තර්ස්ටන් හමුවේ වේල්ස් කුමරුවන්ට අඛණ්ඩව සිව්වැනි පරාජයත්

1202
2018 Schools Rugby B division

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (5) තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තර්ස්ටන් විද්‍යාල රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගය ලකුණු 77-13ක් ලෙස ජයග්‍රහණය කිරීමට තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් වූ අතර වේල්ස් කුමරුවන්ට අඛණ්ඩව සිව්වැනි පරාජයත් හිමි විය.

මලියදේව ක්‍රීඩකයෝ ලුම්බිණි ආක්‍රමණය පහසුවෙන් මැඩලති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (2) කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොළඹ…

පසුගිය සතියේ දී පැවති තරගයෙන් තර්ස්ටන් විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය හමුවේ ලකුණු 25-12ක් ලෙස පරාජය වූ අතර වේල්ස් කුමර විද්‍යාලය ලකුණු 29-26ක් ලෙස ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ පරාජය විය.

තරගය ආරම්භ වී දෙවන මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට තර්ස්ටන් ක්‍රීඩක තරුෂ ධර්මදාස සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය.

ආරම්භයේ දී ම ලබා ගත් ජවය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය සත්කාරක තර්ස්ටන් ක්‍රීඩකයෝ තරගයේ ඊළඟ මිනිත්තු කිහිපය තුළ තවත් උත්සාහක දිනුම් 2ක් හා ප්‍රවර්තන දෙකක් ලබා ගත්තේ තරගයේ මුල සිටම වේල්ස් කුමාර විද්‍යාලයට දැඩි පීඩනයක් එල්ල කරමිනි. (19-00)

තර්ස්ටන්වරුන්ගේ සිව්වැනි උත්සාහක දිනුම චතුර මදුවන්ත විසින් ලබා ගත්තේ අද තරගයේ දී ඔහු ලබාගත් පළමු උත්සාහක දිනුම ලෙසයි, ඒ තරගයේ 12 වන මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරුෂ ධර්මදාස සමත් විය. (26-00)

තරගයේ වැඩි පීඩනය වේල්ස් කුමර විද්‍යාලය සතුවූ මොහොතේ ක්‍රියාත්මක වූ වේල්ස් කුමර ක්‍රීඩක අවිශ්ක වෙල්ගොඩ සාර්ථකව ධවල රේඛාව පසුකර යමින් තරගයේ 21 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගත් නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (26-05)

වේල්ස් කුමර ක්‍රීඩකයින්ගේ දුර්වලතා මනාව හඳුනාගත් තර්ස්ටන් ඉදිරිපෙළ ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් 3ක් සාර්ථක කර ගැනීමට සමත් විය. එම උත්සාහක දිනුම් අතරින් දෙකක්ම නායක මොහොමඩ් රිස්කාන් විසින් වාර්තා කළේය. අනෙක් උත්සාහක දිනුම වාර්තා කළේ  එච්. කේ. ප්‍රනාන්දු විසිනි. ඒ අතරවාරයේ දී වේල්ස් කුමරුවන් ලකුණු 3ක් ලබා ගත්තේ 28 වන මිනිත්තුවේ දී රුචිත් පෙරේරා දඬුවම් පහර සාර්ථක කර ගත් නිසාවෙනි. (41-08)

පළමු අර්ධය: තර්ස්ටන් විද්‍යාලය 41-08 වේල්ස් කුමර විද්‍යාලය

පළමු අර්ධයේ වැඩි ගෞරවය දිනා සිටි සත්කාරක තර්ස්ටන් විද්‍යාලයට තරගයේ 36 වන මිනිත්තුව අවසන් වන විට ලකුණු 33ක වාසියක් හිමිව තිබුණි. එම ලකුණු පරතරය තවදුරටත් ඉහළ ගියේ නවිඳු චානුක හා දිමුත් තාරකගේ උත්සාහක දිනුම් ද්විත්වය නිසාවෙනි. එයින් එක්  ප්‍රවර්තනයක් පමණක් ෂෙනාල් නදුන් විසින් සාර්ථක කර ගත්තේය. (53-08)

තරගයේ 55 වන මිනිත්තුව ගෙවී යන විට වේල්ස් කුමර විද්‍යාලය අතින් තරගයේ ජයග්‍රහණය ගිලිහී ගොස් තිබුණේ තර්ස්ටන් විද්‍යාලය සැලකිය යුතු ලකුණු ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටි නිසාවෙනි. කෙසේ නමුත් මදුමාල් ප්‍රනාන්දු විසින් වේල්ස් කුමර විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. (53-13)

මොරටු බලාපොරොත්තු සුන් කරමින් ගාල්ලට ජය

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය දා (23) ගාල්ල…

තරගයේ අවසන් මිනිත්තු 10 තුළ පවා සිය ලකුණු පිපාසය පසුවූ තර්ස්ටන් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගත්තේ සිය විද්‍යාලයට ප්‍රසාද ලකුණක් සමඟින් ජයග්‍රහණය හිමි කර දෙමිනි. (77-13)

අවසන් ලකුණු තත්වය: තර්ස්ටන් විද්‍යාලය (13T, 6C) 77 – 13 (2T,1P) වේල්ස් කුමර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – තරුෂ ධර්මදාස (තර්ස්ටන් විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්,

  • තර්ස්ටන් විද්‍යාලය (77): තරුෂ ධර්මදාස 2T, 3C, නවිඳු චානුක 2T, චතුර මදුවන්ත 1T, මොහොමඩ් රිස්කාන් 2T, එච්. කේ. ප්‍රනාන්දු 1T,  දිමුත් තාරක 2T, ෂෙනාල් නදුන් 3C, ඩී. එස්. ඩයස් 2T, යූ. සී. ගුණරත්න 1T.
  • වේල්ස් කුමර විද්‍යාලය (13): අවිශ්ක වෙල්ගොඩ 1T, රුචිත් පෙරේරා 1P, මදුමාල් ප්‍රනාන්දු 1C.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<