අන්තෝනි දෙවන ජය ලුම්බිණියට දැවැන්ත පරාජයක් අත්කර දෙයි

1101

කොළඹ තුරඟ තරග පිටියේ අද (19) පැවති 2018 ‘සිංගර්’ පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතා තරග මාලාවේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සමත් වුනා. ඒ ලකුණු 61-05ක් වශයෙන්.

ත්‍රිත්ව ඉසිපතන ගැටුමේ තීරණයක් නැහැ!

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවේ තවත් තරගයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර අද (19) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ…

සවස 4ට ආරම්භ වූ තරගයේ තෙවන මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කළ ලුම්බිණි විද්‍යාලයේ කේ. නිලුපුල් නියම ආරම්භයක් ඊට ලබා දුන් නමුත් ටී. සෙඩ්. පකීර්ගේ ප්‍රවර්තනය අසාර්ථක වුනා. (00-05)

ලුම්බිණියේ සටන්කාමී ක්‍රීඩා විලාසයට අභියෝග කිරීමට අන්තෝනි ක්‍රීඩකයන් ගත් දැඩි උත්සාහය හමුවේ ඔවුන් පසු නොබසින විලාසයක් පෙන්නුම් කරන ලදි. පිටියේ මීටර් 10 හා මීටර් 22 රේඛා අතරමැද සිට එල්ල කිරීමට විනිසුරු විසින් ලබා දුන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩක චමෝද් වනසිංහ හට නොහැකි විය.

පැය භාගයකට ආසන්න කාලයක් ගත වූ පසු නිශාන් පෙරේරා ලබා ගත් උත්සාහක දිනුමක් සහ චමෝද් වනසිංහ සාර්ථක කර ගත් ප්‍රවර්තනයක් සමඟින් සාන්ත අන්තෝනි ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. (SACK 07 – 05 LCC)

පා පහරවල් එල්ල කර පන්දුව තම ගෝලය දෙසට යොමු කළ අන්තෝනීන් හට විරුද්ධ වීමට ලුම්බිණි ක්‍රීඩකයින්ට නොහැකි වූ අතර නැවතත් ක්‍රියාත්මක වූ අන්තෝනි ක්‍රීඩක ඉෂාර ලියනගේ විසින් ගෝල රේඛාව දෙසට ඇදී ගිය පන්දුව මතට පැන උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය චමොද් හට සාර්ථක කර ගැනීමට නොහැකි විය. (SACK 12 – 05 LCC)

මේ අතරතුර අන්තෝනි විද්‍යාලයේ දුලන්ජන ලක්ෂාන් ආබාධයකට ලක් වූ අතර ඔහුට පිටියෙන් ඉවත් වන්නට සිදු විය.

නිජබිමේ දී ම ජෝසප්වරුන් සහිරාවන්ව පරාජය කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ තවත් තරගයක් අද (19) පැවැත්වුනේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතරයි.

ඉන් අනතුරුව පළමු අර්ධය නිමා වන්නට ආසන්න වන විට අන්තෝනි ගෝලය පස මීටර් 10 හා 22 රේඛා අතර කලාපය තුල පොරබදමින් ක්‍රීඩා කළ දෙපිලේ ක්‍රීඩකයින් නිසා එම පෙදෙස  කුඩා සටන් බිමක් සේ දිස් වන්නට විය. එහි දී වහා ක්‍රියාත්මක වෙමින් ඉෂාර ලියනගේ හරියටම ගෝල කණු දෙක අතරමැද තැබූ උත්සාහක දිනුම සහ චමෝද් වනසිංහගේ සාර්ථක ප්‍රවර්තනය අන්තෝනි ලකුණු පුවරුව තවත් ඉහළ නැංවීමට සමත් විය. (SACK 19 – 05 LCC)

මේ අනුව පළමු අර්ධය නිමා වන විට ලකුණු 19ට 05ක් වශයෙන් මහනුවර අන්තෝනි විද්‍යාලය පෙරමුණ ගත්තේය.

පළමු අර්ධය: සාන්ත අන්තෝනි විද්‍යාලය 19 – 05 ලුම්බිණි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වූ විගසම ලුම්බිණි විද්‍යාලයේ එම්. අස්කර් ආබාධයකට ලක්වූ අතර ධෛර්යමත් වූ ඔහු පිටියේ දිගටම රැඳී සිටිමින් තම කණ්ඩායමට සහය වන්නට විය.

සුළු මොහොතකින් නැවතත් සාන්ත අන්තෝනි ක්‍රීඩක ඒ. ආර්. අමරසිංහ විසින් උත්සාහක දිනුමක් වාර්තා කොට මහනුවර ආධිපත්‍ය කොළඹ තුරඟ තරග පිටියේ පතුරුවන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සුපුරුදු පරිදි චමෝද් වනසිංහ ලබා ගත්තේය.

මෙහි දී මිනිත්තු 15ක් තුල පෙර උත්සාහක දිනුමත් සමඟ උත්සාහක දිනුම් 3ක් අන්තෝනි පුවරුවට එක් වූ අතර අනෙක් ද්විත්වයේ හිමිකාරිත්වය සවේෂ් වීරකෝන්ට සහ මොහොමඩ් ශබීර් හට හිමි විය. එමෙන්ම ඒවායේ ප්‍රවර්තනයන් චමෝද් වනසිංහ වාර්තා කළේය. (SACK 40 – 05 LCC)

ලුම්බිණි ක්‍රීඩකයන් මේ අවස්ථාව වන විට දැඩි අසීරුතාවයකට පත් වී සිටි අතර තරගය නිමා වීමට මිනිත්තු 20ක් තිබිය දී අන්තෝනීන් හා සම වීමට ලකුණු 35ක දැඩි ඉලක්කයක් ඔවුන් හමුව තිබිණි.

මේ අතර වාරයේ ලුම්බිණි ක්‍රීඩකයින් බොහොමයක් ආබාධවලට ලක් වන්නට විය. එමෙන්ම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම ද පහළ බසිමින් තිබුණි. අන්තෝනි ක්‍රීඩක ඉෂාර ලියනගේ නැවතත් ක්ෂණිකව ලුම්බිණිය සතුව පැවතී පන්දුව තම ග්‍රහණයට ගෙන කිසිදු බාධාවකින් තොරව දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය. චමෝද් වනසිංහ මෙහි ප්‍රවර්තනය ද ඉතා පහසුවෙන් ලබා ගත්තේය. (SACK 47 – 05 LCC)

ඉතා දක්ෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් යුහුසුලුව ක්‍රීඩා කළ අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ මට්ටම ඉතා ඉහළ මට්ටම පැවතිනි. පිටියේ මනාව විසිරෙමින් ඔවුන් උපායශීලිව කටයුතු කරන්නට වූ අතර ලුම්බිණි ක්‍රීඩකයන් නැවත නැවතත් ආබාධවලට ලක් විය. එමන්ම ඔවුන්ගේ ක්‍රීඩක කේ. ජී. ග්‍රේරෝ නිතරම තම උපරිමයෙන් තරගයේ නියැලෙනු දක්නට හැකි විය.

තරගයේ අවසන් මිනිත්තු පහේ දී මහනුවර සාන්ත අන්තෝනි විදුහල ලබා ගත් උත්සාහක දිනුම් ද්විත්වය ඉෂාර ලියනගේ හා මොහොමඩ් ශබිර් යන නම් ඉදිරියේ ලියවිණි. එම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්තන චමෝද් වනසිංහ සතු විය. තරගය පුරාවට ලුම්බිණි විද්‍යාලය ලැබුවේ ඔවුන් ආරම්භයේ දී ලබාගත් උත්සාහක දිනුම පමණි. මේ අනුව තරගය ඉතා දක්ෂ ලෙස ජය ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සමත් වූහ. (SACK 61 – 05 LCC)

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 61 (9T,8C) – 05 (1T) ලුම්බිණි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: චමෝද් වනසිංහ (සාන්ත අන්තෝනි)

ගෝල ලබා ගැනීම

  • ලුම්බිණි විද්‍යාලය – කේ. නිලුපුල් 1T
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – චමෝද් වනසිංහ 8C , ඉෂාර ලියනගේ 4T, මොහොමඩ් ශබීර් 2T, සවේෂ් වීරකෝන් 1T, ආර්. අමරසිංහ 1T, නිශාන් පෙරේරා 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<