17න් පහළ පළමුපෙළ තරගාවලියේ දෙවන වටයට පාසල් 32ක්

1998

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව විසින් සංවිධානය කරනු ලබන “2019 සිංගර් කුසලාන” වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කාණ්ඩ 14ක් යටතේ තරග වැදුණු පාසල් කණ්ඩායම් 74ක් අතරින් පාසල් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලබා ඇත.

වසර 4කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී පූර්ණ එක්දින තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන්……….

දෙවැනි වටයේ දී එම පාසල් කණ්ඩායම් 32 කාණ්ඩ 8ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ලබන අතර එහි දී එක් කණ්ඩායමකට තරග 3කට මුහුණ දීමට සිදුවේ. දෙවැනි වටය අවසානයේ දී ඒ ඒ කාණ්ඩයන්හි ශූරයින් සහ අනුශූරයින් වන පාසල් කණ්ඩායම් 16ක් අවසන් සුපිරි 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගනු ඇත. එම කණ්ඩායම් 16 එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වැදීමට නියමිතයි.

කොළඹ නාලන්දා විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, පසුගිය වසරේ අනුශූරතාව දිනා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය,  කොළඹ රාජකීය විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කළුතර විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මීගමුව සාන්ත පීතර විද්‍යාලය පළමු වටයේ දී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථානය දිනා ගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

වසර 4කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී පූර්ණ එක්දින තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා……..

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් යන විද්‍යාල තරගාවලියේ පළමු වටයේ දී ඒ ඒ කාණ්ඩයන්හි ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

කඳාන ද මැසිනෝද් විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා පසුගිය වසරේ ශූරයින් ලෙස කිරුළු පැලඳූ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ හොඳම ඒ ඒ කාණ්ඩවල තෙවැනි කණ්ඩායම් ලෙසිනි.

තරගාවලියේ දෙවැනි වටයේ තරග 2019 අගෝස්තු මස 16 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.

දෙවන වටයේ තරග වදින කණ්ඩායම් මෙසේයි. 

‘Q’ කාණ්ඩය – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය

‘R’ කාණ්ඩය – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, කළුතර විද්‍යාලය

‘S’ කාණ්ඩය – කඳාන ද මැසිනෝද් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, මීගමුව සාන්ත පීතර විද්‍යාලය

‘T’ කාණ්ඩය – කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය

‘U’ කාණ්ඩය – කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

‘V’ කාණ්ඩය – කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

‘W’ කාණ්ඩය – කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

‘X’ කාණ්ඩය – කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය 

තරගාවලියේ උණුසුම් තතු, තරග සේයා රූ, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<