පිළියන්දල ක්‍රීඩකයින්ට මහනුවරින් දැවැන්ත ප්‍රහාරයක්

1573

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අද (8) ක්‍රියාත්මක වූ තරගයේ දී මහනුවර සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින් විසින් පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩකයින් ලකුණු 50-00ක් ලෙස පරාජය කර දැමුවේ පිළියන්දල ක්‍රීඩකයින්ට තවත් අමිහිරි තරගයක මතක සටහන් එක් කරමිනි. තරගය පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ආරම්භයේ සිටම තරගය තමා දෙසට නතු කර ගනිමින් සිල්වෙස්තර ක්‍රීඩකයන් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර තරගය අරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට සිල්වෙස්තර ක්‍රීඩකයන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය.

විද්‍යා ක්‍රීඩකයෝ ආනන්ද විදුහලත් මට්ටු කරති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (7) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවැත්වූයේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය…

මනා පන්දු හුවමාරුවක් උත්සාහක දිනුමකින් අවසන් කරමින් ඩී. කේ. කන්කානම්ගේ සිය ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේය. එම උත්සාහක දිනුමට වැඩි වටිනාකමක් එක් කරමින් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ජී. එම්. බණ්ඩාරට හැකි විය. (සිල්වෙස්තර 07-00 පිළියන්දල)

නැවතත් ක්‍රියාත්මක වූ සිල්වෙස්තර ක්‍රීඩක කන්කානම්ගේ සිය පාසලේ දෙවන උත්සාහක දිනුම ද ලබා ගැනීමට සමත් විය. පිළියන්දල ක්‍රීඩකයන් දමා තිබූ ප්‍රබල ආරක්ෂක පවුර බිඳ දමා ලබා ගත් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට බණ්ඩාරට හැකි විය. (සිල්වෙස්තර 14-00 පිළියන්දල)

ප්‍රථම අර්ධය තුල පිළියන්දල ක්‍රීඩකයන් හට කිසිලෙසකින්වත් සාර්ථක වීමට ඉඩනොදුන් සිල්වෙස්තර ක්‍රීඩකයන් 3 වන උත්සාහක දිනුම ද ලබා ගැනීමට සමත් වූයේ එස්. එම්. වර්ණසූරියගේ උත්සාහයෙනි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සිල්වෙස්තර 19-00 පිළියන්දල)

ප්‍රථම අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී පිළියන්දල ක්‍රීඩකයින් තවත් අසරණ කරමින් සිය ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් එකතු කරමින් ප්‍රථම අර්ධය සාර්ථකව අවසන් කර ගැනීමට සත්කාරකයින්ට හැකි විය. කන්කානම්ගේ අතින් වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට බණ්ඩාරට හැකි විය. (සිල්වෙස්තර 26-00 පිළියන්දල)

පළමු අර්ධය: සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 26 (4T,3C) – 00 (0T) පිළියන්දල මැදි විද්‍යාලය

ප්‍රථම අර්ධය තුල තමන් රඳවා ගත් වාසිය තවදුරටත් පවත්වා ගැනීමේ අදිටනින් පිටියට පිවිසි සිල්වෙස්තර ක්‍රීඩකයින් පිළියන්දල ක්‍රීඩකයින්ගේ දුර්වල ස්ථාන මනාව හඳුනා ගනිමින් ලකුණු අතර පරතරය තවත් ඉහල නංවන ලදි.

ඒ අනුව තරගයේ 50 වන මිනිත්තුවේ දී සිය 5 වන උත්සාහක දිනුම ද ලබා ගැනීමට සිල්වෙස්තරයින් සමත් වූයේ කේ. එම්. දේශප්‍රිය ලබා ගත් දක්ෂ උත්සාහක දිනුම හේතුවෙනි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සිල්වෙස්තර 31-00 පිළියන්දල)

ඉසිපතනයේ අපරාජිත කිරුළ ගැලවේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (7) කොළඹ ඉසිපතන විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ…

මෙම තරගය තුල පිළියන්දල ක්‍රීඩකයන් අතින් බොහෝ අඩුපාඩු සිදු වුන අතර එම අඩුපාඩු මනාව ප්‍රයෝජනයට ගත් සිල්වෙස්තරයින් සමස්ත තරගයේ 6 වැනි හා 7 වැනි උත්සාහක දිනුම් ද ලබා ගැනීමට සමත් විය.

පිළිවෙළින් යූ. මදුබාෂිත හා වයි. අමරසේකර අතින් වාර්තා වූ එම උත්සාහක දිනුම් දෙකෙන් එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක කර ගැනීමට බණ්ඩාර සමත් විය. (සිල්වෙස්තර 43-00 පිළියන්දල)

තරගය අවසන් වීමට මිනිත්තු 5ක් පමණ තිබිය දී පිළියන්දල ක්‍රීඩකයන් මුලා කරමින් සමස්ත තරගයේ 8 වැනි උත්සාහක දිනුම ද ලබා ගැනීමට සිල්වෙස්තර ක්‍රීඩකයන්ට හැකි විය. බණ්ඩාර අතින් වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මදුබාෂිත සමත් විය. මේ අනුව තරගය අවසන් වූයේ සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින්ට ලකුණු 50-00ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දෙමිනි. (සිල්වෙස්තර 50-00 පිළියන්දල)

අවසන් ලකුණු තත්වය: සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 50 (8T,5C) – 00 (0T)  පිළියන්දල මදය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ඩී. කේ. කන්කානම්ගේ (සිල්වෙස්තර)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය: ඩී. කේ. කන්කානම්ගේ (3T), එස්. එම්. වර්ණසූරිය (1T), කේ. එම්. දේශප්‍රිය (1T), යූ. මදුබාෂිත (1T, 1C), වයි. අමරසේකර (1T), ජී. එම්. බණ්ඩාර (1T,4C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<