පෙරළිකාර තායිලන්තය පරදා බංගලි ක්‍රීඩිකාවෝ තරගාවලි ජය ලබති!

105
zeenews.india.com

ලබන වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය අද (07) නිමාවට පත්වූයේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.

අවසන් තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වැළඳ ගත්තේ ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද තරගාවලිය පුරාවට පෙරළිකාර දස්කම් දක්වන්නට සමත්කම් දැක්වූ තායිලන්ත කාන්තා කණ්ඩායමයි. කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකටම විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා තරග වැදීමේ මහඟු අවස්ථාව හිමි වනු ඇත.

ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යොවුන් ආසියානු කුසලානය ආසන්නයට

අටවැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (7) කොළඹ දී පැවැත්වුණු අතර එහි දී ඉන්දීය

අද අවසන් මහා තරගයේ ජය මෙන්ම කාසියේ වාසිය ද දිනා ගැනීමට සමත් වූයේ බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ අනුව ස්කොට්ලන්තයේ ෆෝර්තිල් පිටියේ දී මුලින් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායිකා සල්මා කාතුන් තීරණය කළාය. ඊට ප්‍රතිචාර ලෙස තායිලන්ත නායිකා සෝනරින් තිපොච් කියා සිටියේ තමන් කෙසේ හෝ බංග්ලාදේශ පිළ ලකුණු 100කට අඩුවෙන් තබා ගැනීමට වෑයම් කරන බවයි.

කෙසේ වෙතත් අද බංග්ලාදේශ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනාම ඇයගේ බලාපොරොත්තුවලට වැට කඩුලු බැඳීමට සමත් වූහ. ඒ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක වේගවත් සබඳතාවයක් ගොඩ නගමිනි. එහි දී ඉතාමත් සැහැල්ලුවෙන් මනරම් ඉනිමක් ගොඩ නැගූ සන්ජිදා ඉස්ලාම් අද නොදැවී ලකුණු 71ක් රැස් කළේ පන්දු 60කට පමණක් මුහුණ දෙමිනි. තායිලන්ත පන්දු යවන්නියන්ගේ දුර්වල පන්දු වලින් උපරිම ඵල නෙලාගත් ඇය හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් තම ඉනිම වර්ණ ගැන්වූවාය.

ඇය සමඟ ආරම්භය ශක්තිමත් කළ මුර්ශිදා කාතුන් අද දැවී ගියේ ලකුණු 33ක් ලබා සිටිය දීයි. ඒ සඳහා පන්දු 34කට මුහුණ දුන් ඇය එහි දී හතරේ පහර 4ක් එල්ල කළාය. ඒ අනුව වරෙක බංග්ලාදේශ ලකුණු පුවරුව පන්දුවාර 10ක් අවසානයේ දැක්වුණේ ලකුණු 68කට එක් කඩුල්ලක් ලෙසයි.

නමුත් මෙම පිතිකාරිනියන් දෙදෙනා හැරුණු විට අන් කිසිදු බංග්ලාදේශ ක්‍රීඩිකාවක් අද ඉලක්කම් දෙකේ ලකුණක් හෝ රැස් කිරීමට අසමත් වීම නිසා ඔවුන්ට කඩුලු 5කට ලකුණු 130ක් රැස් කිරීමෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

නායකත්වය අභියෝගයට ලක් කළ සිම්බාබ්වේ ක්‍රීඩකයා තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මේ මස 13 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත

ඒ අනුව මෙම තරගාවලිය ජය ගැනීම සඳහා තායිලන්ත පිළට හිමි වූයේ ලකුණු 131ක ඉලක්කයකි. නමුත් ඉනිම ආරම්භයේ දී ම ඔවුන්ගේ මුල්පෙළ කඩා වැටුණු නිසා එම සුබවාදී බලාපොරොත්තු උපන් ගෙයිම මියැදෙන්නට හරිනු විනා තායිලන්ත පිළට වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත. අද තායිලන්ත පිතිකාරිනියන්ගෙන් කිසිදු සටන්කාමීත්වයක් ප්‍රකට නොවූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූයේ අංක 9 ක්‍රීඩිකාව ලෙස පිටියට පිවිසි රතනපන් පදුන්ග්ලෙඩ් පමණි. ඇය එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් රැස්කර ගත්තේය.

ඒ හැරෙන්නට මෙම තරගාවලියේ අවසන් මහා තරගය දක්වා තායිලන්තය කැඳවා ගෙන ආ කණ්ඩායම් නායිකාවට හෝ අනෙක් කිසිදු මුල්පෙළ පිතිකාරිනියකට අද සාර්ථක වන්නට හැකි වූයේ නැත. බොහෝ අවස්ථාවල දී තනි ලකුණ හෝ දෙක බැගින් රැස් කිරීම විනා විස්සයි විස්ස තරගයකට උචිත ප්‍රහාරයක් එල්ල කිරීමට තායිලන්ත පිළට නොහැකි වීම නිසා අවසානයේ ඉනිම නිමා වූයේ කඩුලු 7කට ලකුණු 60ක් ලෙසයි. ඒ අනුව ලකුණු 70ක පහසු සහ විශිෂ්ට ජයක් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට හිමි විය.

තරගයේ වීරවරිය ලෙස ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ දකුණත් ආරම්භක පිතිකාරිණී සන්ජිදා ඉස්ලාම් සම්මාන දිනා ගත්තාය. තරගාවලියේ වීරවරිය බවට පත්වූයේ තායිලන්ත පිළට ලෝක කුසලාන වරම් දිනා ගැනීම වෙනුවෙන් වැඩිම මෙහෙවරක් ඉටු කළ චානිදා සුත්තිරනුයි.

“මම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා කිවව්ම හැමෝම හිනා වුනා” – සංගා

ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයෙන් පිදුම් ලත් ලෝක පූජිත ක්‍රීඩක කුමාර් සංගක්කාර

අවසන් මහා තරගය පරාජයට පත් වුවද මෙම තරගාවලියේ නැගී එන කාන්තා කණ්ඩායම් 7ක් සමඟ ගැටී අයර්ලන්තය සහ සත්කාරක ස්කොට්ලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් පරයමින් ලෝක කුසලාන වරම් දිනා ගැනීමට සමත් වීමම තායිලන්ත කාන්තා පිළ ලබා ගත් විශාල ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

ඒ අනුව අද තරගය අවසානයේ තරග වැදුණු කණ්ඩායම් දෙකම ජයග්‍රාහකයින් ලෙස හැඳින්වීම ද වරදක් නොවනු ඇත. ඒ මෙම කණ්ඩායම් දෙකම ලබන වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ භාග්‍යය හිමි කර ගත් බැවිනි.

බංග්ලාදේශ කාන්තා පිළ – කඩුලු 5ක් දැවී ලකුණු 130 (පන්දුවාර 20): සන්ජිදා ඉස්ලාම් 71*, මුර්ෂිදා කාතුන් 33, නිගාර් සුල්තානා 8, නාට්ටායා බුච්චතම් 2/31, සුලීපන් ලඕමි 1/13.

තායිලන්ත කාන්තා පිළ – සියල්ලන්ම දැවී ලකුණු 60 (පන්දුවාර 20): රතනපන් පදුන්ග්ලෙඩ් 15*, වොන්පාකා ලින්ප්‍රසාට් 11, ශයිලා ශර්මින් 2/9, නාහිදා අක්තාර් 2/17.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<