සටන්කාමි ජපානය උරුගුවේ හොල්ලයි

298

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ජපානය හා උරුගුවේ අතර තරගය අද (21) පැවැත්වුණේ බ්‍රසීලයේ Porto Alegre හිදී. Koji Miyoshi ජපානය වෙනුවෙන් සුපිරි ගෝල දෙකක් වාර්තා කරමින් ගෝල 2-2ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළා. VAR තාක්ෂණය මෙම තරගයටත් දැඩි බලපෑමක් එල්ල කිරීම සුවිශේෂ කරුණක්.

​මෙසී ආර්ජන්ටිනා ගෞරවය රකිද්දී කොලොම්බියාව අවසන් 8ට

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තවත් ………

Koji Miyoshi දෙවරක්ම ජපානයට තරගයේ පෙරමුණ ලබා දීමට සමත් වුනත් Luis Suarez දඬුවම් පහරකින් හා Jose Gimenez අලංකාර ගෝලයකින් කෝඩුකාර ජපාන බලාපොරොත්තු සුන් කළා. මේ තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වුනා.

25 වැනි මිනිත්තුවේ දී වාර්තා වුණු Miyoshiගේ පළමු ගෝලයෙන් පසු 32 වැනි මිනිත්තුවේ දී විනිසුරු VAR තාක්ෂණය ඔස්සේ උරුගුවේ වෙත දඬුවම් පහරක් ලබා දුන්නේ ජපාන ක්‍රීඩකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද දැඩි විරෝධය මධ්‍යයේ.

Naomichi Ueda, Edinson Cavaniගෙන් පන්දුව අවහිර කිරීමට ගත් උත්සාහයකට විනිසුරු එම දඬුවම් පහර ලබා දුන් අතර පුනරූපන මගින් යළි යළිත් දිස් වුනේ ඔහු කවානිට අනවශ්‍ය බාධා කිරීමක් සිදු නොකළ බවයි.  

Miyoshi දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු 14කට පසුව ජපානයේ දෙවන ගෝලයත් වාර්තා කළ නමුත් පළමු තරගයේ ගෝල 4-0ක් ලෙස සුපිරි ජයක් වාර්තා කළ උරුගුවේ කණ්ඩායම 66 වැනි මිනිත්තුවේ Gimenezගේ ගෝලයෙන් සිය ගෞරවය ආරක්ෂා කර ගන්නට සමත් වුනා.  

තරගය ඉතා උණුසුම් වුණු අතර Luis Suarez පිටිය මැද සිට එල්ල කළ දීර්ඝ ප්‍රහාරයක් ජපාන ගෝල රකින්නා නූලෙන් රැකගත්තේ නිතර අවධානයෙන් සිටීමේ වටිනාකම පෙන්වමින්.  

පළමු මිනිත්තු 15 තුළ සම්පූර්ණයෙන්ම උරුගුවේ කණ්ඩායම පසුපසට ඇද දැමූ ආරාධිත ජපානය, තරගයේ පළමු ආක්‍රමණය දියත් කළේ Shinji Okazakiගේ තියුණු උත්සහයක් සමඟින්.

Guerrero පේරු කණ්ඩායම දිනවද්දී VAR බ්‍රසීල ගෝල තුනක් වතුරේ යවයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ……..

ජපානය සිය පළමු තරගයේ දී චිලි කණ්ඩායම හමුවේ ගෝල 4-0ක් ලෙස පරාජය වූ නමුත් මේ තරගයේ දී පෙරළියක් කළ ඔහු 25 වැනි මිනිත්තුවේ දී Miyoshiගේ සුපිරි ප්‍රහාරයක් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා.

කෙසේ වෙතත් ඊට මිනිත්තු හතකට පසුව VAR උරුගුවේ රාජ්‍යයේ පිහිටට පැමිණි අතර Suarez ඉතා සංසුන්ව සුපුරුදු ලෙස එම අවස්ථාව ගෝලයක් බවට පත් කළා.   

එම තීරණයට විරෝධය පළ කළ ජපාන කණ්ඩායම නැවත සංවිධානය වීමට මද වෙලාවක් ගත වූ අතර උරුගුවේ ගෝලයට මිනිත්තු නවයකට පසු කවානිගේ දක්ෂ උත්සහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේය.

පළමු අර්ධය: උරුගුවේ 01 – 01 ජපානය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ කණ්ඩායම් දෙකම ප්‍රබල ආක්‍රමණවල නිරත වූ අතර පළමුවෙන්ම උත්සාහයක්  ලකුණු බවට පරිවර්තනය කළේ ජපානයයි. Miyoshi නැවත වරක් ක්‍රියාත්මක වූ අතර මෙවරත් ඔහුගේ දක්ෂ උත්සාහය නතර වූයේ දැල තුළයි. Fernando Muslera ජපාන ප්‍රහාරකයාගේ පාද අසලටම අලංකාර ලෙස පන්දුව යොමු කළ අතර Miyoshi කෙටි දුරක සිට අලංකාර ලෙස ලකුණු රැස් කිරීමට සමත් විය.

නැවත වතාවක් ජපාන පෙරමුණ ලකුණු හතකට සීමා වූ අතර උරුගුවේ ආරක්ෂක ක්‍රීඩක Gimenez සිය හිසෙන් පන්දුව ජපාන ගෝල රකින ක්‍රීඩක Kawashima පසු කර දැල වෙත යොමු කළේ තරගයේ ගෝල සම කරමින්. අවසන් මිනිත්තු 10 තුළ උරුගුවේ කණ්ඩායමට තවත් අනගි අවස්ථාවක් හිමි වූ නමුත් Suarezගේ උත්සාහය ගෝල රාමුවේ වැදී ඉවත ගියේ තරගය සම සමව නිමා කරමින්.   

අවසන් ලකුණු තත්වය: උරුගුවේ 02 – 02 ජපානය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ජපානය – Miyoshi (25′, 59′)
  • උරුගුවේ – Luis Suarez (32′ PEN), Gimenez (66′)  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<