පුහුණු තරගයේ දී අකලංක සහ ලහිරුගෙන් හොඳ දස්කම්

1151

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති දෙවැනි පුහුණු තරගය අද (02) කොළඹ සී. සී. සී. පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (01) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරගයේ එකඳු පන්දුවක් හෝ නොයවමින් අතහැර දැමුණ අතර අද දෙපිලේ ක්‍රීඩකයෝ පන්දුවාර 100ක් ක්‍රීඩා කළහ.

එංගලන්ත ක්‍රීඩකයන්ට වැසි නිවාඩුවක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (01) කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හී පිහිටි සී. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 210ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 200ක් ලබා ගත්හ.  

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 28ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ක්‍රීඩකයෝ සමත් වූහ. දවා ගත් කඩුලු 3ම හිමිකාරිත්වය ලහිරු කුමාර සතු විය.

අනතුරුව සිව්වැනි කඩුල්ල සඳහා කීටොන් ජෙනින්ග්ස් සහ බෙන් ස්ටොක්ස් එක්ව ලකුණු 80ක සබඳතාවත් කණ්ඩායමට එක් කළහ. බෙන් ස්ටොක්ස් පන්දු 58කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා සිටිය දී ඉනිම අත්හැර ගියේ ය.

එංගලන්ත ඉනිම ලකුණු 128ක් වෙද්දී ආරම්භක පිතිකරු කිටොන් ජෙනින්ග්ස් ද ඉනිම අත්හැර ගියේ ය. ඒ වෙද්දී ඔහු පන්දු 95කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියේ ය.

ජොස් බට්ලර් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී ලකුණු 25ක් ලබා සිටියේ ය.

එංගලන්ත ඉනිම අත්හිටුවන විට සෑම් කුරන් සහ බෙන් ෆෝක්ස් නොදැවී පිටියේ රැඳී සිටිය හ. ඒ වෙද්දී සෑම් කුරන් පන්දු 50කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ද, බෙන් ෆෝක්ස් පන්දු 26ක දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 19ක් ද ලබා සිටිය හ.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර එංගලන්ත ඉනිමේ අනෙක් දැවී ගිය කඩුල්ල ජෙෆ්රි වැන්ඩර්සේ සතු විය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්නට වේලාසනින්ම පිටිය හැර යෑමට සිදු විය. ඔහු පන්දු 20කට මුහුණ දී ලකුණු 3ක් ලබා සිටිය දී දැවී ගියේ ය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 10ක් ව තිබුණි.

ඉන්දියාව සිය අභිමානය ඉහළින්ම බේරා ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තිරුවනන්තපුරම් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (1) පැවති පස්වැනි හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්…

සධීර සමරවික්‍රම ද ලබා ගත්තේ ලකුණු 10ක් පමණි. ඔහු දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලෙසින් සටහන් විය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගී තිබිය දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු දුවන්නට යෑමේ දී දැවී ගියේ ය. ඔහු ඒ වෙද්දී පන්දු 47කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියේ ය.

අනතුරුව කෞෂාල් සිල්වා ද චරිත් අසලංක ද තම ඉනිම් අත්හිටුවමින් අනෙකුත් පිතිකරුවන්ට පන්දුවට පහර දීමට අවස්ථාව උදා කළහ.

කෞෂාල් සිල්වා පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියේ ය. චරිත් අසලංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68කි. ඔහු පන්දු 64ක දී මේ ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර  3ක් ඇතුලත්ව තිබුණේ ය.

අශාන් ප්‍රියන්ජන් ලකුණ 3කට ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 12කට ද තම ඉනිම් හැර ගියේ ය.

දිනය අවසන් වන විට මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 19ක දී ලකුණු 12ක් ද, ෂෙහාන් මධුශංක පන්දු 17ක දී ලකුණු 12ක් ද ලබා සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී ස්ටුවර්ට් බ්‍රෝඩ්, සැම් කුරන්, ජැක් ලීච් සහ ඔලි ස්ටෝන් කඩුල්ල බැගින් දවා ගත්හ.

එංගලන්තය ; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 210 (50) රොරි බර්න්ස් 19, කීටොන් ජෙනින්ග්ස් 45, බෙන් ස්ටොක්ස්  53, ජොස් බට්ලර් 25, සෑම් කුරන් නොදැවී 48, බෙන් ෆෝක්ස් නොදැවී 19 , ලහිරු කුමාර 3/19

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 200 (50) අවිශ්ක ප්‍රනාන්දු 47, කෞෂාල් සිල්වා 29, චරිත් අසලංක 68, ස්ටුවර්ට් බ්‍රෝඩ් 1/10

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 06 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<