කන්ද උඩරටින් පිළියන්දලට අනුකම්පා විරහිත සත්කාරයක්

2829

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (25) මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතර නිත්තවෙල දී පැවැත්විය. එම තරගයෙන් ලකුණු 87-00 දැවැන්ත ජයක් ලබා ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රථම අර්ධයේ වාසියෙන් සිල්වෙස්තර ක්‍රීඩකයින් පෙරමුණේ

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පසුගිය දා (25) පැවැත්වූයේ කොළඹ……

විද්‍යාර්ථ විද්‍යාලය පසුගිය 17 වැනිදා සහභාගී වූ තරගයෙන් ආනන්ද විද්‍යාලය ලකුණු 52-33ක් ලෙස පරාජය කර අතර පිළියන්දල මධ්‍ය විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හමුවේ ලකුණු 42-12ක් ලෙස පරාජය විය.

සවස 4.30ට ආරම්භ වූ මෙම තරගයට ආරම්භය දෙන ලද්දේ විද්‍යාර්ථ විද්‍යාලය විසිනි. පිළියන්දල මධ්‍ය විද්‍යාලයට තියුණු සටනක් ලබා දුන් විද්‍යාර්ථ ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තු 10 තුළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර ඉන් එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක විය.

පළමු අර්ධය අවසානයේ ප්‍රබල විද්‍යාර්ථ විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලයට එදිරිව ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත වෙමින් උත්සාහක දිනුම් 6ක් හා ප්‍රවර්තන 5ක් සාර්ථක කර ගනිමින් පළමු අර්ධයේ වාසිය ලබා ගත්තේය.

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 40 (6T,5C) – 00 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

තරගය පුරාවට සිය ආක්‍රමණය විදහාළු විද්‍යාර්ථ ක්‍රීඩකයෝ තරගයේ අවසානය දක්වාම එක ලෙස සිය රිද්මය පවත්වා ගැනීමට සමත් වූහ. තරගය අවසානයේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයට එදිරිව උත්සාහක දිනුම් 13ක් ලබා ගත් විද්‍යාර්ථ විද්‍යාලය ප්‍රවර්තන අවස්ථාවන් 11ක් ද සාර්ථක කර ගන්නා ලදි.

අවසාන ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය  87 (13T,11C) – 00 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<