සූර වීර Adrian, ලිවර්පූල් ශූරයින්ගේත් ශූරයා කරයි!

146
football

Chelsea කණ්ඩායම දඬුවම් පහර 5–4ක් ලෙස පරාජය කරමින් Liverpool කණ්ඩායම 2019 UEFA Super Cup අවසන් මහා තරගය ජය ගන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ ඉස්තාන්බුල් හිදීයි.  

Rashford හා Martial Chelsea බලාපොරොත්තුවලට හරස් වෙයි

2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු ………

UEFA ශූරයින්ගේ කුසලාන ලීග් තරගාවලියේ ශූරයින් හා UEFA යුරෝපා ලීග් ශූරයින් අතර සෑම වසරකම Super Cup අවසන් මහා තරගය පැවැත්වෙන අතර 2018/19 තරගවාරයේ දී Liverpool කණ්ඩායම ශූරයින්ගේ කුසලානයත්, Chelsea යුරෝපා ලීග් ශූරතාවයත් දිනා ගත්තේ යුරෝපයේ සියලු ගෞරව එංගලන්තයට රැගෙන යමින්. 

UEFA Super Cup අවසන් මහා තරගයේ දී නියමිත කාලය අවසානයේ ගෝල 2-2ක් ලෙස ලකුණු පුවරුව සමව තිබුණු අතර විනිසුරුවන්ට සිදු වූයේ දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීමටයි. 

දඬුවම් පහරවල දී Liverpool ප්‍රධාන ගෝල රකින්නා ඇලිසන් බෙකර් වෙනුවට ගෝල රැකීම සිදු කළ Adrian අලංකාර ලෙස Chelsea ක්‍රීඩක Abrahamගේ දඬුවම් පහර ව්‍යර්ථ කළේ සිව්වැනි Super Cup ශූරතාවයත් Liverpoolට හිමි කර දෙමින්.   

පළමු අර්ධයේ තරගයේ පෙරමුණ ගත්තේ Chelsea කණ්ඩායමයි. කෙසේ වෙතත් පළමු මිනිත්තු කිහිපය තුළ ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ Liverpool වෙනුවෙන් Maneගේ bicycle kick ආකාරයට ගෝලයක් රැස් කිරීමට කළ ප්‍රබල උත්සහයක් අවහිර වූ අතර Matip හිසෙන් කළ ප්‍රහාරයක් ද Chelsea ගෝල රකින්නා විසින් අවහිර කරන ලදි.     

22 වැනි මිනිත්තුවේ දී Pedroගේ පන්දු යොමු කිරීමක් Giroud විසින් දැල වෙත යොමු කළත්, එම ඉතා ආසන්න උත්සාහය ගෝල රාමුවේ වැදී ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි.  

Liverpool ගෝල රකින ක්‍රීඩක ඇලිසන් බෙකර් වෙනුවට පිටියට පිවිස සිටි Adrian, Chelsea ක්‍රීඩක Mateo Kovacicගේ ප්‍රබල උත්සහයක් ව්‍යර්ථ කළේ 30 වැනි මිනිත්තුවේ දී. කෙසේ වෙතත් Christian Pulisicගේ අලංකාර පන්දු යොමු කිරීමක් Giroud දක්ෂ ලෙස ගෝල රාමුව වෙත හරවා එල්ල කළ අතර එම ප්‍රහාරය නම් Adrian හට නැවැත්වීමට හැකි වුනේ නැහැ. 

Pulisic, Chelsea කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙගුණ කරන්නට තවත් ඉක්මන් ගෝලයක් වාර්තා කළත් විනිසුරු VAR තාක්ෂණය යොදාගෙන තහවුරු කළේ එම අවස්ථාව Off Side අවස්ථාවක් වූ බවයි.

පළමු අර්ධය: Chelsea 01 – 00 Liverpool

Oxlade-Chamberlain වෙනුවට සුපිරි බ්‍රසීල ක්‍රීඩක Roberto Firmino කණ්ඩායමට එක් කිරීමට Liverpool පුහුණුකරුවා තීරණය කළ අතර එම තීරණය නිවැරදි බව මිනිත්තු කිහිපයකින් පැහැදිලි වුනේ දෙවන අර්ධය ආරම්භයත් සමඟ Liverpool ප්‍රබල ආක්‍රමණ කිහිපයක් දියත් කළ බැවිනි.

Fabinho ගුවන් ගත කළ පන්දුව ඉදිරියට පැමිණෙමින් සිටි දැල් රකින ක්‍රීඩක Kepa පසු කරමින් Mane ගෝල රාමුව තුළට එල්ල කළේ තරගයේ ගෝල සම කරමින්.

Firmino දිගින් දිගටම Chelsea කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර Cesar Azpilicueta මඟහැර ඔහුගේ සගයා වූ Jordan Henderson වෙත යොමු කළ පන්දු යොමු කිරීමක් Henderson අපතේ යැව්වේ ගෝල රාමුවෙන් පිටතට ස්ථානගත කරමින්.

තරගය අවසන් වීමට මිනිත්තු 15ක් තිබිය දී Liverpoolට අනගි අවස්ථාවක් හිමි වුනත් එම අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැහැ. Henderson ලබා ගත් Corner අවස්ථාවක් සුපිරි ක්‍රීඩක Salahගේ දෙපතුළ අසලටම වැටුණු නමුත් ඔහුගේ ප්‍රබල ප්‍රහාරය ව්‍යර්ථ කර දමන්නට Tammy Abraham සමත් වුනා.

අවසන් මිනිත්තු කිහිපයේ දී Liverpool ක්‍රීඩක Van Dijk ප්‍රහාරයක් ගෝල රකින ක්‍රීඩක Kepa ගෝල රාමුවෙන් ඉවතට පා කර හැරි අතර Chelsea ක්‍රීඩක Mason Mount අවසන් මොහොතේ දී පන්දුව දැල් ගත කළත් විනිසුරු තීරණය කළේ එම අවස්ථාව Off Side අවස්ථාවක් බවයි.

හැරී කේන් ජාමේ බේරා ගද්දී ස්ටර්ලින්ග්ගෙන් ගෝල ත්‍රිත්වයක්

හැරී කේන් ජාමේ බේරා ගද්දී ස්ටර්ලින්ග්ගෙන් ………..

දෙවන අර්ධය: Chelsea 01 – 01 Liverpool

තරගය අතිරේක කාලය කරා ඇදී ගිය අතර තරගය ඉතා උණුසුම් කරන්නට කණ්ඩායම් දෙකම වාර්තා කළ ගෝල හේතු විය.

Firmino හා Mane අතර අනර්ඝ පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු Firmino සුපිරි හරස් පන්දු යොමු කිරීමක් Mane හට යොමු කළ අතර 95 වැනි මිනිත්තුවේ දී Mane පන්දුව රොකට්ටුවක වේගයෙන් දැල් ගත කළේ Liverpool කණ්ඩායමේ කුසලාන බලාපොරොත්තු ඉහළ දමමින්.

Liverpool පෙරමුණ මිනිත්තු තුනකට සීමා වේ යැයි ඔවුන් කිසි ලෙසකින් නොසිතන්නට ඇත. Adrian විසින් Chelsea ක්‍රීඩක Abraham බිම හෙළුවේ යැයි පවසමින් විනිසුරු Chelsea කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන්නේ Liverpool ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින්. Jorginho 101 වැනි මිනිත්තුවේ දී එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ තරගය දඬුවම් පහර කරාම රැගෙන යමින්.

Liverpool කණ්ඩායම පළමුව දඬුවම් පහර ලබාගත් අතර Firmino, Fabinho, Origi, Alexander-Arnold පළමු දඬුවම් පහර හතර සාර්ථක කර ගන්නා ලදි. Jorginho, Barkley, Emerson හා Mount ද Chelsea කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර හතර සාර්ථක කර ගත්තේ අවසන් අවස්ථාව සුපිරි ක්‍රීඩක Salahට හා Abrahamට ඉතිරි කරමින්. 

Salah පස්වැනි දඬුවම් පහර සාර්ථක කර ගත් අතර තීරණාත්මක දඬුවම් පහර ලබා ගත්තේ Abraham. Abrahamගේ ප්‍රහාරයට Liverpool ගෝල රකින ක්‍රීඩක Adrianගේ පාද හරස් වූ අතර සුපිරි වැළැක්වීමක් සමඟින් 2019 UEFA Super Cup කුසලානය Liverpool කණ්ඩායමට හිමි කර දෙන්නට ඔහු සමත් විය.

මේ Liverpool කණ්ඩායමක් Super Cup කුසලානයක් දිනා ගත් සිව්වැනි අවස්ථාවයි.

අවසන් ලකුණු තත්වය: Chelsea 02 (4) – 02 (5) Liverpool

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Chelsea – Giroud 36, Jorginho 101 (P)
  • Liverpool – Mané 48, 95

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<