කටාර් හා උරුගුවේ සුපිරි දස්කම් අතරට

315

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තෙවැනි දිනය අද (17) නිමා වූයේ ඉතා උණුසුම් තරග ද්විත්වයක් සමඟයි. පැරගුවේ කණ්ඩායම හඹා ගිය කටාර් කණ්ඩායම ගෝල 2-2ක් ලෙස තරගය සම කරන්නට සමත් වූ අතර උරුගුවේ හමුවේ ඉක්වදෝර් කණ්ඩායමට සිදු වූයේ දරුණු පරාජයකට ලක් වීමටයි.

කෝපා ඇමරිකා තරගාවලිය අරඹමින් බ්‍රසීලයට සුපිරි ජයක්

ජාත්‍යන්තර පාපන්දු කරළිය නැවතත් උණුසුම් කරමින් 2019 Copa América පාපන්දු තරගාවලිය අද (15) ..

කටාර් හා පැරගුවේ

ගෝල 2-0ක් ලෙස පසුපසින් හිඳිමින් සුපිරි හඹා ඒමක නිරත වූ කටාර් රාජ්‍යය සිය මංගල කෝපා ඇමරිකා තරගය අමතක නොවන තරගයක් බවට පත් කරගන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ රියෝ ඩි ජැනයිරෝ හිදී.  

කටාර් කණ්ඩායමේ ආරම්භය නම් එතරම් සාර්ථක වූයේ නැහැ. ඔවුන් පළමු මිනිත්තුවේ දී ම ප්‍රතිවාදීන්ට දඬුවම් පහරක් ලබා දුන් අතර ඒ Bruno Valdezගේ හිසෙන් පන්දු යොමු කිරීමක් පෙඩ්රෝ මිගෙල් සිය දෑතින් නැවැත්වීමට කළ උත්සහයක් නිසාවෙනි.

තරගයේ සිව්වැනි මිනිත්තුවේම තරගයේ පාලනය සියතට ගන්නට ඔස්කාර් කරඩෝසෝගේ දඬුවම් පහරින් පැරගුවේ කණ්ඩායමට හැකි වුනා. ඔස්කාර් 2007 වසරේ සිට කෝපා ඇමරිකා තරගාවලියකට ක්‍රීඩා නොකර තිබීම විශේෂත්වයක්.

කටාර් කණ්ඩායමට 16 වැනි මිනිත්තුවේ දී ඉතා හොඳ අවස්ථාවක් හිමි වුනා. Hassan Al Haydos කිසිවෙකුගේ බාධාවකින් තොරව ගෝල රාමුව ඉදිරියටම පැමිණීමට සමත් වූ නමුත් ඔහුට Abdelkarim Hassanගේ හරස් පන්දු යොමු කිරීම නිසි ලෙස ඉලක්කගත කරන්නට නොහැකි වුනා.  

පළමු අර්ධයට මොහොතකට පෙර Almoez Aliගේ ප්‍රහාරයක් රොබර්ටෝ ෆර්නැන්ඩේස් ව්‍යර්ථ කර දැමූ අතර පැරගුවේ ක්‍රීඩක කොර්ඩෝසා සිය දෙවන ගෝලයත් වාර්තා කළත් එම ගෝලය VAR යොදා ගනිමින් නිෂ්ප්‍රභා කරන්නට විනිසුරු තීරණය කළා.

පළමු අර්ධය: කටාර් 00 – 01 පැරගුවේ

පනස්වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයට පසු තරගයේ තරමක නිහැඬියාවක් තිබුනත් 56 වැනි මිනිත්තුවේ දී Derlis Gonzalez පැරගුවේ වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කළේ ගෝල රකින්නාට සිතා ගැනීමට වත් ඉඩක් නොතබමින්.

නමුත් ආරාධිතයින් ලෙස මෙම තරගාවලියට එක්වන කටාර් කණ්ඩායම මේ වසරේ මුලදී සිය මංගල ආසියානු කුසලානය ද ජයග්‍රහණය කළ අතර ඔවුන් දිගින් දිගටම පැරගුවේ අර්ධය ආක්‍රමණ දියත් කළේ තරගය අත් නොහරිමින්. කටාර් සුපිරි ක්‍රීඩක Almoez Ali 68 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහර චතුරශ්‍රය පිටත සිට එල්ල කළ අලංකාර ප්‍රහාරයකින් ගෝලයක් රැස් කළේ කටාර් කණ්ඩායම ප්‍රමාද වී හෝ තරගයට රැගෙන එමින්.  

Khoukhi කටාර් රාජ්‍යය වෙනුවෙන් 77 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අතර ඔහු දක්ෂ ලෙස ගෝල රකින ක්‍රීඩක රොබර්ටෝ ෆර්නැන්ඩේස් පසුකරමින් පන්දුව දැල වෙත යොමු කරන්නට සමත් විය.

රෝජාස් ගෝල රකින්නට පිටුපසින් ගොස් පන්දුව නතර කිරීමට උත්සහ කළත් ඔහුට එම අවස්ථාව ව්‍යර්ථ කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. රෝජාස් ගේ හිසේ පන්දුව වැදී දැල තුළට ගියේ පැරගුවේ කණ්ඩායමේ අතැඟිලි අතර තිබුණු ජයක් ඔවුන්ගෙන් ගිලිහි යමින්.

අවසන් ලකුණු තත්වය: කටාර් 02 – 02 පැරගුවේ

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • පැරගුවේ – කොර්ඩෝසෝ (5) Pen, Derlis Gonzalez 56′
  • කටාර් – Almoez Ali 68′ Khoukhi 77′

මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනාවට නැවතත් නොසිතූ පරාජයක්!

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දෙවන දිනය අද (16) බ්‍රසීලයේ දී පැවැත්වුණු අතර දිනයේ…

උරුගුවේ හා ඉක්වදෝරය

උරුගුවේ හා ඉක්වදෝරය අතර තරගය එතරම් උණුසුම් තරගයක් වූයේ නැහැ. තරගයේ සියලු වාසි තමන් සතුකරගත් උරුගුවේ කණ්ඩායම තරගය ජයගත්තේ ගෝල 4-0ක් ලෙසයි.

තරගයේ පළමු මිනිත්තුවේ දී ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට ඉක්වදෝරය සමත් වුනත් ඔවුන් එහි අවසානය සාර්ථක කර ගත්තේ නැහැ.

Nicolas Lodeiro උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් සයවැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළ අතර ඉක්වදෝර කණ්ඩායම ප්‍රබලතම අවාසිය වූයේ ඊට මිනිත්තු කිහිපයකට පසු Quintero රතු කාඩ්පතක් ලබා කණ්ඩායමෙන් ඉවත් වීමයි. සුවාරෙස්ගේ පන්දු යොමු කිරීමක් Lodeiro දක්ෂ ලෙස ගෝල රාමුවේ පහළ කෙළවරින් දැල් ගත කරන්නට සමත් වුනේ තරගයේ පෙරමුණ ලබා ගනිමින්.  

ඒ සමඟම උරුගුවේ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ අතර සුපිරි උරුගුවේ ප්‍රහාරකයින් වන කවානි හා ලුවිස් සුවාරෙස් පළමු අර්ධයේ දී ගෝල රැස් කළේ උරුගුවේ ජය පළමු අර්ධයේ දී ම ස්ථිර කරමින්.

කවානිගේ ප්‍රහාරයන් දෙකක් ඉක්වදෝර ගෝල රකින්නා ව්‍යර්ථ කරන්නට සමත් වුනත් ඔහුගේ තෙවැනි උත්සාහය සාර්ථක වූයේ කවානිට ඔහුගේ ප්‍රථම කෝපා ඇමරිකා ගෝලය හිමි කර දෙමින්.

දෙවන අර්ධයේ දී ඉක්වදෝරය කබලෙන් ලිපට වැටුණු අතර Arturo Mina, own goal අවස්ථාවක් මගින් උරුගුවේ කණ්ඩායමට ගෝලයක් පූජා කළේ සිය කණ්ඩායම තවත් අසරණ කරමින්.  

අවසන් ලකුණු තත්වය: උරුගුවේ 04 – 00 ඉක්වදෝරය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • උරුගුවේ – Nicolas Lodeiro (6′), එඩින්සන් කවානි (33′), ලුවිස් සුවාරෙස් (44′), Arturo Mina (78 OG)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<