තිරිමාන්න සහ සාලිය සමන් වෙළඳසේවා පිටියේ දක්ෂතා දක්වයි

473
sri lanka Mercantile cricket Tier A

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග අතුරින් TeeJay ලංකා කණ්ඩායම, හේලීස් කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ඔවුන් වෙතින් පරාජය වූයේ පිළිවෙළින් ඩිමෝ, MAS Silueta සහ කැන්රිච් ෆිනෑන්ස් යන කණ්ඩායම් ය.

අද පැවති තරග අතරින් ලහිරු තිරිමාන්න ලකුණු 98ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙනුන පිතිකරු වූ අතර ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත් සාලිය සමන් පන්දු යවන්නන් අතරින් කැපී පෙණුනි.

එක්ස්පෝ ලංකා කඩුලු 7කින් ජය ගනී

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර..

TeeJay ලංකා සහ ඩිමෝ අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගැනීමට TeeJay ලංකා ක්‍රීඩකයෝ සමත් විය.

කාසියේ වාසිය දිනූ ඩිමෝ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි TeeJay ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 168ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඩිමෝ කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 148ක් පමණි.

TeeJay ලංකා ඉනිම වෙනුවෙන් මිනෝද් භානුක අර්ධ ශතකයක් ලබා ගත් අතර ශාලික කරුණානායක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 46කි. එම ඉනිමට එරෙහිව සම්මු අශාන් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම 35 වැනි පන්දු වාරයේ දී අවසන් වෙද්දී සාලිය සමන් ලකුණු 21කට කඩුලු 4ක් ද, හිමේෂ් රාමනායක සහ චලන ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ. ඩිමෝ ඉනිම වෙනුවෙන් කවිශ්ක අංජුල ලකුණු 42ක් ලබා ගත්තේ ය.   

TeeJay ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 168 (37.4): මිනෝද් භානුක54, ශාලික කරුණානායක 47, කවිශ්ක අංජුල 2/18, මතීෂ පෙරේරා 2/28, රමේෂ් මෙන්ඩිස් 2/31, සම්මු අශාන් 3/29

ඩිමෝ කණ්ඩායම; සියලුම දෙනා දැවී 148 (34.4): කවිශ්ක අංජුල 42, නිසල තාරක 22, මතිෂ පෙරේරා 23, සාලිය සමන් 4/21, හිමේෂ් රාමනායක 2/28, චලන ද සිල්වා 2/28

ලොකු කුසල්ගේ අඩුව පුරවන්න පොඩි කුසල් පිටියට

වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා කලව..

MAS Silueta සහ හේලීස් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හේලීස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ හේලීස් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් MAS Silueta කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 261ක් ලබා ගත්තේය. එම ඉනිමට අර්ධ ශතක දෙකක් ඇතුලත් විය. චරණ නානායක්කාර ලකුණු 57ක් සහ සංගීත් කුරේ ලකුණු 55ක් රැස් කළහ.  

පිළිතුරු ඉනිමේ දී හේලීස් ක්‍රීඩකයෝ අවසන් පන්දුව දක්වම තරගය ගෙන යමින් කඩුලු 7ක් දැවී ලකුණු 264ක් ලබා ගත්හ. එහි දී ලහිරු තිරිමාන්න ලකුණු 98යි. ඊට අමතරව දිනෙත් තිමෝද්‍ය ලකුණු 52ක් ලබා ගත්තේ ය. සඳරුවන් ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 46කි. පන්දු යැවීමේ දී දුශාන් හේමන්ත ලකුණු 53කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

MAS Silueta කණ්ඩායම; කඩුලු 9ක් දැවී 261 (50): චරණ නානායක්කාර 57, සංගිත් කුරේ 55, දුශාන් හේමන්ත 28, ඇන්ජලෝ එමානුවෙල් 26, දෙනුවන් රාජකරුණා 20, ප්‍රවීන් ජයවික්‍රම 2/73, අලි ඛාන් 3/46

හේලීස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 264 (50): දිනෙත් තිමෝද්‍ය 52, රෝන් චන්ද්‍රගුප්ත 29,ලහිරු තිරිමාන්න 98, සඳරුවන් ප්‍රනාන්දු 46, දුශාන් හේමන්ත 4/53

MAS යුනිචෙලා සහ කැන්රිච් ෆිනෑන්ස් අතර තරගය

බොරැල්ල පි. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්න MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ යුනිචෙලා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යුනිචෙලා ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 30ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 137ක් ලබා ගත්හ.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 136 (32.3): සාරංග රාජගුරු 27, පැතුම් නිශ්ශංක 23, විශ්ව දිමන්ත 21, කමිඳු මෙන්ඩිස් 3/26, ධනුශ්ක ගුණතිලක 3/24

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 5ක් දැවි 137 (19.3): ධනුශ්ක ගුණතිලක 51, ටී. එම්. සම්පත් 32, මහේල උඩවත්ත 22, අලංකාර අසංක 2/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<