අපරාජිත ගල්කිස්සෙන් මහනුවර ක්‍රීඩකයින්ට තවත් පරාජයක්

905

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් අද (01) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ලකුණු 17-07ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා. මේ තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල පිටියේ දී පැවැත්විය.

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ පසුගිය සතියට පෙර සති අන්තයේ දී ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ගෙන තිබූ තීරණය ඉවත් කිරීමට පසුව පලඟ තරගාවලිය යටතේ පැවති පළමු තරගය මෙයයි.  

පාසල් රග්බි සඳහා පැනවූ තාවකාලික තහනම ඉවතට

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ දී ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ගෙන තිබූ තීරණය…

සත්කාරක සාන්ත තෝමස් විද්‍යාල සිය නිජබිමේ පැවති මේ තරගයට අවතීර්ණ වුනේ පලඟ ශූරතාවයට සහභාගී වූ එකදු තරගයක් හෝ පරාජය නොවෙමිනි. සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට සහභාගී වූ පලඟ තරගයේ දී මලියදේව විද්‍යාලය ලකුණු 27-19ක් ලෙස පරාජයට පත් කළ අතර ධර්මරාජ විද්‍යාලය ද ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව තරගයට අවතීර්ණ වූයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ලකුණු 29-26ක් ලෙස පරාජයට පත් කරමිනි.

සාන්ත තෝමස් විද්‍යාලයේ පා පහරකින් ආරම්භ වූ මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයයි. සාන්ත තෝමස් පසුපෙළ ක්‍රීඩක එෆ්. යූ. ද ලයි තරගයේ 3 වැනි මිනිත්තුවේ දී එම දැකුම්කළු උත්සාහක දිනුම වාර්තා කළා. නමුත් එහි ප්‍රවර්තනය අවාසනාවන්ත ලෙස අසාර්ථක වුනා. (05-00)

තරගය ආරම්භයේ දී ම ධර්මරාජ ක්‍රීඩකයන් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩකයන් සමත් වූ අතර ඒ බව තවදුරටත් සනාථ කරමින් එම්. ආර්. අබේවර්ධන තවත් ලකුණු 5ක් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනා දුන්නා. එහි දී ලැබුණු මැදි දුර ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින් අසමත් විය. (10-00)

කණ්ඩායම් දෙකම පන්දු හුවමාරු කර ගැනීමේ දී දැක්වූ දස්කම් පිළිබඳව සතුටට පත්වීමට නොහැකි අතර වර්ෂාවෙන් එල්ල වූ බාධාව යම් දුරකට එයට හේතුවූවා විය හැක. නමුත් දුර්වලතා අවම මට්ටමක පවත්වා ගත්තා නම් මීට වඩා තියුණු තරගයක් නිර්මාණය වන්නට ඉඩකඩ තිබුණි.

කෙසේ නමුත් පළමු අර්ධය අවසාන වන තෙක් එකදු ලකුණක් හෝ ධර්මරාජයට ලබා නොදදෙන්නට සත්කාරක ක්‍රීඩකයින් වගා බලා ගත්තා.

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 10 – 00 ධර්මරාජ විද්‍යාලය

සංචාරක ධර්මරාජ විද්‍යාලයේ නායක බවන්ත උඩන්ගමුවගේ පා පහරින් ආරම්භ වූ දෙවන අර්ධයේ දී ධර්මරාජ ක්‍රීඩකයන් වඩාත් ආක්‍රමණශීලී‍ව තරගයට අවතීර්ණ වුනා.

තරගයේ 46 වන මිනිත්තුවේ දී ධර්මරාජ විද්‍යාලය සිය ජවය නිසියාකාරව යොදා ගනිමින් සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලබාගත් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා. එම උත්සාහක දිනුම එම්. විජේසිරි විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද පහසුවෙන්ම සාර්ථක කර ගැනීමට එම්. එස්. එන්. විජේසිරි සමත් වුනා. (10-07)

රග්බි විනිසුරුවන්ට වරදින්න පුළුවන්ද?

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ විනිසුරුවන් අතින් සිදුවන සමහර වැරදි නිසා ඇතිවන ගැටුම් ඉහළ යමින් පවතිනවා. ඒත් ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩකයන් හැටියට ඒ ගැන ප්‍රතිචාර දක්වන්නේ…

කණ්ඩායම් දෙක අතර ලකුණු 3ක පමණ පරතරයක් තිබූ නිසා මෙන්ම තරගය අවසන් වීමට ආසන්න වශයෙන් තවත් මිනිත්තු 20ක් පමණ තිබූ නිසාවෙන් කණ්ඩායම් දෙක අතර නැවතත් කරට කර තරගයක් නිර්මාණය වූ අතර එහි දී කණ්ඩායමේ දෙකේම ක්‍රීඩකයින් ඉතාමත් ජවසම්පන්න ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් තරගයේ 61 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අංක 7 ක්‍රීඩක එෆ්. යූ. ද ලයි මෙම තරගයේ ලබා ගත් දෙවන උත්සාහක දිනුම ලබා ගත්තේ ධර්මරාජ ක්‍රීඩකයින්ගේ තිබූ දුර්වල ආරක්ෂක බැමි බිඳ දමමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ටී. බී. ඊරියගම සමත් වූයේ සාන්ත තෝමස් විද්‍යාලය තවදුරටත් පෙරමුණේ තබමිනි. (17-07)

විද්‍යා විද්‍යාලයේ අපරාජිත වාර්තාව බිඳ වැටේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් අද (20) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර හැව්ලොක්…

අනතුරුව තරගයේ 66 වන මිනිත්තුවේ දී ධර්මරාජ විද්‍යාලයේ නායකයා හට තරගයේ ප්‍රධාන විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් නිකුත් කළේ අනාරක්ෂිත ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වැළැක්වීමට උත්සාහ කිරීම නිසාවෙනි.

අවසානයේ ලකුණු 17-07ක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලය තරගය ජයග්‍රහණය කළ අතර  ඒ අනුව සාන්ත තෝමස් විද්‍යාලය පලඟ ශූරතාවයේ තවදුරටත් අපරාජීතව සිටී.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 17 (3T,1C) – 07 (1T,1C) ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: අදීශ හඳුන්පතිරණ (සාන්ත තෝමස් විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • සාන්ත තෝමස් විද්‍යාලය (17) –  එෆ්. යූ. ද ලයි (2T), එම්. ආර්. අබේවර්ධන (1T), ටී. බී. ඊරියගම (1C).
  • ධර්මරාජ  විද්‍යාලය (07) – එම්. එස්. එන්. විජේසිරි (1C), එම්. විජේසිරි (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<