දඬුවම් පහර මැන්චෙස්ටර් සිටි පිළට ජය ගෙනෙයි

149
football

ඊයේ (05) පැවති Community Shield තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගැනීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමත් වුනා. එහි දී ඔවුන් පරාජය කළේ ලිවර්පූල් කණ්ඩායමයි. 

තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල එක බැගින් ලබා සිටි නිසා තරගයේ ජයග්‍රාහකයින් තෝරාගැනීම සිදු වූයේ දඬුවම් පහර මගින්. එහි දී දඬුවම් පහර 5-4ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට මැන්චෙස්ටර් කණ්ඩායම සමත් වුනා. 

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට පාපන්දු පිටිය තහනම්!

නිමා වූ කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දී ………

තරගයේ තීරණාත්මක දඬුවම් පහර ලිවර්පූල් කණ්ඩායමේ Georginio Wijnaldum හට මඟහැරී ගියේය. පසුගිය තරගාවලියේ ද ශූරයන් වූයේ මැන්චෙස්ටර් කණ්ඩායමයි. 

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී Sterling විසින් මැන්චෙස්ටර් කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර දෙවන අර්ධය නිමා වීමට පෙර ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය සමකිරීමට ලිවර්පූල් කණ්ඩායම සමත් විය. එම ගෝලය Koel Matip විසින් වාර්තා කළේය. 

ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් ලබා ගැනීමට Mohommad Salah ගත් ප්‍රබල උත්සාහය Kyle Walker විසින් වැළැක්වූ අතර නියමිත කාලය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා ගනිමිනි. 

තරගයේ ආරම්භයේ පටන් මැන්චෙස්ටර් කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර අවස්ථා කීපයක දී ම ලිවර්පූල් ආරක්ෂකයන් පසුකර යාමට ඔවුන් සමත් විය. තරගයේ 4 වැනි මිනිත්තුවේ දී ම ගෝලයක් ලබා ගැනීමට Leroy Sane ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේය. 

මැන්චෙස්ටර් ආක්‍රමණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීමට ලිවර්පූල් කණ්ඩායම සමත් විය. ලිවර්පූල් කණ්ඩායමේ Roberto Firminoගේ පා පහර සාර්ථකව වැළැක්වීමට Claudio Bravo සමත් වූ අතර පන්දුව නැවතත් ලබා ගත් Mohommad Salahට එවර ද සාර්ථක වීමට අවස්ථාව ලැබුණේ නැත. 

ක්‍රිකට්වලින් සමුගෙන කෝලී පාපන්දුවට?

දැනට ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ………

මේ අතර Leroy Sane දණහිසේ ආබාධයක් නිසාවෙන් තරගයෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට Gabriel Jesus ආදේශ කරනු ලැබිණි. තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝල ලබාගැනීම සඳහා කීපවරක් උත්සාහ කළ අතර එම උත්සාහයන් ව්‍යර්ථ වීම නිසා මැන්චෙස්ටර් කණ්ඩායම පෙරමුණ ගනිමින් පළමු අර්ධය නිමා කළේය. 

දෙවන අර්ධයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ලිවර්පූල් කණ්ඩායම සමත් වූයේ 57 වැනි මිනිත්තුවේ දී ලබා ගත් ප්‍රබල උත්සාහයත් සමඟිනි. එහි දී Van Dijk එල්ල කළ පහර ගෝල කණුවේ වැදුණු අතර ගෝල තීරක තාක්ෂණය මගින් එම අවස්ථාවේ දී පන්දුව සම්පූර්ණයෙන් සීමා ඉර පසුකර නැති බව තහවුරු වීම නිසා ගෝල තත්ත්වය සමකිරීම මඳකට පමා කිරීමට ලිවර්පූල් කණ්ඩායමට සිදු විය. 

තරගයේ 77 වැනි මිනිත්තුව දක්වාම මැන්චෙස්ටර් කණ්ඩායම පෙරමුණ ගෙන සිටි අතර 77 වන මිනිත්තුවේ දී ලිවර්පූල් කණ්ඩායමට ලැබුණු නිදහස් පහර සාර්ථක කර ගැනීමට Jordan Henderson අසමත් වුවද දර්ශනීය පහරක් මගින් ගෝලයක් ලබා ගැනීමට Matip සමත් වූයේ ගෝල තත්ත්වය සමකරමිනි. 

නේමාර් නැවතත් ‘PSG’ පුහුණුවීම් වලට

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක ……

ගෝල තත්ත්වය සමවීමත් සමඟින් ජයග්‍රාහකයන් තෝරාගැනීම සඳහා දඬුවම් පහර වෙත යොමු වූ අතර ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් තම දඬුවම් පහරවල් සාර්ථක කරගැනීමට Xherdan Shaqiri හා Ilkay Gundogan සමත් වූ අතර Georginio Wijnaldumගේ පහර සාර්ථකව වැළැක්වීමට මැන්චෙස්ටර් ගෝල රකින ක්‍රීඩක Claudio Bravo සමත් විය. මැන්චෙස්ටර් කණ්ඩායම වෙනුවෙන් Bernardo Silva, Phil Foden හා Oleksandr Zinchenko දඬුවම් පහර සාර්ථක කර ගත් අතර ජයග්‍රාහී දඬුවම් පහර සාර්ථක කරගැනීමට Gabriel Jesus සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය: මැන්චෙස්ටර් 1 – ලිවර්පූල් 

දඬුවම් පහර: මැන්චෙස්ටර් 5 – 4 ලිවර්පූල් 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<