බ්‍රසීලය ඉන්කාවරුන්ගේ සිහින බිඳ දමයි

1933

2019 කෝපා ඇමරිකා තරගාවලියට සුපිරි අවසානයක් සනිටුහන් කරමින් බ්‍රසීල පාපන්දු කණ්ඩායම විසින් පේරු පාපන්දු කණ්ඩායම ගෝල 3–1ක් ලෙස පරදවා 2019 කෝපා ඇමරිකා ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ගැටුම් රැසක් මැද ආර්ජන්ටිනාව චිලී පරාජය කරයි

ආර්ජන්ටිනාවට එල්ල වී තිබෙන විනිසුරුවරුන්ගේ………

පෙරළි රැසක් සිදු වූ මේ තරගයේ දී බ්‍රසීල සුපිරි ක්‍රීඩක ගේබ්‍රියෙල් ජේසුස් රතු කාඩ්පතක් ලබා ඉවත් වූ අතර එවර්ටන් බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා  කළේ “Tite”ගේ බ්‍රසීල කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබා දෙමින්. 

පේරු දඬුවම් පහරකින් ලකුණු රැස් කළ අතර ගෙබ්‍රියෙල් ජේසුස් පළමු අර්ධයට පෙර ගෝලයක් ද වාර්තා කළ සිය දෙවන කහ කාඩ්පත ද ලබා පිටියෙන් ඉවත් විය. 90 වැනි මිනිත්තුවේ දී Richarlisonගේ අලංකාර දඬුවම් පහරත් සමඟ 2007 වසරට පසු පළමු වතාවට බ්‍රසීල කණ්ඩායම කෝපා ඇමරිකා තරගාවලිය ජය ගැනීම විශේෂත්වයක්.

තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ බ්‍රසීලයේ Dani Alves මේ තරගයේ දී ද ක්‍රියාත්මක වූ අතර ඔහුගේ දිගු දුර පන්දු යොමු කිරීම ලබා ගත් ගේබ්‍රියෙල් ජේසුස් පන්දුව දක්ෂ ලෙස එවර්ටන් වෙත යොමු කරන ලදි. එවර්ටන්ව ආවරණය කිරීමට කිසිදු පේරු ක්‍රීඩකයෙකු නොසිටි අතර ඔහු පහසුවෙන් පේරු ගෝල රකින Pedro Gallese පසු කර පන්දුව දැල වෙත යොමු කරන්නට සමත් විය.  

බ්‍රසීලයට වාසනාවන්ත මරකානා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට බ්‍රසීලයට ඉඩ ලැබුණේ පළමු ගෝලයට මිනිත්තු කිහිපයකට පසුවයි. අලංකාර පන්දු යොමු කිරීම් කිහිපයකට පසුව රොබර්ටෝ ෆර්මිනියෝ අලංකාර ලෙස පන්දුව කුටිනියෝ වෙත යොමු කළ අතර කුටිනියෝගේ ප්‍රහාරය ගෝල රාමුව පසු කරමින් ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි. 

පේරු සැලසුම් සහගත ප්‍රහාරවලින් බ්‍රසීල ගෝලය ආක්‍රමණය කළත් වාසනාව ඔවුන් සතුව තිබුණේ නැත. කෙසේ වෙතත් පේරු මැදපෙළ ක්‍රීඩක Christian Cuevaගේ ප්‍රහාරයක් දඬුවම් පහර චතුරශ්‍රයේ දී තියාගෝ සිල්වාගේ අතෙහි ගැටුණේ VAR විමසුමකට පසුව පේරු කණ්ඩායමට දඬුවම් පහරක් හිමි කර දෙමින්. විනිසුරු රොබර්ටෝ ටෝබාර් දඬුවම් පහර ලබා දුන් අතර ප්‍රවීණ පේරු ක්‍රීඩක Paolo Guerrero එම අවස්ථාව ලබා ගත් අතර පේරු කණ්ඩායම නැවත තරගයට රැගෙන එමින් ඔහු අලංකාර ලෙස ලකුණු රැස් කිරීමට සමත් විය.  

ආර්ජන්ටිනා බ්‍රසීල සුපිරි ගැටුමෙන් ආර්ජන්ටිනාවට අසාධ්‍යයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ පළමු ………

රොබර්ටෝ ෆර්මිනියෝ පිටියේ ලිස්සා ගොස් අලංකාර ලෙස පන්දුව පේරු කණ්ඩායමෙන් උදුරා ගත් අතර පන්දුව ආතර් වෙත යොමු කළේ දක්ෂ පන්දු යොමු කිරීමකින්. ආතර් ක්ෂණිකව පන්දුව ගේබ්‍රියෙල් ජේසුස් වෙත යොමු කළ අතර ජේසුස් නිසි ලෙස ස්ථානගත වී දක්ෂ ලෙස පන්දුව ගෝල රාමුවේ පහළ කෙළවරින් ඇතුළට ගිල්වූයේ දෙවන බ්‍රසීල ගෝලයත් වාර්තා කරමින්.

පළමු අර්ධය: බ්‍රසීලය 02 – 01 පේරු

දෙවන අර්ධයේ දී ද ආරම්භයේ පටන් බ්‍රසීලය පේරු වෙත පීඩනයේ යෙදුවේ දිගින් දිගටම ආක්‍රමණයේ යෙදෙමින්. සුපිරි ක්‍රීඩක නේමාර් වෙනුවට කණ්ඩායමේ තරග සකසන්නා ලෙස තරගය පාලනය කරන පිලිපේ කුටිනියෝ ගෝල රාමුවේ ඉහළ කෙළවර වෙත අලංකාර ප්‍රහාරයක් එල්ල කළත් පන්දුව ඇදුණේ ගෝල රාමුවෙන් ඉවතටයි.

විනිසුරු රොබර්ටෝ ටෝබාර් ඉතා වැදගත් තීරණයක් ගත්තේ Carlos Zambrano බිම හෙලීම නිසා ගේබ්‍රියෙල් ජේසුස්ට දෙවන කහ කාඩ් පතත් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟයි. ඒ අනුව බ්‍රසීලය ක්‍රීඩකයින් 10 දෙනෙකුට සීමා වූ අතර තරගය අවසන් වීමට තවත් ඉතිරිව තිබුණේ මිනිත්තු 10ක් පමණයි. එම වාසියෙන් ජීවයක් ලැබූ පේරු කණ්ඩායම ඉතා ඉක්මනින් ආසන්න අවස්ථා දෙකක් ගොඩ නගන්නට සමත් විය. 

පේරු පසුපෙළ ක්‍රීඩක Miguel Trauco එල්ල කළ ප්‍රහාරය බ්‍රසීල ගෝල රකින ක්‍රීඩක ඇලිසන් බෙකර් පහසුවෙන් රැක ගනිද්දී, කෝනර් අවස්ථාවකින් දෙපතුල අසලට වැටුණු පන්දුව Edison Flores ගෝල රාමුවෙන් ඉවතට යොමු කළේ සිය සමබරතාවය ගිලිහි යාමෙන්. බ්‍රසීල කණ්ඩායම එම මිනිත්තු 20 පුරා ඉතා භයානක ආක්‍රමණවලට මුහුණ දුන් අතර පුහුණුකරු Tite, Eder Militao හා Richarlinson කණ්ඩායමට එකතු කළේ ලකුණු පුවරුවට අතිරේක ආරක්ෂාවක් ලබා දීමේ අරමුණින්.

වත්මන් ශූරයින්ට පේරු දෑතින් ලැජ්ජා සහගත පරාජයක්

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ………

අවසන් මිනිත්තුවේ ද තරගයේ තරගකාරී බව අඩු නොවූ අතර Zambrano විසින් එවර්න්ටන්ව තල්ලු කර බිම හෙලීම නිසා VAR පිහිටෙන් බ්‍රසීලයට දඬුවම් පහරක් හිමි වූයේ තරගයේ ජයග්‍රහණය ස්ථිර කර ගන්නටයි. Richarlison එම අවස්ථාව ලබා ගත් අතර ඉතා සන්සුන්ව පන්දුව ගෝල රාමුව තුළට යැව්වේ බ්‍රසීලයට සිය 9 වැනි කෝපා ඇමරිකා ශූරතාවය දිනා දෙමින්.

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 03 – 01 පේරු

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • බ්‍රසීලය – එවර්ටන් (15), ජේසුස් (45+3), Richarlison (90 PEN) 
  • පේරු – Paolo Guerrero (44)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<