විද්‍යා ක්‍රීඩකයින්ගේ වේගය ලුම්බිණියට පරාජය ගෙන එයි

1514
Science College vs Lumbini College

මුළු රග්බි පිටියම වර්ෂාවෙන් නැහැවෙද්දී උණුසුම් රග්බි තරගයක් අද (02) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය  අතර පැවැත්වූයේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ය. එහි දී ලකුණු 65-10ක් ලෙස විද්‍යා ක්‍රීඩකයින් ජයග්‍රහණය කළේ ලුම්බිණි ක්‍රීඩකයින්ට තවත් පරාජයක් උරුමකර දෙමිනි.

රාජකීය මෙහෙයුමෙන් ඉසිපතනයට දැඩි අලාභ හානි

මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය වෙනුවෙන් රාජකීය විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර පැවති සිංගර් කුසලාන

පළඟ ශූරතාව වෙනුවෙන් දියත් වූ මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගි වූ අතර මෙම තරගය සඳහා විද්‍යා විදුහල පැමිණෙන්නේ ඩී. එස්. ක්‍රීඩකයින්ගෙන් ලද පරාජයත් සමඟ ය. ලුම්බිණිවරු ද තෝමස්වරුන්ගෙන් ලද පරාජයත් සමඟ තරගයට එකතු වූ අතර කණ්ඩායම් දෙකටම මෙය ජය ගැනීම ඉතාම වැදගත් විය.

තරගයේ ආරම්භය ඉතාම ප්‍රවේගකාරී මුහුණුවරක් ගත් අතර ප්‍රථම උත්සාහක දිනුම විද්‍යා ක්‍රීඩක ප්‍රියදර්ශන විසින් ලබා ගත්තේ තුන්වැනි මිනිත්තුවේ දී ය. එයට හොඳ පිළිතුරක් ලබා දෙන ලුම්බිණි ක්‍රීඩක ග්‍රේරෝ ද උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්ත්වය 05-05ක් ලෙස තරගයේ පළමු මිනිත්තු 10 ගත වෙද්දී සම කරන්නට සමත් විය.

මෙම තත්ත්වය වැඩි වෙලා රැක ගන්නට නොදී පිට පිට උත්සාහක දිනුම් දෙකක් ලබා ගන්නට විද්‍යා ක්‍රීඩක  සී. එස්. ෆොන්සේකා සමත් වූ අතර එහි ප්‍රවර්තන අවස්ථා දෙකම ඔවුන්ට සාර්ථක කර ගැනීමට නොහැකි විය. (15-05)

තරගය අතරතුර දී Lineout අවස්ථා කිහිපයක් සාර්ථක කර ගන්නට ලුම්බිණි ක්‍රීඩකයින් සමත් වුවත් එමගින් ලකුණු පුවරුවේ වෙනසක් කරන්නට ඔවුන් හට හැකි වන්නේ නැත.

මේ අතරවාරයේ මැනවින් සිදු වූ පන්දු හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස එස්. අයි. ප්‍රියදර්ශන තවත් ලකුණු 5ක් විද්‍යා විදුහලට එකතු කරන්නේ 26 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය (20-05).

කෙසේ වෙතත් ලුම්බිණි ක්‍රීඩකයින් වෙත යම් සහනයක් ගෙන එමින් විශාල පොර බැදීමකට පසු සචින් එරංග විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ මේ අතරවාරයේ දී ය (20-10).

කෙසේ වෙතත් එයින් නතර නොවන විද්‍යා ක්‍රීඩක ෆොන්සේකා සහ ආර්. ඒ. මධුශංක  තවත් ලකුණු 7ක් එක්කරමින් තරගයේ පළමු භාගය අවසන් කරන්නේ විද්‍යා විද්‍යාලයට පෙරමුණ ගෙනඑමිනි.

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 27 : 10 ලුම්බිණි විද්‍යාලය

පළමු අර්ධය තුල තිබූ ජවය සහ වේගය සමඟින් විද්‍යා ක්‍රීඩකයින් දෙවැනි අර්ධය වෙත ද පිවිසෙන අතර සිදු වූ වැරදී අවම කර ගන්නට බලාපොරොත්තු සමඟින් ලුම්බිණි ක්‍රීඩකයින් තරගය සඳහා පිවිසිනි.

මැනවින් සිදු වූ තවත් පන්දු හුවමාරුවක් නිසාවෙන් දෙවන අර්ධයේ දෙවන මිනිත්තුවේ දී  විද්‍යා ක්‍රීඩක ටී. ඩී. සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එය මැනවින් ප්‍රවර්තනය කරන්නට මධුශංක සමත් විය (34-10).

වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි

දෙපිලේම පොරබැදීම් සමඟ පන්දුව පිටියේ දෙපසට මිනිත්තු කිහිපයක් දෝලනය වූ අතර සීමාව ඉක්මවා සිදු වූ අපරීක්ෂාකාරී තරග විලාසය මත ලුම්බිණි ක්‍රීඩක තරුෂ උදයංග වෙත කහ කාඩ්පතක්  දිගු කරන්නට විනිසුරුවරයා ක්‍රියා කළේය .

පිට පිට දෙවරක් උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු පුවරුව නැවතත් ක්‍රියාත්මක කරන්නට ප්‍රියදර්ශන සමත් වන්නේ ලුම්බිණි කණ්ඩායම වෙත හඹා ඒමට නොහැකි ඉදිරියක් ලබා දෙමිනි. එහි දී ලද ප්‍රවර්තනය අවස්ථාවන් දෙකෙන් එකක් පමණක් සාර්ථක කර ගන්නට මධුශංක සමත් විය (46-10) ඉහත උත්සාහක දිනුම් දෙකේ දී ම පන්දු හුවමාරුව විශිෂ්ට මට්ටමක තිබූ බව සඳහන් කළ යුතුමය.

ඉතාම ඉහළ වේගවත් තරග රටාවක් දියත් කළ විද්‍යා ක්‍රීඩකයින් ලුම්බිණි ක්‍රීඩකයින් වෙත තරගයේ වාසියක් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් අතර ලුම්බිණි ආරක්ෂක පවුර බිඳිමින් තවත් උත්සාහක දිනුමක් තරගයේ දෙවන අර්ධයේ 26 වන මිනිත්තුවේ දී වාර්තා කළේ විද්‍යා ක්‍රීඩක එම්. ඩී. කල්හාර විසිනි.

අපරාජිත ගල්කිස්සෙන් මහනුවර ක්‍රීඩකයින්ට තවත් පරාජයක්

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ

පිටියේ කෙළවරින් වාර්තා වූ එහි ප්‍රවර්තනය අපහසු වුවත් ආකර්ෂණීය ලෙස එය සාර්ථක කර ගන්නට මධුශංක සමත් විය. මෙයින් සෑහීමට පත් නොවන විද්‍යා ක්‍රීඩකයින් තරගය අවසන් වද්දී තවත් උත්සාහක දිනුම් දෙකක් ද සමඟින් ලකුණු  65-10ක් ලෙස තරගය ජයග්‍රහණය කළේය.

 

අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 65 (11T,5C) : 10 (2T) ලුම්බිණි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: එස්. අයි. ප්‍රියදර්ශන (විද්‍යා විදුහල)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

විද්‍යා විදුහල: එස්. අයි. ප්‍රියදර්ශන 4T, සී. එස්. ෆොන්සේකා 3T, ටී. ඩී. සිල්වා 1T, එම්. ඩී. කල්හාර 1T, එස්. කේ. මුනසිංහ 1T, එන්. එම්. සිල්වා 1T, ආර්. ඒ. මධුශංක 5C

ලුම්බිණි විදුහල: වයි. යූ. ග්‍රේරෝ 1T, සචින් එරංග 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<