මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනාවට නැවතත් නොසිතූ පරාජයක්!

547

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දෙවන දිනය අද (16) බ්‍රසීලයේ දී පැවැත්වුණු අතර දිනයේ විශේෂතම සිදුවීම වූයේ කොලොම්බියාව හමුවේ ආර්ජෙන්ටිනාව පරාජය වීමයි. පේරු හා වෙනිසියුලාවත් අද තරග වැදුණු අතර එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කෝපා ඇමරිකා තරගාවලිය අරඹමින් බ්‍රසීලයට සුපිරි ජයක්

ජාත්‍යන්තර පාපන්දු කරළිය නැවතත් උණුසුම් කරමින් 2019 Copa América පාපන්දු තරගාවලිය අද (15) ආරම්භ වුණු අතර බොලිවියාව…

ආර්ජෙන්ටිනාව හා කොලොම්බියාව

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දෙවන දිනයේ දී ආර්ජෙන්ටිනාව හා කොලොම්බියාව තරග වැදුණු අතර ගෝල 2-0ක් ලෙස අමිහිරි පරාජයක් අත්විඳින්නට ආර්ජෙන්ටිනාවට සිදු විය.

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනා කණ්ඩායමේ තරග ආරම්භය කොලොම්බියාව සුනුවිසුනු කළේ දැඩි ශාරීරික ක්‍රීඩා විලාසයක් අනුගමනය කරමින්.

පළමු අර්ධය ඉතා උණුසුම් වූ අතර දැඩි ශාරීරික බාධා කිරීම් නිසාම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ට කහ කාඩ් පත් ලබා දීමට විනිසුරු ක්‍රියා කිරීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙකටම ආසන්න අවස්ථා ළඟා කර ගැනීමට ඉතා අපහසු වූ අතරම ප්‍රබල ක්‍රීඩකයින් වන මෙසීට හා හමෙස් රොඩ්රිගේස් හට ද පිටියේ එතරම් යමක් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 0000 කොලොම්බියාව

දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම අනවශ්‍ය බාධා කිරීම් වලින් මිදී නිසි ලෙස තරගයට අවතීර්ණ වූ අතර ආර්ජෙන්ටිනා කණ්ඩායම ඉතා ඉක්මනින් සුපුරුදු රිද්මයට පිවිසෙනු දක්නට ලැබුණි.

Rodrigo De දිගින් දිගටම වම් පසින් ප්‍රතිවාදී ගෝලය ආක්‍රමණය කරද්දී මෙසී හා සර්ජියෝ අගුවෙරෝ ද කොලොම්බියා ආරක්ෂක වළල්ලට දැඩි ප්‍රහාර එල්ල කරන්නට විය. තරගයේ පළමු ආසන්නතම අවස්ථාව මෙසීට හිමි වූ අතර ඔහු සිය හිසෙන් පන්දුව දැල වෙත යොමු කරන්නට උත්සහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

ආර්ජෙන්ටිනා කණ්ඩායම ඉදිරියෙන් සිටින බව පෙනුනත් Roger Martínez කොලොම්බියාව වෙනුවෙන් පන්දුවත් සමඟ සුපිරි ධාවනයක යෙදුණු අතර ඔහුගේ එම සුපිරි ධාවනය නතර වූයේ අලංකාර ලෙස පන්දුව ගෝල රාමුවේ ඉහළ කෙළවරින් ඇතුළට යැවීමෙන් අනතුරුවයි.

මෙසී කණ්ඩායමේ වගකීම භාරගෙන දිගින් දිගටම ගෝල සම කරන්නට උත්සහ දැරුවත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. කෙසේ වෙතත් අවස්ථාවක් සොයමින් කල් මරමින් සිටි කොලොම්බියාව තරගය අවසන් වීමට මිනිත්තු පහක් තිබිය දී ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ අතර Martínez විසින් Jefferson Lermaට එල්ල කළ පන්දුව අවසානයේ අතිරේක ක්‍රීඩක Durván Zapata විසින් දැල්ගත කළේ කොලොම්බියා ජයග්‍රහණය ස්ථිර කරමින්.

අවසන් ලකුණු තත්වය: කොලොම්බියාව 02 – 00 ආර්ජෙන්ටිනාව

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • කොලොම්බියාව – Roger Martínez (71), Durván Zapata (86)

“අඩුපාඩු සියල්ල හදාගන්නවා” – නිසාම් අලී

2023 FIFA ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ 2022 ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය පසුගියදා..

පේරු හා වෙනිසියුලාව අතර තරගය

පේරු හා වෙනිසියුලාව අතර තරගය A  කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වුණු අතර තරගය අවසන් වූයේ ගෝල රහිතවයි.

පළමු අර්ධයේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා විලාසය එතරම් සාර්ථක නොවුණු අතර විනිසුරුට තරගය සෑහෙන වතාවක් නවත්වන්නට සිදු වූයේ ක්‍රීඩකයින්ගේ අතපසුවීම් නිසාවෙනි.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ දී පේරු කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් කණ්ඩායම් දෙකම සිය ගෝල ආසන්නයට ගෝල ආසන්න අවස්ථා ගෝල නගන්නට සමත් වූයේ නැහැ. තරගය අවසන් වීමට මිනිත්තු 16ක් තිබිය දී වෙනිසියුලාවේ Luis Mago හට රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කරන ලදි.

අවසන් ලකුණු තත්වය: වෙනිසියුලාව 00 – 00 පේරු

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<