ඩිමෝ ක්‍රීඩකයෝ පහසු ජයග්‍රහණයක් ලබති

161

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (18) කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති ඩිමෝ කණ්ඩායම සහ MAS Sileuta කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩිමෝ ක්‍රීඩකයෝ සමත් වූහ.

රාජපක්ෂ සහ වර්ණපුර දක්‍ෂතා අතරට

ඊයේ (17) පැවැත්වූ බොහෝ දෙනා අපේක්‍ෂාවෙන් සිටි තරගයක් වූ ‘Unilever’ කණ්ඩායම සහ ‘Singer Sri Lanka’ කණ්ඩායම…

කාසියේ වාසිය දිනූ ඩිමෝ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 210ක් රැස් කළහ. එම ඉනිමේ දී නිපුන් කරුණානායක (37), පැතුම් මධුශංක (34) සහ සම්මු අශාන් (23) ලකුණු අතරට පිවිසෙමින් තම කණ්ඩායම ඉහළ තත්ත්වය තැබීමට සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී දුශාන් හේමන්ත ලකුණු 57කට කඩුලු 4ක් දවා ගත් අතර නායක බුද්ධික සංජීව ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS Sileuta කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණි. එහි දී දනංජය ලක්ෂාන් ලකුණු 38ක් ලබා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වීය. කඩුලු ලබා ගැනීමේ දී මතීෂ පෙරේරා කඩුලු 3ක් ලබා ගත් අතර කවිශ්ක අංජුල කඩුලු 2ක් ලබා ගත්තේ ය.

ඩිමෝ කණ්ඩායම; සියලුම දෙනා දැවි 210 (48.5): නිපුන් කරුණානායක 37, පැතුම් මධුශශංක 34, සම්මු අශාන් 23, රමේෂ් මෙන්ඩිස් 21, ලසිත් අබේරත්න 21, දුශාන්ත හේමන්ත 4/57, බුද්ධික සංජීව 347

MAS Sileuta කණ්ඩායම; සියලුම දෙනා දැවී 166 (42.2): දනංජය ලක්ෂාන් 38, ඉරෝෂ් සමරසූරිය 26, චරණ නානායක්කාර නොදැවී 25, නිමන්ත සුබසිංහ 21, මතීෂ පෙරේරා 3/24, කවිශ්ක අංජුල 2/16

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<