දෙවැනි අර්ධයේ මෙහෙයුමෙන් ජය විද්‍යාර්ථයට

1700
Vidyartha College v DS Senanayake College

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ කුසලානය වෙනුවෙන් ඊයේ (11) පැවති තරගයෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරදා ලකුණු 22-17ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය.

විද්‍යා විද්‍යාලයේ වේගයෙන් ධර්මරාජ ක්‍රීඩකයෝ පසුබසී

සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ

වැසිබර කාලගුණයත් සමඟින් ප.ව. 4.05ට ඩී. එස්. පා පහරින් තරගය ආරම්භ විය. තරගය ආරම්භයේ පටන් දෙපිලම ආරක්ෂාකාරී තරග රටාවක නිරත වෙනු දක්නට ලැබුණි.

විද්‍යාර්ථ විද්‍යාලයේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඩී. එස්. ක්‍රීඩකයන් ගත් උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක වූ අතර තරගයේ ප්‍රථම අර්ධයේ 20 වැනි මිනිත්තුවේ දී ඩී. එස්. ක්‍රීඩකයින්ට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඩී. එස්. ක්‍රීඩකයෝ අසමත් වූහ.

කෙසේ නමුත් සුපුරුදු රිද්මයෙන් ඉදිරියට ඇදුණු ඩී. එස්. ක්‍රීඩකයින් තරමක ආක්‍රමණකාරී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ අතර තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ඩී. එස්. සන්ජන ඩී. එස්. විද්‍යාලය වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුහු අසමත් වූහ. (05-00)

පලඟ ශූරතාව ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද?

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතා තරග මේ සති අන්තයේ දී ආරම්භ වන අතර ඊට සහභාගී වන කණ්ඩායම්

ඉන් මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ විද්‍යාර්ථ විද්‍යාලයේ සී. කළුආරච්ච් ඩී. එස්. අභියෝගයට සාර්ථකව පිළිතුරු ලබා දෙමින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. පළමු අර්ධය අවසාන වන විට දෙපිලම ලකුණු 5 බැගින් ලබාගෙන සම තත්වයේ පසු විය. (05-05)

ප්‍රථම අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 05 – 05 විද්‍යාර්ථ විද්‍යාලය

විද්‍යාර්ථ පා පහරින් දෙවන අර්ධය ආරම්භ වූ අතර එයින් විනාඩි කිහිපයක් යෑමට මත්තෙන් ඩී. එස්. ක්‍රීඩකයෝ සිය දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වූහ. එම උත්සාහක දිනුම එම්. කුෂාන් විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ඩී. එස්. ක්‍රීඩකයෝ සමත් වූහ. (12-05)

විද්‍යා විද්‍යාලයේ වේගයෙන් ධර්මරාජ ක්‍රීඩකයෝ පසුබසී

සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ පළඟ

කෙසේ නමුත් විද්‍යාර්ථ ක්‍රීඩකයින් ද ඩී. එස්. ක්‍රීඩකයින් පසුපස පැමිණෙමින් ලකුණු මට්ටම සම කර ගැනීමට වෙර දැරූ අතර දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේ දී ඔවුන්ට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට  විද්‍යාර්ථ විද්‍යාලයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක හෙට්ටිආරච්චි සමත් විය. (12-08)

මෙම අර්ධයේ දී විද්‍යාර්ථ විද්‍යාලයට එක් කහා කාඩ්පතක් හා ඩී. එස්. විද්‍යාලයට කහ කාඩ්පත් දෙකක් ලබා දීම කැපී පෙනුණි.

ඉන්පසු වඩාත් ආක්‍රමණකාරී තරග රටාවකට පිවිසි විද්‍යාර්ථ ක්‍රීඩකයින් තරගයේ ග්‍රහණය සියතට ගැනීමට සමත් වූ අතර ක්‍රීඩකයින් අඩුවීමේ වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් සී. කෝදාගොඩ විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අංක 10 ක්‍රීඩකයා සමත් විය. (12-15)

තෝමසුවන් හමුවේ ලුම්බිණි ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ දෙවන වටයේ තවත්

දෙවැනි අර්ධයේ 22 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ විද්‍යාර්ථ ක්‍රීඩකයන් ඩී. එස්. ප්‍රබල ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දමමින් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් වූහ. එහි ප්‍රවර්තනය ද විද්‍යාර්ථ විද්‍යාලය විසින් සාර්ථක කර ගන්නා ලදි. (12-22)

දෙවන අර්ධයේ අවසාන භාගයේ දී ඩී. එස්. විද්‍යාලය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ඩී. එස්. ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමත් වූවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (17-22)

>> තරගයේ ඡායාරූප ඇල්බමය වෙත පිවිසෙන්න <<

මේ අනුව පළඟ කුසලානයේ පළමු ජයග්‍රහණය ලකුණු 22-17ක් ලෙස වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය.

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 17 (3T, 1C) – 22 (3T, 2C, 1P) විද්‍යාර්ථ විද්‍යාලය

ලකුණු රැස් කල ක්‍රීඩකයන් 

විද්‍යාර්ථ විද්‍යාලය –  බී. කළුආරච්ච් (2T), එම්. හෙට්ටිආරච්චි (1P, 2C), සී. කෝදාගොඩ (1T)

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සී. එස්. සන්ජන (1T), එම්. කුෂාන් (1T), එම්. බ්‍රාන්ත (1C) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<