විද්‍යාර්ථයින්ගෙන් කොලොම්පුරයට දැඩි ප්‍රහාරයක්

1675

අද (09) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී 2018 ‘සිංගර්’ අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතා වටයේ එක් තරගයක් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්විය. මෙහි දී ලකුණු 57-20ක් වශයෙන් සුපිරි ජයග්‍රහණයක් හිමි කර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට හැකි විය.

සහිරා ක්‍රීඩකයින් පරදා ත්‍රිත්වයින් හයට

2018 සිංගර් කුසලාන පාසල් රග්බි ලීග් තරගාවලියේ අවසන් සතියේ තරගයක් වූ සහිරා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ……

සවස 04.10 ට ආරම්භ වූ තරගයේ පළමු විනාඩි තුන ගත වූ වහාම ක්ෂණික උත්සාහක දිනුමක් වාර්තා කිරීමට විද්‍යාර්ථ කණ්ඩායමේ ජී. එස්. ජයකොඩි සමත් විය. මෙහි දී  මනා සංවිධානාත්මක අයුරින් පන්දුව ඉදිරියට ගෙන ගිය ඔවුන් කිසිදු අත්වැරදීමක් සිදුවීමට ඉඩ නොතැබුවා සේම ප්‍රතිවාදී කණ්ඩායම බිඳ ගෙන ඉදිරියට ගොස් ලකුණු රැස් කිරීම සිදු කළා. මෙහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ටී. එම්. හෙට්ටිආරච්චි හට හැකි වුනා. (VCK 07 – 00 LCC)

කෙසේ හෝ තම කණ්ඩායමේ විශ්වාසය වියැකීමට ඉඩ නොදී ලකුණු ලබා ගැනීමට මහත් පරිශ්‍රමයක් ගත් ලුම්බිණි කණ්ඩායම උත්සාහක දිනුමක් ලබා ගැනීමට තම ගෝලය වෙත ඇදී ගිය අතර එය ව්‍යර්ථ කිරීමට විද්‍යාර්ථයින් කටයුතු කළා. තම අතට පන්දුව ලබා ගත් අයි. එස්. උමයන්ග  ප්‍රතිවාදීන් මග හරිමින් විද්‍යාර්ථයේ ගෝලය වෙත දිව ගිය අතර ගෝල රේඛාවට පියවර කිහිපයක් තිබිය දී ලුම්බිණි ක්‍රීඩකයින් විසින් ඔහුව නවතනු ලැබුවා. නමුත් ලුම්බිණි පිළට එහි වාසිය ගැනීමට ඉඩ නොතැබූ එම්. එස්. කලුගම්පිටිය තම කණ්ඩායම ලුම්බිණියෙන් ඩැහැ ගත් පන්දුව සියතට ගෙන දිවගොස් නැවත උත්සාහක දිනුමක් ලබා ගත්තා. පෙර සේම ටී. එම්. හෙට්ටිආරච්චි විසින්  එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනු ලැබූවා. (VCK 14 – 00 LCC)

ලුම්බිණි විද්‍යාලයේ එස්. විමුක්ති හා ඩබ්. ඩී. ශලින්ද සිය කණ්ඩායමේ සිඳී යමින් තිබූ ජවය ඉහළට ගැනීමට මහත් වෙහෙසක් ගනු දක්නට ලැබුණි. ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ අතින් ගිලිහී බිම වැටුණු  පන්දුව සිය ගෝලය වෙත පා පහරවල් මගින් ගෙන ගිය විද්‍යාර්ථ කණ්ඩායම මනා සටනක නිරත වූ අතර කේ. එල්. බණ්ඩාර ඔවුන්ගේ වෑයම සාර්ථක කරමින් වාර්තා කළ උත්සාහක දිනුම ටී. එම්. හෙට්ටිආරච්චිගේ සාර්ථක ප්‍රවර්තනයෙන් හැඩ විය. (VCK 21 – 00 LCC)

ඩී. එස්. හදවත් බිඳිමින් තෝමසුවන් පළඟ ශූරතාවය දිනයි

පළඟ ශූරතාවේ අපරාජිත වාර්තාව රැක ගනිමින් 2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ඊයේ (8) ගල්කිස්ස සාන්ත තෝමස්……

තම ගෝලය පස ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිය දී විනිසුරු විසින් ලබා දුන් දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ලුම්බිණි ක්‍රීඩක ටී. පකීර් හට හැකි වූ අතර එය ඔවුන් තරගය තුළ ලකුණු රැස් කර ගත් පළමු අවස්ථාව විය.

මින් පසුව ක්‍රියාත්මක වූ විද්‍යාර්ථයේ සී. ඩී. කෝදාගොඩ හා ජී. එස්. ජයකොඩි විවිධ ප්‍රයෝග යොදමින් ඔවුන්ගේ කණ්ඩායම සමඟින් පන්දුව ගෝලය වෙතට ගෙන ගිය අතර ඉන් ප්‍රයෝජනය ගනිමින් ටී. එස්. තිලකරත්න කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළ නමුත් හෙට්ටිආරච්චි හට එහි ප්‍රවර්තනය මග හැරුණි. (VCK 26 – 03 LCC)

පෙර තරගවල දී දක්නට ලැබුණු දුර්වල තරග විලාසය මෙහි දී ද ලුම්බිණි කණ්ඩායමෙන් දිස්වූ අතර තමන්ට ලැබුණු අනගි අවස්ථා මග හරවා ගනිමින් ලකුණු නොලබා සිටින්නට විය. විද්‍යාර්ථයේ ගෝල රේඛාව පසු කරමින් වතාවක් ඇදී ගිය පන්දුව පා පහරකින් නැවත  පිටියේ මැදට යැවීමට ගත් තැතක් ලුම්බිණි ක්‍රීඩකයෙකුට වැරදුණු අතර එහි දී පන්දුව ක්‍රීඩකයෙකුගේ සිරුරේ ගැටී නැවතත් ගෝල සීමාවේ ම පතිත විය. එහි වාසිය ගත් සී. ඩී. කෝදාගොඩ විසින් හෙට්ටිආරච්චිගේ ප්‍රවර්තනයෙන් හැඩ වූ උත්සාහක දිනුමක් විද්‍යාර්ථ කණ්ඩායමට ලබා දුන්නේය. (VCK 33 – 03 LCC)

ප්‍රථම අර්ධය නිමා වීමට මිනිත්තුවක පමණ කාලයක් ඉතිරිව තිබිය දී විනිසුරු විසින් ලබා දුන් දෙවන දඬුවම් පහර ද ටී. පකීර් විසින් සාර්ථක කර ගැනීම නිසා ලුම්බිණි විද්‍යාලයට පළමු අර්ධයේ දී ලකුණු 06ක් ලබා සෑහීමට පත් වන්නට සිදු විය.

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 33 – 06 ලුම්බිණි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වූයේ ද නැවත විද්‍යාර්ථයින්ගේ ශක්තිය පිටිය පුරා පතුරවමිනි. ජවසම්පන්න බවක් පාමින් ලුම්බිණි ක්‍රීඩකයින් පිටියට පිවිස විසිරෙමින් මහනුවර ක්‍රීඩකයින්ට ප්‍රතිරෝධයක් එල්ල කරමින් හැසිරුණු අතර එය බාධාවක් නොකර ගත් විද්‍යාර්ථයේ ටී. ඩී. තිස්ස උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි දී හෙට්ටිආරච්චිගේ ප්‍රවර්තනය අසාර්ථක විය. (VCK 38 – 06 LCC)

සත්කාරකයින් පරදා ආගන්තුකයින් දෙවැනි තැන දිනා ගනී

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් ඊයේ (8) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කටුගස්තොට සාන්ත……

විශාල ලකුණු පරතරයක් හා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා සිටිමෙන් ඇති වන අවමානය වළක්වා ගැනීම ලුම්බිණි ක්‍රීඩකයින් හට මහත් අභියෝගයක් වී තිබුණි. මුල සිටම තරගකාරී ලෙස ක්‍රීඩා කළ සුලුතරයක් වූ ලුම්බිණි ක්‍රීඩකයන් අතර වූ එස්. විමුක්ති කෙසේ හෝ සිය කණ්ඩායමේ ගෞරවය රැකීමේ අරමුණින් සඟයින් සමඟ එක්ව රෝලින් මෝල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉදිරියට ගොස්  වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ටී. පකීර්ගේ පාදයෙන් සාර්ථක විය. (VCK 38 – 13 LCC)

තරගයේ අවසන් කාල පරිච්ඡේදය ගෙවෙමින් පවතින නිසා විශාල ලකුණු ප්‍රමාණයක් ලබා සිටි විද්‍යාර්ථ ක්‍රීඩකයින් තම ජයග්‍රහණය නිසැක බව දැන සිටිය ද උද්වේගකාරී ක්‍රීඩා විලාසය එසේම පවත්වා ගත්තේය. මේ අතරතුර එන්. කේ. බණ්ඩාර විසින් හෙට්ටිආරච්චිගේ ප්‍රවර්තනයෙන් වර්ණවත් වූ තවත් උත්සාහක දිනුමක් සිය කණ්ඩායමට එක් කළේය. (VCK 45 – 13 LCC)

පිටියේ දී සිදු කරන ලද තරග නීති උල්ලංඝනය කිරීමක් නිසා ලුම්බිණි ක්‍රීඩක එස්. ඩී. චමුපති විනිසුරු විසින් කහ කාඩ් පත පෙන්වා පිටියෙන් ඉවත් කරන ලදි. ප්‍රතිවාදීන්ගේ දුර්වලතා සිය ජයග්‍රහණය කර ගත් විද්‍යාර්ථ ක්‍රීඩකයින් ඔවුන්ගේ දක්ෂතා වල උපරිමය පෙන්වමින් සිටින්නට විය. තම ගෝලය ආසන්නව සිදු වූ ස්ක්‍රම් අවස්ථාවක දී පන්දුව ඩැහැ ගත් කේ. එල්. බණ්ඩාර තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. මෙහි ප්‍රවර්තනය හෙට්ටිආරච්චි ලබා ගත්තේ ය. (VCK 52 – 13 LCC)

තරගයේ අවසන් මිනිත්තු දහයේ දී දෙපිළෙන් ම උත්සාහක දිනුම් වාර්තා වූ අතර ඉන් පළමුවැන්න ලුම්බිණි විද්‍යාලයේ කේ. නිලුපුල් ලබා ගත්තේ ය. එහි ප්‍රවර්තනය ටී. පකීර් සාර්ථක කර ගත් අතර  අසාර්ථක ප්‍රවර්තනයක් සහිත දෙවන උත්සාහක දිනුම විද්‍යාර්ථ විද්‍යාලයේ එම්. එස්. කලුගම්පිටිය ගෙන් විය.

මේ අනුව ලකුණු 57ක් ලබමින් ලකුණු 37ක විශාල පරතරයක් සහිතව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය තරගය ජය ගත්තේය.

අවසාන ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 57 (9T 6C) – 20 (2T 2C 2P) ලුම්බිණි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ටී. එම්. හෙට්ටිආරච්චි (විද්‍යාර්ථ විද්‍යාලය)

ලකුණු රැස් කිරීම

  • විද්‍යාර්ථ විද්‍යාලය: ටී. එම්. හෙට්ටිආරච්චි (6C), කේ. එල්. බණ්ඩාර (2T), එම්. එස්. කලුගම්පිටිය (2T), ජී. එස්. ජයකොඩි (1T), එස්. තිලකරත්න (1T), සී. ඩී. කෝදාගොඩ (1T),  එන්. කේ. බණ්ඩාර (1T), ටී. ඩී. තිස්ස (1T)
  • ලුම්බිණි විද්‍යාලය: ටී. පකීර් (2P 2C), කේ. නිලුපුල් (1T), එස්. විමුක්ති (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<