ක්ලිෆර්ඩ් කුසලානයේ මංගල තරගයට CR සහ පොලිසිය

238

2019 අන්තර් සමාජ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මේ මස 15 වැනිදා (සිකුරාදා) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වීමට නියමිත අතර සමාරම්භක තරගය සඳහා CR&FC හා පොලිස් ක්‍රීඩා සමාජය සහභාගී වනු ඇත.

Match Highlights – CH & FC v Kandy SC DRL 2018/19 #47

දින දහයක් වැනි කාල සීමාවක් පුරා ක්‍රියාත්මක වීමට පිළිමළුන් පිටුදැකීමේ තරග වටය කිසිදු කණ්ඩයමකට අවාසියක් නොවන පරිදි අපක්ෂපාතී ක්‍රීඩාංගණවල (Neutral Venues) පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

පසුගිය වසරේ ශූරයින් වූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවරවත් ක්ලිෆර්ඩ් කුසලානය තමන් සතුකර ගැනීමට මාන බලන අතර ඔවුන්ගේ මෙහෙයුම් සාර්ථක වුවහොත් වසර 5ක් පුරා අඛණ්ඩව ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගත් කණ්ඩායම බවට මහනුවර කණ්ඩායම පත්වනු ඇත.

මෙවරත් ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වූ මහනුවර ක්‍රීඩා සමාජයට අභියෝගයක් වන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය මාන බලන්නේ ලීග් තරගාවලියේ දී ලද පරාජයන්හි වාඩුව ගැනීමේ අපේක්ෂාවෙනි. නිමා වූ රග්බි ලීගයේ දෙවන වටයේ දී සුපිරි දස්කම් දැක්වූ CH&FC කණ්ඩායම ද මහනුවරින් ක්ලිෆර්ඩ් කුසලානය සොරා ගන්නට වෙර දරණ තවත් කණ්ඩායමකි.

Storming comeback sees Police clinch Plate Championship

Police Sp….

නැවතත් සිය මව් රට බලා පිටත්ව ගිය, පොලිස් කණ්ඩායමට වාසනාව ගෙනා විදේශීය ක්‍රීඩකයෙකු වන ඉමොසි වොනිවොසා පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවලියට ක්‍රීඩා නොකිරීමට  පොලිස් කණ්ඩායමට මහත් පාඩුවක් වනු නොඅනුමානයි.

CR&FC කණ්ඩායමේ නායක කවිඳු පෙරේරා ආබාධවලින් පසුව නැවතත් සංචිතයට එක්වී ඇති අතර ඔහුගේ නායකත්වය තුළින් මහනුවරට සහ අනෙකුත් ප්‍රබල කණ්ඩායම්වලට අභියෝග කරන්නට CR උත්සාහ කරනු ඇත.

තරග කාල සටහන පහතින් –

2018/19 Dialog ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය
Q/F-1 Rank No. 4 vs 5 මාර්තු 15 සිකුරාදා CR&FC vs පොලිස් තරඟ තරග පිටිය 4.00 pm
Q/F-2 Rank No. 1 vs 8 මාර්තු 16 සෙනසුරාදා මහනුවර ක්‍රී. ස. vs ගුවන් හමුදා ක්‍රී. ස. පල්ලෙකැලේ 4.00 pm
Q/F-3 Rank No. 3 vs 6 මාර්තු 16 සෙනසුරාදා CH&FC vs යුද හමුදා ක්‍රී. ස. තරඟ තරග පිටිය 4.00 pm
Q/F-4 Rank No. 2 vs 7 මාර්තු 17 ඉරිදා හැව්ලොක් ක්‍රී. ස. vs නාවික ක්‍රී. ස. තරඟ තරග පිටිය 4.00 pm
S/F-1 (W) Q/F-1 vs 2 මාර්තු 19 අඟහරුවාදා W-Q/F – 1 vs W-Q/F-2 තරඟ තරග පිටිය/  පල්ලෙකැලේ 4.00 pm
S/F-2 (W) Q/F-3 vs 4 මාර්තු 21 බ්‍රහස්පතින්දා W-Q/F – 3 vs W-Q/F-4 තරඟ තරග පිටිය 4.00 pm
Final (W) Semi 1 vs 2 මාර්තු 24 ඉරිදා W-Semi – 1 vs W-Semi – 2 TBC 4.00 pm

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<