ආසියානු ශූරයින්ට සෙවන සදන කලීෆා

304

ඛනිජතෙල් වලින් ලෝකයේම ඩොලර් උදුරා ගනිමින් මිලියන 2.4ක ජනගහනයක් පෝසත් කරන කටාර් රාජ්‍ය මෙවර 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සත්කාරකත්වය දරණු ලබයි.

දෝහා නම ඇසූ සැණින් කාන්තාර සිහියට නැගෙන සමහරක්ට දෝහා හී ඇති කලීෆා ක්‍රීඩාංගණය ඇස ගැටුනහොත් ඛනිජතෙල් වලට කළ හැක්කේ වාහන පනගැන්වීම පමණක් නොවන බව වැටහෙනු ඇත.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගැනීමේ තරග ඇරඹේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග මාර්තු 22 වැනි…..

1976 වසරේ දී පාපන්දු ක්‍රීඩා පිටියක් ලෙස විවෘත වූ කලීෆා ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරන්නේ කටාර් පාපන්දු සංගමයයි. Dahlan Al Hamad නගරයේ පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණයේ ප්‍රථම වරට මලල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වූයේ 1997 වර්ෂයේ දීයි.

2005 හා 2014 සිට 2017 දක්වා කාලවල දී මෙම ක්‍රීඩාංගණය අලුත්වැඩියා කටයුතු එසේත් නැතිනම් ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සිදු කළ අතර ඒ තුලින් මේ වන විට මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 40,000කට පමණ පිරිසකට අසුන් ගැනීමට පහසුකම් ලැබී ඇත.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වීමට සත්කාරකත්වය දක්වා ඇති කටාර් රාජ්‍යය විසින් ක්‍රීඩා උළෙල පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩාංගණය ලෙස මෙම කලීෆා ක්‍රීඩාංගණය නම් කර ඇති අතර රටවල් 63ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිගැනීම වෙනුවෙන් ක්‍රීඩා පිටිය සැදීපැහැදී සිටිනු ඇත.

බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ක්‍රීඩාංගණයේ තරග කිරීමට ලැබීමට නැවුම් අත්දැකීමක් වනු ඇති අතර ක්‍රීඩාංගණයේ ඇති නූතන නිර්මාණශීලී වාස්තු විද්‍යාත්මක සැකැස්ම පැමිණෙන සියලු දෙනා නව ලොවකට රැගෙන යනු ඇත.

ශ්‍රී ලංකා යෞවනයෝ රිදී 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනති

3 වැනි වරටත් පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 3ක් සමඟින් තරගාවලිය…..

මේ වන විට මෙම ක්‍රීඩාංගණයේ තරගාවලි රැසක් පවත්වා ඇති අතර ඒ අතරින් 2011 Asian Cup අවසන් තරග, 2006 Asian Games, 2011 Pan Arab Games යන තරගාවලි ප්‍රධානත්වයක් ගනී. එමෙන්ම ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක ඇල්මක් ඇති ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධානතම තරගාවලියක් වන 2022 පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට නියමිත වන්නේ ද මෙම ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් වීම විශේෂත්වයකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<