 72.50
85.00 හෙල්ල විසිකිරීම 64.00
8350.00 දස ප්‍රයාම/ සප්ත ප්‍රයාම 6420
1:21.00 කි.මි 20 තරග ඇවිදීම 1:31.00.
3:50.00. කි.මි 50 තරග ඇවිදීම N/A
2:11.30. මැරතන් 2:29.30.

කෙසේ නමුත් මෙම නව  පරිසාධන මට්ටම් අභිබවා යමින් සිය දක්ෂතා ජාත්යන්තර තලයේ රඟ දැක්වීම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් හට දැනටමත් විශාල අභියෝගයක් වී ඇති බව අප හට පසක් වන්නේ බොහෝ ඉසව් සඳහා මේ වන විට පවතින ජාතික වාර්තාවන් අපේක්ෂිත ඔලිම්පික් පරිසාධන මට්ටම්වලට වඩා අඩු අගය පරාසයන්වල පවතින බැවිනි. නමුත් ක්‍රීඩා කෞශල්‍යයෙන් සහ හැකියා දක්ෂතාවලින් පරිපූර්ණ අපේ ක්‍රීඩකයින් හට ජාත්‍යන්තර තරගාවලි සඳහා තරග කිරීමට අවශ්‍ය වාතාවරණය සකසා දීම මඟින් ඔවුන්ගේ දක්ෂතා මුහුවත් කර ගැනීමට ඉඩප්‍රස්ථාව සලසා දීම අප බලධාරීන් සතු පරම වගකීමයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<