කන්ද උඩරට ජවය හමුවේ සහිරාවන් පසු බසී

774

2018 සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ කුසලාන ශූරතාවය සඳහා වූ තවත් එක් තරගයක් කොළඹ සහිරා විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර අද (03) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති අතර එයින් ලකුණු 18-05ක් ලෙස කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

මලියදේව ක්‍රීඩකයින් විද්‍යාර්ථයින්ව හඬවයි

2018 ‘සිංගර්’ පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා පැවැත්වෙන තරග වටයේ එක් තරගයක්…

ප්‍රදේශය තුළ පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් තෙත බරිත සහ මඩ සහිත ගතියක් පිටියේ දිස්වූ අතර එය කණ්ඩායම් දෙකටම තරමක් අවාසි සහගත විය. නමුත් තරගය අරඹා පළමු විනාඩියේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සහිරා නායක මොහොමඩ් ඩීන් සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක වුවද ලකුණු පහකින් සහිරා විද්‍යාලය මෙතරම් ඉක්මනින් පෙරමුණ ගැනීම කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට යම් පීඩනයක් ගෙන දුන් බවක් පෙනෙන්නට තිබුණි. (ZCC 05 – 00 KCK)

කෙසේ නමුත් පසු නොබැසූ කිංග්ස්වුඩ් කණ්ඩායම අත්වැරදීම් සිදු නොකොට උනන්දුවෙන් නිසි ලෙස ක්‍රීඩා කළ අතර මොහොතක් ගත වීමෙන් පසුව නුවන් ගුණතිලක විසින් වාර්තා කළ උත්සාහක දිනුම මහනුවරට අස්වැසිල්ලක් ගෙන ආවේ කිංග්ස්වුඩ් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හිරුෂ සම්පත් හට නොහැකි විය.

විනිසුරු විසින් ලබා දුන් දඬුවම් පහරක් නිසි ලෙස ලකුණු බවට පරිවර්තනය නොකොට එය පිටියෙන් ඉවතට යැවූ සහිරා ක්‍රීඩක බූසෝ මීටර් 22 රේඛාව අසල දී පන්දුව තම කණ්ඩායමට ලබා ගැනීමට අවස්ථාවක් සලසා ගත්ත ද, පළමු අර්ධය නිමා වූ බව විනිසුරු විසින් සංඥා කිරීම හේතුවෙන් එම වෑයම නිෂ්ඵල විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 05 – 05 කිංග්ස්වුඩ් විද්‍යාලය

නැවතත් පෙර තිබූ ජවයෙන්ම පිටියට පිවිසි කණ්ඩායම් දෙක රෞද්‍ර අයුරින් දෙවන අර්ධයේ දී ද උරෙන්උර ගැටුණු අතර සහිරා ක්‍රීඩකයින් එහි දී සුපිරි ක්‍රීඩා විලාසයක නියැලෙනු දක්නට ලැබුණි.

කෙසේ නමුත් විනිසුරු විසින් කිංග්ස්වුඩ් විද්‍යාලයට ලබා දුන් දඬුවම් පහරක් හිරුෂ සෙනෙවිරත්න විසින් සාර්ථක කර ගැනීම හේතුවෙන් තරගයේ පෙරමුණ හිමිකර ගැනීමට මහනුවර ක්‍රීඩකයින් සමත් විය. (ZCC 05 – 08 KCK)

විද්‍යා ක්‍රීඩකයින්ගේ වේගය ලුම්බිණියට පරාජය ගෙන එයි

මුළු රග්බි පිටියම වර්ෂාවෙන් නැහැවෙද්දී උණුසුම් රග්බි තරගයක් අද (02) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි…

සචින්ත සෙනෙවිරත්නගේ උපායශීලී පන්දු පිරිනැමීම් උපයෝගී කර ගනිමින් තම ගෝලය කරා ඇදුණු කිංග්ස්වුඩ් කණ්ඩායම වෙත තවත් උත්සාහක දිනුමක් ලබා දීමට හිරුෂ සම්පත් හට හැකි වූ අතර එහි ප්‍රවර්තනය ද ඔහුගේ පාදයෙන් සාර්ථක විය. (ZCC 05 – 15 KCK)

සහිරාවන්ට මෙම අර්ධයේ දී දඬුවම් පහර කිහිපයක්ම හිමි වූ නමුත් ඒ කිසිවක් ඔවුන්ට සාර්ථක කර ගැනීමට නොහැකි වූයේ ඒවා එල්ල කිරීමට ලබා දුන් ස්ථාන සියල්ලම සිය ගෝල කණුවලට ඉතාමත් දුරින් පිහිටීම නිසාවෙනි.

නමුත් සහිරාවන් සියලුම අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් පන්දුව ඉදිරියට ගෙන ගිය ද උත්සාහක දිනුමක් ලබා ගැනීමට ප්‍රතිවාදී කිංග්ස්වුඩ් ආරක්ෂකයින් ඔවුන්ට ඉඩක් ලබා දුන්නේ නැත. සහිරා ක්‍රීඩකයෙකුගේ වැරදි ක්‍රියා කලාපයක් නිසා නැවතත් කිංග්ස්වුඩ් විද්‍යාලයට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළ අතර එය ද හිරුෂ සම්පත් හට පහසුවෙන් ගෝල කණු අතරින් යැවීමට හැකි විය. (ZCC 05 – 18 KCK)

Embed – https://www.thepapare.com/st-josephs-college-v-st-peters-college-singer-schools-rugby-league-2018-match-report-sinhala/

මෙම අර්ධයේ දී එක් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෙකුට හා සහිරා ක්‍රීඩකයින් තිදෙනෙකුට කහ කාඩ්පත් නිකුත් කිරීමට තරග විනිසුරු හට සිදු විය. තරගය අවසාන වන තෙක් තම සටන්කාමීත්වය පවත්වා ගත්ත ද සහිරාවන්ට කිසිදු ආකාරයක ලකුණක් ලබා ගැනීමක් නොහැකි වූ අතර පළමු අර්ධයේ ලැබූ උත්සාහක දිනුමෙන් පමණක් සෑහීමකට පත් වන්නට ඔවුන්ට සිදු විය.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් විද්‍යාලය 18 (2T,1C,2P) – 05 (1T) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: හිරුෂ සම්පත් (කිංග්ස්වුඩ්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • කිංග්ස්වුඩ් විද්‍යාලය: හිරුෂ සම්පත් (1T, 1C, 2P), නුවන් ගුණතිලක (1T)
  • සහිරා විද්‍යාලය – මොහොමඩ් ඩීන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<