ෂෙහාන් ජයසූරිය බංගලියන් දපනේ දමයි

2853

බංග්ලාදේශයේ තරග සංචාරක නිරත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමඟින් අලුතෙන්ම එක්වූ 26 හැවිරිදි ෂෙහාන් ජයසූරියගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකා කණ්ඩායමට ආශීර්වාදයක් විය.

සංචාරක කණ්ඩායම හා බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (10) සම්පූර්ණයෙන්ම ෂෙහාන් ජයසූරිය නමින් ලියැවුණ අතර ඔහු දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 3ක් ද, වමතින් පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් ද වාර්තා කළේය. ජයසූරිය අද වාර්තා කළේ තම පළමු පෙළ 29 වැනි අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වූ දෙදින පුහුණු ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (8) නිමා විය.

සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167ක් පමණි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසෙමින් දිනය නිමාවේ දී පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 78ක් ලබා සිටිය හ. අයහපත් ආලෝක තත්ත්වය මත තරගයේ පළමු දිනය අවසන් වන විට දිනය නිමා කිරීමට තවත් පන්දුවාර 3ක් යැවීමට තිබුණි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයාව සිටි දිමුත් කරුණාරත්න මෙරට පැවැත්වෙන දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් සංචාරය වෙනුවෙන් කැඳවා තිබුණ අතර කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්න වෙත පැවරුණි. බංග්ලාදේශ කණ්ඩායමේ ද නිත්‍ය නායකයා වූ මොසඩැක් හුසේන් වෙනුවට අද තරගයේ නායකත්වය පැවරී තිබුණේ මොහොමඩ් මිතුන් වෙත ය.

දිමුත් සමඟින් මෙරටට පැමිණි ලක්ෂාන් සඳකැන් වෙනුවට ෂෙහාන් ජයසූරිය සහ මාලින්ද පුෂ්පකුමාර කණ්ඩායමට නම් කර තිබූ අතර පෙර තරගයට ක්‍රීඩා කළ ලහිරු මිලන්ත, නිසල තාරක සහ දිලේෂ් ගුණරත්න වෙනුවට මනෝජ් සරත්චන්ද්‍ර, ෂෙහාන් මධුශංක සහ ප්‍රභාත් ජයසූරිය අද කණ්ඩායමට කැඳවා තිබුණි.

පෙර තරගයට ක්‍රීඩා කළ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරින් සිදුකර තිබූ වෙනස්කම් ප්‍රමාණය 6කි. නායක මොසඩැක් හුසේන්, තුෂාර් ඉම්රාන්, සබීර් රාහ්මන්, ෂොරිෆුල් ඉස්ලාම්, අනමුල් හක් සහ එබඩැඩ් හුසේන් වෙනුවට අෆීෆ් හුසේන්, මිසනුර් රාහ්මන්, ෂද්මන් ඉස්ලාම්, සායිෆ් හසන්, සුන්සමුල් ඉස්ලාම් සහ මුස්ටෆිසුර් රහමන් කණ්ඩායමට කැඳවා තිබුණි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 167ක ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සකීර් හසන් ය. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේ ය. ඊට අමතරව සුන්සමුල් ඉස්ලාම් පන්දු 83ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

කඩුලු බිඳ දැමීමේ දී කණ්ඩායමට අලුතෙන්ම එක්වූ ෂෙහාන් ජයසූරිය සහ මාලින්ද පුෂ්පකුමාර වැඩි දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. ඔවුන් දෙදෙනා කඩුලු 3 බැගින් ලබා ගත්හ. ඔවුන් බංග්ලාදේශ සංචාරයකට නවකයන් ලෙසින් එසේ දක්ෂතා දක්වද්දී වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතම පන්දු යැවීමේ නිරත විය.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ සධීර සමරවික්‍රම සමඟින් ෂෙහාන් ජයසූරිය ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 5ක් වෙද්දී බිඳ දැමීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූයේ සධීර (05) ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

අනතුරුව පිටියට පිවිසියේ නායක ලහිරු තිරිමාන්න ය. පෙර තරග දෙකේ දී ම ශතක ලබා සිටි තිරිමාන්නට නායකත්වයේ කිරුළ බර වැඩි වීමෙන් දෝ අද තරගයේ දී රැස් කර ගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් තිරිමාන්න ක්‍රීඩක විවේකාගාරය වෙත පිය නැගුවේ ලකුණු පුවරුව 32ක් වෙද්දී ය.

මැතිව්ස්, ධනුෂ්ක හා කෞශාල් අර්ධ ශතක අතරට

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (7) ආරම්භ වූ අතර තරගයේ….

ඒ හා සැනෙකින්ම අශාන් ප්‍රියංජන්ගේ කඩුල්ල ද දවා ගැනීමට බංගලියන් සමත් වූයේ ලකුණු පුවරුව 47ක් වෙද්දී ය. ප්‍රියංජන්ට කිසිදු ලකුණක් ලබා ගත හැකි වූයේ නැත.

එතැන් සිට සිව්වැනි කඩුල්ලට එක්වූ ෂෙහාන් ජයසූරිය සහ චරිත් අසලංක අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 78 දක්වා රැගෙන විත් තිබුණි. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලේ නොබිඳුණ ලකුණු සබඳතාව 31කි.

දිනය අවසානයේ පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටි ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 53ක් ද, චරිත් අසලංක නොදැවී ලකුණු 07ක් ද ලබා සිටිය හ.  

කඩුලු ලබා ගැනීමේ දී සෞම්‍ය සාකර්, මුස්ටෆිසුර් රහමන් සහ නයීම් හසන් කඩුල්ල බැගින් ලබා සිටිය හ.

තරගයේ පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තවත් ලකුණු 89ක් අවශ්‍ය ය.

හෙට (11) තරගයේ දෙවැනි දිනයයි.

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (62.3): සකීර් හසන් 42, සුන්සමුල් ඉස්ලාම් 41, නයීම් හසන් 22, ෂෙහාන් ජයසූරිය 3/47, මාලින්ද පුෂ්පකුමාර 3/48, ප්‍රභාත් ජයසූරිය 3/12

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 78 (21.4): ෂෙහාන් ජයසූරිය නොදැවී 53, සෞම්‍ය සාකර් 1/04

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<