2020 ආසියානු කුසලානයේ සත්කාරක රට අනාවරණය කරයි

730

2020 දී පැවැත්වීමට නියමිත 15 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබා දීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති අතර තවත් තරග පවත්වන ස්ථානය පිළිබඳ එම පාර්ශවයන් විසින් අවසන් තීරණයකට පැමිණ නොමැත.

ලෝක කුසලාන තරගාවලියේත් නායකයා මාලිංගයි

2019 වසර ආරම්භයත් සමඟ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර හෙවත් එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පළපුරුදු…

පසුගිය දිනක ඩකා නුවර දී පැවති ආසියානු ක්‍රිකට් සම්මේලන සැසිවාරයක් අතරතුර දී මෙම තීරණය ගනු ලැබීය. ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති නස්මුල් හසන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තරගාවලිය සත්කාරකත්වය පාකිස්තානයට ලබා දීමට ඔවුන් තීරණය කළ බවත් තරග පවත්වන ස්ථානය පිළිබඳ තීරණය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සාකච්ඡා කොට තමන් හට දන්වනු ඇති බවත්ය.

2020 වසරේ සැප්තැම්බර් මස තරගාවලිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර එම වර්ෂයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙන් ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවන වරටත් තරගාවලිය විස්සයි විස්ස ආකෘතියෙන් දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

පාකිස්තානයේ පවතින ආරක්ෂක තත්වයන් සහ ඉන්දියාව සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් හි ප්‍රගතිය මත තරගාවලිය පාකිස්තානය තුල දී හෝ වෙනත් රටක පවත්වනවා ද යන්න තීරණය කරනු ඇත. ඒ අතරින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට වැඩි ඉඩ කඩක් ඇති බව බොහෝ ක්‍රිකට්  විචාරකයන් අනාවැකි පළකරන්නේ පසුගිය වසර 9ක කාලය මුළුල්ලේ පකිස්ථානය සත්කාරකත්වය දැරූ බොහෝමයක් තරග ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීම සහ නිමාව දුටු ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැරීම යන කරුණු දෙක පදනම් කොටගෙනය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුත් වෙනස් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන් (ජෝන්) ලුවිස් පත් කිරීමට වත්මන් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි…

ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජතාන්ත්‍රික වශයෙන් පවතින්නා වූ ගැටලු දෙරටේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ඍජුව බලපෑම් එල්ල කර ඇති බව නොරහසකි. එය මනාවට කියාපාන සාධකයක් නම් කණ්ඩායම් දෙක අතර අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියක් පවත්වා ඇත්තේ මීට වසර හයකට ඉහත දී ය.

පසුගිය වසර කිහිපය පුරාම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විවිධ අවස්ථාවන් හි තම රට කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාව තුලින් බිඳී ගිය විශ්වාසය යළි ගොඩනැගීමට නොයෙක් අයුරින් උත්සාහ දැරුවේය.

2009 වර්ෂයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටි අතර එහි පැවැත්වීමට තිබූ සංචාරයන් සියල්ලම පාහේ අවලංගු කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට සිදු විය.

සංගීත් – හෂාන් සහ චරිත් ශතක ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තරග අද (14) ආරම්භ වෙද්දී ම ශතක 3ක් වාර්තා විය. ඒ කෝල්ට්ස් ක්‍රිකට්…

කෙසේවුවද සිම්බාබ්වේ කණ්ඩායම 2015 වසරේදීත් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේදීත් මෙම වසරේ මුල් භාගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද දැඩි ආරක්ෂක රැකවල් මැද පාකිස්තානයේ තරග සංචාරවල නිරත වෙමින් යලි ජාත්‍යන්තර තරග අත්දැකීම් පාකිස්තාන ප්‍රේක්ෂකයින් හට ලබා දීමට පියවර ගැනීම පාකිස්තානය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව ධනාත්මක ඇසින් බැලීමට මහත් සේ ඉවහල් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<