තෝමසුවන් හමුවේ ලුම්බිණි ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක්

1065

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ දෙවන වටයේ තවත් තරගයක් අද (12) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ලුම්බිණි  විද්‍යාලය අතර පැවැත්වූයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 40-10ක් ලෙස ප්‍රබල ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය  සමත් විය.

ලුම්බිණි ක්‍රීඩකයින්ට වේල්ස් කුමරුවන් හමුවේ පහසු ජයක්

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ

ඉතාමත් හොඳ කාලගුණයක් සමඟ ආරම්භ වූ තරගය පළමු තත්පරයේ  සිටම ඉතාම උණුසුම් තත්ත්වයක් පෙන්නුම් කළේය.

මුල් මිනිත්තු 10 තුල දී පන්දුව දෙපැත්තටම දෝලනය වුවද කිසිවකු ලකුණු වාර්තා කිරීම ආරම්භ ක‍ළේ නැත. ඊළඟ මිනිත්තු 10 තුල දී ප්‍රබල තරග රටාවක් අනුගමනය කළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර ඒ ප්‍රබල ක්‍රීඩක ලශේන්ද්‍ර ද සිල්වා විසිනි. එය ප්‍රවර්තනය කර ගැනීමට එම්. ෆර්ඩිනැන්ඩෝ සමත් වූ අතර ඒ අනුව 07-00ක් ලෙස තරගයේ පෙරමුණ සාන්ත තෝමස් ක්‍රීඩකයින් සතු විය.

එයින් සෑහීමට පත් නොවන ඉදිරිපෙළ ක්‍රීඩක ලශේන්ද්‍ර ද සිල්වා තවත් ලකුණු 5ක් තම කණ්ඩායමට එක්කරද්දී එය ප්‍රවර්තනය කරන්නට නැවතත් ෆර්ඩිනැන්ඩෝ සමත් විය. (14-00)

කෙසේ වෙතත් ලුම්බිණි විදුහල වෙත යම් සහනයක් ගෙන එමින් මනරම් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ටී. ෆකීර් සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක වන අතර 14-05ක් ලෙස තරගයේ ලකුණු තත්ත්ව පෙන්නුම් විය.

පලඟ ශූරතාව ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද?

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතා තරග මේ සති අන්තයේ දී ආරම්භ වන .

ඉතා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මෙම තරගයේ අත්දැකීම විඳ ගැනීමට පැමිණි සිටි අතර ඒ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද සිටීම සුවිශේෂී සිදුවීමකි.

තරගයේ ප්‍රථම කහ කාඩ්පත ලුම්බිණි විදුහලේ කරීම් වෙත විනිසුරුවරයා දිගු කරන්නේ මේ අතරවාරයේ දීය. කෙසේ වෙතත් මෙහි දී ලබා දුන් දඬුවම් පහර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සාන්ත තෝමස් ක්‍රීඩකයින් තම දිනුම් කණුව ආසන්නයට ළගාවීමට එය උපකාරී කරගන්නා අතර ඒ අවසරයෙන් නායක ක්‍රිස්ටියන් ද ලයිල්  උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි (21-05)

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 21 – 05 ලුම්බිණි විද්‍යාලය

විරාමයෙන් අනතුරුව තරගය ආරම්භයේ දී ම වේගවත් තරග රටාවක් සමඟ ලුම්බිණි ක්‍රීඩකයින් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඩබ්. ඩී. ශාලින්ද එයට හිමිකම් කී අතර එහි ප්‍රවර්තනය ඔහු අතින් අහිමි වී ගියේය. (21-10)

විශ්ව විද්‍යාල රග්බි ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙනුත් සංචිතයක්

වර්තමානයේ දී ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවෙන් දිගින් දිගටම ජයග්‍රහණ දිනා ගනිමින් .

එයට පිළිතුරු ලබා දෙන්නට සාන්ත තෝමස් ක්‍රීඩක ෆර්ඩිනැන්ඩෝ සමත් වන්නේ නැවතත් ඔවුන්ගේ ප්‍රබල ඉදිරිපෙළ සමඟයි. ඒ තවත් උත්සාහක දිනුමකිනි. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගත්තේය (28-10)

දිනයේ දෙවන කහ කාඩ්පත සාන්ත තෝමස් ක්‍රීඩක එන්. එස්. පෙරේරා වෙනුවෙන් ලබා දෙන්නේ නීති විරෝධී පන්දු ඩැහැ ගැනීමක් නිසාවෙනි.

කෙසේ වෙතත් තවත් උත්සාහක දිනුම් දෙකක් පිට පිටම වාර්තා කරමින් ජයග්‍රහණය කරා සාන්ත තෝමස් ක්‍රීඩකයින් රැගෙන යන්නට නායක ක්‍රිස්ටීන් ඩී ලයිල් සමත් වූ අතර එ්වායේ ප්‍රවර්තන ද සාර්ථක කර ගන්නට ෆර්ඩිනැන්ඩෝ සමත් විය. (40-10)

A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන

මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීම නම් සාන්ත තෝමස් ක්‍රීඩකයින් සතු ඉදිරිපෙළේ ක්‍රියාකාරීත්වයයි. ලුම්බිණි ක්‍රීඩකයින් සතුව ද ඉතාමත් හොඳ පසුපෙළක් සිටිය ද ඔවුන්ගේ ආරක්ෂක පවුර එතරම් සවිමත් නොවීම ඔවුන්ගේ පරාජයට හේතු විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 40 (6T,5C ) – 10 ලුම්බිණි විද්‍යාලය

ThePapare.comතරගයේ වීරයා: ක්‍රිස්ටියන් ඩී ලයිල් (සාන්ත තෝමස්)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්:

සාන්ත තෝමස් විද්‍යාලය: ක්‍රිස්ටියන් ඩී ලයිල් (3T), ලශේන්ද්‍ර ද සිල්වා (2T), එම්. ෆර්ඩිනැන්ඩෝ (1T, 5C)

ලුම්බිණි විද්‍යාලය: ටී ෆකීර් (1T), ඩබ්. ඩී. ශාලින්ද (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<