කවානිගේ ගෝලයෙන් වත්මන් ශූරයන් පරාජය වේ

472

2019 කෝපා ඇමරිකා තරගාවලියේ කාණ්ඩ තරග අද (25) අවසන් විය. ඊයේ පැවති තරග දෙක අතරින් උරුගුවේ හා චිලී අතර තරගයේ දී 2015 කෝපා ඇමරිකා ශූරයන් වූ උරුගුවේ කණ්ඩායම ජයග්‍රහණය කළේ ගෝල 1-0ක් ලෙසිනි. තරගය Maracanã හිදී පැවැත්විය. ජයග්‍රාහී ගෝලය Edinson Cavani විසින් වාර්තා කිරීමට සමත් වූ අතර චිලී කණ්ඩායමේ Arturo Vidal මෙම තරගයට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි.

ආර්ජන්ටිනාව යාන්තමින් අවසන් 8 දෙනා අතරට

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ කාණ්ඩ අදියරේ අවසන් දින කිහිපයයි මේ ගතවන්නේ. අද (24)…

චිලී කණ්ඩායම තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත්තේ ප්‍රබල ආරක්ෂක උපක්‍රම භාවිතා කරමිනි. ඔවුන් පසුපෙළ ක්‍රීඩකයන් තිදෙනෙක් යොදා ගනිමින් Cavani හා Suárez තනිකරමින් දක්ෂ ක්‍රීඩා රටාවක නිරත විය. උරුගුවේ කණ්ඩායමේ දස්කම් දක්වන ක්‍රීඩකයන් කීපදෙනෙකුම ඉලක්ක කර තිබුණු ආකාරයක් දක්නට ලැබුණි. උරුගුවේ කණ්ඩායමේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට චිලී කණ්ඩායම සමත් වන්නේ උරුගුවේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් වෙත ප්‍රබල පීඩනයක් යොමු කරමිනි. 

නමුත් පළමු අර්ධයේ මිනිත්තු කීපයක් ගතවත්ම උරුගුවේ පසුපෙළ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණ Suárez හා Cavani හට පන්දුව යොමු කරමින් ආක්‍රමණයක් දියත් කරන ලදි. එමඟින් අවස්ථාවන් කීපයක්ම ලබා ගැනීමට උරුගුවේ සමත් විය. 

Corner අවස්ථා මගින් ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථාවන් දෙකක් Godín හා Cáceresට අහිමි විය. පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට නොහැකි වුවද ප්‍රබල ලෙස සටන් කරන ආකාරයක් දක්නට ලැබුණි. දෙවන අර්ධය තවත් තරගකාරී වන බවට ඉඟි පළකරමින් පළමු අර්ධය අවසන් විය.

පළමු අර්ධය: උරුගුවේ 00 – 00 චිලී 

දෙවන අර්ධය ආරම්භයේ දී චිලී කණ්ඩායම තම සැලසුම් අකුරටම ක්‍රියාත්මක කළ අතර වැඩි කාලයක් පන්දුව තමන් සතුකර ගනිමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. 

උරුගුවේ කණ්ඩායම විශාල පහරවල් වලට යොමු කරමින් පන්දුව තමන් සතුකර ගැනීමට චිලී කණ්ඩායම සමත් විය. දෙවන අර්ධයේ දී ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල අවස්ථාවක් චිලී කණ්ඩායමට හිමි වූයේ Marcelo Díazගේ header පහරක් මඟිනි. නමුත් එම උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කිරීමට Giménez සමත් විය. 

තරගයේ අවසන් මිනිත්තු 15 වන විට උරුගුවේ ප්‍රහාරාත්මක බව තරමක් අඩුවී තිබූ අතර ඔවුන්ට ලැබුණු අවස්ථාවන් ද අඩු විය. චිලී කණ්ඩායම මේ වන විට ප්‍රබල ආක්‍රමණයක යෙදී සිටි අතර තරගය තමන් සතුකර ගැනීමට ඔවුන් සමත්ව සිටියහ. 

මිනිත්තු කීපයක්ම පන්දුව තමන් සතුකරගෙන සිටි චිලී කණ්ඩායම වෙතින් පන්දුව උදුරා ගත් උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් Rodríguez ලබා දුන් පන්දු පිරිනැමීමක් සාර්ථකව ගෝලයක් බවට පත්කිරීමට Cavani සමත් වූයේ චිලී බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි.

ආර්ජන්ටිනාව යාන්තමින් අවසන් 8 දෙනා අතරට

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ……

ගෝලයක් ලබාගෙන තරගය සමකිරීමට චිලී කණ්ඩායමට හිමි වූ කාලය සීමා සහිත විය. එහි දී ඔවුන් දිගු පහරවල් කීපයක් යොදා ගනිමින් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කරන ලදි. නමුත් Godín හා Giménez එම සියලු උත්සාහයන් වැළැක්වීමට සමත් විය. 

ඒ අනුව තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට උරුගුවේ කණ්ඩායම සමත් විය. ඒ අනුව කෝපා ඇමරිකා තරගාවලියේ C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට උරුගුවේ කණ්ඩායමට හැකි විය. 

ඒ අනුව ඔවුන් මීළඟ තරගය සඳහා පේරු කණ්ඩායම සමඟින් තරග වදිනු ඇත. චිලී කණ්ඩායම මීළඟ තරගය සඳහා කොලොම්බියා කණ්ඩායම සමඟින් තරග වදිනු ඇත. එම තරගයට නම් Arturo Vidalව යොදා ගනු ඇත.

දෙවන අර්ධය: උරුගුවේ 01 – 00 චිලී 

ගෝල ලබා ගැනීම 

  • උරුගුවේ: Edinson Cavani 82

කවානිගේ ගෝලයෙන් වත්මන් ශූරයන් පරාජය වේ

2019 කෝපා ඇමරිකා තරගාවලියේ කාණ්ඩ තරග……

ජපානය හා ඉක්වදෝරය හිස් අතින් ගෙදර යයි

අද පැවති දෙවැනි තරගය ඉක්වදෝරය හා ජපානය අතර පැවැත්විය. එම තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වූ අතර ජපානයට හා ඉක්වදෝරයට මෙවර කෝපා ඇමරිකා තරගාවලියේ කාණ්ඩ වටයෙන් ඉවත් වීමට සිදු විය. C කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය Belo Horizonte හිදී නිමාවට පත්විය. 

මෙම තරගයෙන් යම් කණ්ඩායමක් ජයග්‍රහණය කළා නම් ඔවුන් කාණ්ඩයේ තුන්වැනි ස්ථානයට පත්වීමට ඉඩ තිබුණි. 

කණ්ඩායම් දෙකේම ආරම්භය එතරම් සාර්ථක එකක් නොවූ අතර දුර සිට එල්ල කරන පහරවල් මගින් තම වාසනාව උරගා බැලීමට කණ්ඩායම් දෙකම යොමු විය. තරගයේ 15 වැනි මිනිත්තුවේ දී සාර්ථක වීමට ජපාන කණ්ඩායම සමත් වූයේ Nakajimaගේ පහරකිනි. ඉක්වදෝරයේ ගෝල රකින ක්‍රීඩක Alexander Dominguez විසින් ගෝලයෙන් ඉවතට එල්ල කළ පහරක් නැවතත් ගෝලය තුලට යැවීමට Nakajima සමත් වූයේ ජපානයට ගෝල 1-0ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට ඉඩදෙමිනි. 

ජපානයට එලෙස පෙරමුණ ගෙන ක්‍රීඩා කළ හැකි වූයේ තවත් මිනිත්තු කීපයක් පමණි. ජපාන ගෝලයට මිනිත්තු 8කට පසුව Enner Valencia විසින් ඉක්වදෝරය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සාහයක් ගත් අතට ජපානයේ ගෝල රකින ක්‍රීඩක Eiji Kawashima එය සාර්ථකව වැළැක්වීමට සමත් විය. 

ඉක්වදෝරයේ Robert Arboleda විසින් එල්ල කරන ලද පහරක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ජපාන ගෝල රකින ක්‍රීඩක Kawashima සමත්වුවද ඒ සැණින් එල්ල වූ Angel Mena පහර වැළැක්වීමට ඔහුට නොහැකි විය. ඒ අනුව තරගයේ 35 වැනි මිනිත්තුව වන විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබාගෙන සම තත්වයක පසු විය. 

පළමු අර්ධය: ජපානය 01 – 01 ඉක්වදෝරය 

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ඉක්වදෝරය විසින් ලබා ගත් නමුත් ඔවුන්ට ජපාන ඉදිරිපෙළ පසුකර යාමට නොහැකි විය. ජපානයේ Naomichi  විසින් එල්ල කරන ලද පහරවල් වලින් ජපානයට නැවතත් පෙරමුණට ඒමට හැකියාව තිබූ නමුත් ඉක්වදෝරයේ ගෝල රකින ක්‍රීඩක Dominguezගේ ප්‍රබල හැකියාව හමුවේ එය අසාර්ථක විය. ඒ තරගයේ 66 වැනි මිනිත්තුවේ දී ය. 

බ්‍රසීලය හා වෙනිසියුලාව අර්ධ අවසන් පූර්ව වටයට ගොඩවෙයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ……..

තරගයේ අවසන් මිනිත්තු කීපය වන තුරුම කණ්ඩායම් දෙක ප්‍රබල සටනක නිරතව සිටි නමුත් කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට තිබූ සියලු අවස්ථාවන් අසාර්ථක කිරීමට ප්‍රතිවාදීන් සමත් විය. 

ගෝල ලබා ගැනීමේ ආසන්න අවස්ථා කීපයක්ම කණ්ඩායම් දෙකටම මඟහැරී ගියේ ක්‍රීඩක ස්ථානගත කිරීම් වල යම් යම් අඩුපාඩු නිසාවෙනි. Daizen Maeda තරගයේ 90 වැනි මිනිත්තුවේ දී ගත් ප්‍රබල උත්සාහයක් ව්‍යර්ථ වූයේ අවාසනාවන්ත අයුරිනි. 

ඒ අනුව තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබාගෙන සම තත්වයක පසුවිය. 

අවසන් ලකුණු තත්වය: ජපානය 01 – 01 ඉක්වදෝරය

ගෝල ලබාගත් ක්‍රීඩකයන්

  • ජපානය: Shoya Nakajima (15’)
  • ඉක්වදෝරය: Angel Mena (35’)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<