හිරුෂගේ උත්සාහය අපතේ යවමින් ජය බම්බලපිටියට

1286

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන වටයේ තරගයක් අද (18) කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූයේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී ය. එම තරගයෙන් ලකුණු 20–10ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට සාන්ත පීතර  විද්‍යාලය සමත් විය.

අවසාන මොහොතේ උත්සාහක දිනුමෙන් ඉසිපතනයට ජය

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ, කුසලාන ශූරතාවේ තවත් තරගයක් ලෙස කොළඹ ඉසිපතන විද්‍යාලය මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය…

වැසිබර කාලගුණයක් මධ්‍යයේ දෙපිලේම ක්‍රීඩකයින් පිටියට අවතීර්ණ වූ අතර කිංග්ස්වුඩ් පා පහරින් තරගය ආරම්භ විය.

තෙත් වූ පිටිය මත කණ්ඩායම් දෙකම පන්දුව හුවමාරු කිරීම තරමක් සැලකිල්ලෙන් යුතුව සිදු කරනු දක්නට ලැබුණු අතර සාන්ත පීතර විද්‍යාලයේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් ක්‍රියාත්මක වෙමින් ධවල රේඛාව අසල දී ම ලබා ගත් ඉක්මන් පන්දු පාලනයකින් යොහාන් ප්‍රනාන්දු පළමු උත්සාහක දිනුම පීතරයින් වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ෂෙහාන් තිවංක විසින් සාර්ථක කර ගත්තේය. (07-00)

කිංග්ස්වුඩ් විද්‍යාලය තම ආරක්ෂක වළල්ල දිගින් දිගටම දැඩි කරනු දක්නට තිබුණු අතර සාන්ත පීතර ගිණුමට බැර වන්නට ගිය උත්සාහක දිනුම් අවස්ථා කිහිපයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ප්‍රතිවාදීන් සමත් විය.

වැස්සෙන් නිසා තෙත් වූ පිටියේ පන්දුව හැසිර වීමේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතින් අතපසු වීම් සිදු වූ අතර කෙසේ නමුත් නිසි අයුරින් පන්දුව පාලනය කරගත් කිංග්ස්වුඩ් විද්‍යාලයේ හරුෂ ප්‍රථම උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද හිරුෂ විසින් ම සාර්ථක කර ගත්තේය. (07-07)

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 07 – 07 කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙපිලේම ආරක්ෂක ක්‍රීඩකයින් පිටියේ අවාසිදායක තත්වය වාසියකට පෙරළා ගැනීමට උත්සාහක කළ අතර එහි දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් අතින් සිදු වූ අනිසි බලපෑමක් සාන්ත පීතර ලකුණු පුවරුවට ලකුණු තුනක් එක් කරන්නට සමත් විය. ඒ හිටපු යොවුන් ජාතික පාපන්දු කණ්ඩායමේ ද නායක ලෙස කලක් ක්‍රීඩා කළ ෂෙහාන් තිවංකගේ උත්සාහයෙනි. (10-07)

ඉන්පසුව පිටියෙන් ඉවතට ෂෙහාන් ලබා දුන් පන්දුව මැනවින් ග්‍රහණය කර ගනිමින් සාන්ත පීතර ඉදිරිපෙළ ක්‍රීඩක ජූලියන් චාර්ල්ස් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (17-07)

දෙවන රග්බි ක්‍රීඩකයාත් ජීවිතක්ෂයට

ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙවන බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් ඊයේ (15) සන්ද්‍යාවේ දී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට…

ඉන්පසුව පිටිය සිසාරා සාන්ත පීතර ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ ආධිපත්‍ය පැතිරි යෑම ආරම්භ වූ අතර ෆියාස් අබ්දුල්ලා හා චාර්ල්ස්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය නිසාවෙන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ගේ උත්සාහයන් කිහිපයක් ව්‍යර්ථව ගියේ තරගයේ උණුසුම තවත් ඉහළ දමමිනි.

කෙසේ නමුත් දිගු නිහැඬියාවකට පසු කිංග්ස්වුඩ් ධවල රේඛාව පෙනෙන මානයේ දී ප්‍රතිවාදීන්ගේ දැඩි ආරක්ෂාවට නතු වූ කිංග්ස්වුඩ් ඉදිරි ආරක්ෂක වළල්ලට අනිසි බලපෑමක් සිදු වූ අතර එහි දී ලැබුණු දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් පියාසර කරවීමට කිංග්ස්වුඩ් ක්‍රීඩක හිරුෂට හැකි විය. (17-10)

කෙසේ නමුත් තරගයේ අවසන් භාගයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් අතින් සිදු වූ අනිසි බලපෑමක් නිසාවෙන් සාන්ත පීතර ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ අතර එහි වාසිය උපරිමයෙන් ලබා ගත් ෂෙහාන් තවත් ලකුණු 3ක් සාන්ත පීතර ලකුණු පුවරුවට එක් කළේය. ඒ සමඟින් තරගය අවසන් වූයේ සාන්ත පීතර ක්‍රීඩකයින් තරගය ලකුණු 10කින් ජයග්‍රහණය කරමිනි.

දෙවැනි අර්ධයේ මෙහෙයුමෙන් ජය විද්‍යාර්ථයට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ කුසලානය වෙනුවෙන් ඊයේ (11) පැවති තරගයෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරදා ලකුණු 22-17ක් ලෙස ජයග්‍රහණය…

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 20 (2T,2C,2P) – 10 කිංග්ස්වුඩ් විද්‍යාලය (1T,1C,1P)

ThePapare.com තරගයේ වීරයා – ෆියාස් අබ්දුල්ලා (සාන්ත පීතර විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • සාන්ත පීතර  විද්‍යාලය – යොහාන් ප්‍රනාන්දු 1T,  ජූලියන් චාර්ල්ස් 1T, ෂෙහාන් තිවංක 2C, 2P  
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – හිරුෂ සම්පත් 1T, 1C, 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<