කොළඹ ක්‍රීඩකයින්ට විද්‍යාර්ථයින්ගෙන් හොඳ සංග්‍රහයක්

2012

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (10) මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී උත්සාහක දිනුම් හතක් සමඟින් පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය.

තියුණු සටනකින් ගාල්ල ක්‍රීඩකයෝ මහානාමය හමුවේ පරාජය වෙති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (8) ගාල්ල රිච්මන්ඩ් …

පළමු අර්ධයේ දී සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූ විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින්ට එකදු ලකුණක් හෝ රැස්කර ගැනීමට ඉඩ ලබා නොදුන් අතර වේගවත් ක්‍රීඩා රටාවක නිරත වූ ඔවුන් සිය වේගවත් පසුපෙළ යොදා ගනිමින් ප්‍රවර්තනය කළ උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තනය නොකළ උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු 26ක් රැස්කර ගැනීමට සමත් විය.

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 26 – 00 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සිය ගෞරවය රැක ගැනීමේ සටනක නිරත වූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස්කිරීමට සමත් වූ නමුත් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු බිඳ දැමූ විද්‍යාර්ථ ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ දී තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කර ගනිමින් ඒවායේ ප්‍රවර්තන ද සාර්ථක කර ගැනීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 45 (7T,5C) – 14 (2T,2C) සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<