2019 පාසල් රග්බි ලීගය මාර්තුවේ

502
All-Island-Schools-Rugby-Sevens

2019 වසර සඳහා වන පාසල් රග්බි තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් අද (26) මාධ්‍ය වෙත නිකුත් කළේය.

මිල්ලේ සොයා සුද්දාගේ රටට ගොස් සුද්දන් සමඟ ඔට්ටු වෙන ශ්‍රී ලාංකිකයා

උපන් දේශය හැරදා විදේශ ගත වන බොහෝ දෙනාගෙන් වැඩි පිරිසක් තමා උපන් රට

සැලසුම් කළ අයුරින් පාසල් ලීග් රග්බි තරගාවලිය එළඹෙන වසරේ මාර්තු පළමු වැනිදායින් ආරම්භ වන අතර මැයි 12 වැනිදා දක්වා ප්‍රධාන ලීගය පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හා සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වීමට නියමිතයි. සමස්ත තරග වාරයම ජූලි මාසයේ අග භාගය වන විට අවසන් වීමට නියමිත අතර ඉන්පසු ආසියානු වයස අවුරුදු 20න් පහළ රග්බි තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

සංවර්ධන ක්‍රියාදාම හා රට පුරා රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කරවිමේ වැඩපිළිවෙළක් පවා මෙවර දින දර්ශනයේ ඇතුලත්ව ඇති අතර කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් වෙනුවෙන් ද තම දක්ෂතා වර්ධනය කර ගනු පිණිස වැඩසටහන් සම්පාදනය කර ඇත.

පාසල් රග්බි දින දර්ශනය  2019;

ඉසව්ව දිනය
ක්‍රීඩාවේ නීතිරීති සම්බන්ධව වැඩසටහන පෙබ 9  
වයස 12න් පහළ – රග්බි සැණකෙළිය (පළාත් මට්ටම) පෙබ 16& 17
වයස 14න් පහළ සමස්ත ලංකා කාණ්ඩය 1 හා 2   පෙබ 23 & 24
වයස 19න් පහළ හා 16න් පහළ  සිංගර් පාසල් රග්බි තරගාවලිය   මාර්තු 1 – 12දක්වා  
කාන්තා රග්බි තරගාවලිය මැයි 17 & 18
වයස 19න් පහළ පිලිමළුන් පිටුදැකීමේ තරගාවලිය මැයි 19– ජූනි 2
වයස 19න් පහළ සමස්ත ලංකා සත් සාමාජික තරගාවලිය කාණ්ඩ 1&2 ජූනි 15& 16
වයස 19න් පහළ ලීග් සම්මාන ප්‍රදානෝත්සවය ජූනි 20
වයස 16න් පහළ කාණ්ඩ 1 හා 2 ජූනි 22 & 23
වයස 18න් පහළ සමස්ත ලංකා පාසල්  කාණ්ඩ 1 හා 2 ජූනි 29 & 30
වයස 19න් පහළ පළාත් තරගාවලිය ජූලි 5
රග්බි ප්‍රවර්ධන වැඩසටහන  වයස 11-14 අගෝස්තු 9 & 10
ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය- පිරිමි TBC
ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය- කාන්තා TBC
රග්බි ප්‍රවර්ධන වැඩසටහන  වයස 11-14 සැප්තැම්බර් 15 & 16
පුහුණුකරුවන් වෙත සායනය ඔක්තෝබර් 13 & 14
ආසියානු වයස අවුරදු 18න් පහළ – කාන්තා   TBC
තහනම් උත්තේජක නියාමන වැඩසටහන-ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන්   නොවැම්බර් 10
ආසියානු වයස අවුරදු 18න් පහළ – පිරිමි TBC
ආසියානු වයස අවුරදු 19න් පහළ තරගාවලිය    TBC
පරිමාණ ප්‍රවර්ධන වැඩසටහන දෙසැම්බර් 21

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<