බෙනඩික්ට් ක්‍රීඩකයින් පරදා සිල්වෙස්තරයින් ඉදිරියට

1241

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර අද (24) සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 31-28ක තියුණු ජයක් හිමිකර ගන්නට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

ලුම්බිණි ක්‍රීඩකයින්ට වේල්ස් කුමරුවන් හමුවේ පහසු ජයක්

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ (23) පැවති රග්බි තරගයෙන් මොරටු ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක මතකයන් උරුමකර දෙන්නට ලුම්බිණි…

මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායමට තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ තෙවන ස්ථානය තහවුරු කරගැනීමට අවස්ථාව හිමිවන හෙයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

තරගය ආරම්භ වූ මොහොතේ සිට ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් තරගයේ පාලනය තමන් සතුකර ගන්නට සත්කාරක බෙනඩික්ට් ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ ඔවුන් ප්‍රතිවාදී ආරක්‍ෂක බලමුළුව පහසුවෙන් බිඳ දමමින් පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගැනීමට සමත් විය. එම අවස්ථාවන් දෙකේ දී ම ඔවුන්ගේ පන්දු හුවමාරු කරගැනීම ඉතා ඉහළ තත්වයක පැවති අතර එම උත්සාහක දිනුම් දෙකම වාර්තා කර ගනු ලැබුවේ මාක් පෙරේරා විසිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වය ද සාර්ථක කරගන්නට එවන් වොලස් සමත් විය. (SBC 14-00 SSC)

කෙසේ නමුත් කෙමෙන් කෙමෙන් තරගයට අවතීර්ණ වූ සිල්වෙස්තර ක්‍රීඩකයින් පසුව තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට ඔවුන් සමත් විය. රන්දික පතිරණ විසින් එය වාර්තා කරගනු ලැබූ අතර ගිහාන් මධුසංක විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගන්නා ලදි. (SBC 14-07 SSC)

තර්ස්ටන්වරු හමුවේ මහානාමයට ප්‍රබල පරාජයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (22) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වූයේ රාජගිරිය ආනන්ද…

අනතුරුව ක්‍රියාත්මක වූ බෙනඩික්ට් විද්‍යාලයේ අවිෂ්ක දිල්ෂාන් සිය කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කරගන්නට එවන් වොලස් සමත් විය. (SBC 21-07 SSC)

පසුව තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර සිල්වෙස්තර ක්‍රීඩකයින් හට ලැබුණු ඉක්මන් අවස්ථාවකින් ප්‍රයෝජන ලබාගත් රන්දික පතිරණ වේගයෙන් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් ඔහුගේ මෙන්ම කණ්ඩායමේ ද දෙවන උත්සාහක දිනුම වාර්තා කරගැනීමට සමත් විය. අනතුරුව එම උත්සාහක දිනුම ද සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට ගිහාන් මධුසංක සමත් විය.    

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 21 – 14 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය  

පළමු අර්ධය අවසානයේ ක්‍රියාත්මක කළ ජවසම්පන්න ක්‍රීඩා රටාව දෙවන වටයටත් ඒ අයුරින්ම රැගෙන ගිය සිල්වෙස්තර ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවන විට උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට සමත් විය. උමේර් ඉන්ෂාන් විසින් වාර්තා කරගනු ලැබූ එම උත්සාහක දිනුම නැවතත් ගිහාන් මධුසංක විසින් සාර්ථක කරගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සමකර ගනිමිනි. (SBC 21-21 SSC)

ඉන් අනතුරුව මිනිත්තු කිහිපයක් පුරාවට කණ්ඩායම් දෙකටම උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථකව අවසන් කරගැනීමට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

කෙසේ නමුත් දෙවන අර්ධයේ අවසන් මිනිත්තු 15ක පමණ කාලය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය. එහි දී සිල්වෙස්තර ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවක් හිමිවූ අතර එය ලබාගත් ගිහාන් මධුසංක පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළින් යොමු කරමින් සිය කණ්ඩායම පළමු වරට තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. (SBC 21-24 SSC)

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ ඔවුන් පන්දුව හොඳින් හුවමාරු කරගනිමින් ඉදිරියට රැගෙන ගොස් අවසානයේ එය ගිහාන් මධුසංක වෙත බාරකළ අතර ඔහු සාර්ථකව එය උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. එහිදී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔහු විසින්ම සාර්ථක කරගනු ලැබුවේ බෙනඩික්ට් ක්‍රීඩකයින් හට තරගය ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාවන් අහුරා දමමිනි. (SBC 21-31 SSC)

කෙසේ නමුත් පසුව නැවතත් තරගයට අවතීර්ණ වූ බෙනඩික්ට් ක්‍රීඩකයින් දැඩි ජවසම්පන්න ක්‍රීඩා විලාශයක් දියත් කරමින් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට සමත් විය. එහිදී අවිෂ්ක දිල්ෂාන් විසින් තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරගනු ලැබූ අතර එවන් වොලස් විසින් නැවතත් එය සාර්ථකව ප්‍රවර්තනය කරගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය අඩුකර ගනිමිනි. (SBC 28-31 SSC)

පාසල් රග්බි දෙවන වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ

සති පහක තියුණු තරග රැසකට පසුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය මේ සති අන්තයේ දී නිමා වූ අතර ප්‍රබල කණ්ඩයම් රැසක් දෙවන වටයේ කුසලාන ශූරතාව…

ඉන් අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ උත්සාහක දිනුම් කලාපයට ඉතා ආසන්නයේ පන්දුව රඳවා ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කර තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට බෙනඩික්ට් ක්‍රීඩකයින් දැඩි උත්සාහයක් දැරීය. කෙසේ නමුත් එහි දී සිල්වෙස්තර විද්‍යාලයීය ආරක්‍ෂක ක්‍රීඩකයින් ඉතා ප්‍රබලව ඊට මුහුණ දෙමින් ප්‍රතිවාදීන් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමෙන් වළකාලන්නට උත්සාහයක නිරත විය.

කෙසේ නමුත් අවසානයේ උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ බෙනඩික්ට් ක්‍රීඩකයින් අතින් ගිලිහී ගිය පන්දුව ලබාගත් සිල්වෙස්තර ක්‍රීඩකයෙක් පන්දුවට පා පහරක් එල්ල කරමින් එය පිටියෙන් ඉවතට යොමුකළ අතර ඒත් සමඟම විනිසුරුවරයා තරගයේ අවසානය සංඥා කළේය.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගය ප්‍රසාද ලකුණක් ද සමඟින් ජයග්‍රහණය කළ සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ තෙවන ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය.   

සම්පූර්ණ කාලය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 28 (4T 4C)– 31 (4T 4C 1P) සාන්ත සිල්වෙස්තර විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා – ගිහාන් මධුසංක (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය)  

ලකුණු ලබාගැනීම

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – මාක් පෙරේරා 2T, අවිෂ්ක දිල්ෂාන් 2T, එවන් වොලස් 4C
  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – රන්දික පතිරණ 2T, උමේර් ඉන්ෂාන් 1T, ගිහාන් මධුසංක 1T 4C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<