ගල්කිස්ස ක්‍රීඩකයෝ මහනුවර හොල්ලයි

3516

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (16) මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවැත්විය.

එහි දී සත්කාරකයින් අසරණ කළ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 56-08ක් ලෙස තරගය පහසුවෙන් තරගය ජය ගැනීමට සමත් විය.

සහිරාවන් හමුවේ ඩී. එස්. ක්‍රීඩකයෝ තියුණු සටනක

මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ ආර්. අයි. ටී. අලස් සමරු කුසලාන රග්බි තරගය…

මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී තරගය පැවති අතර මෙවර තරග වාරයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩයම ලකුණු 50 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

වේගවත් පසුපෙළකට හිමිකම් කියන විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු අර්ධයේ දී උත්සාහක දිනුම් 5ක් වාර්තා කර ගැනීමට සමත් වූහ. උත්සාහක දිනුම් ප්‍රවර්තනයේ දී පෙන්වූ දුර්වලතා නැවතත් පෙන්නුම් කරමින් ඔවුන් හට ප්‍රවර්තනය කර ගත හැකි වූයේ උත්සාහක දිනුම් දෙකක් පමණි. ඔවුන් දඬුවම් පහරකින් ද ලකුණු රැස්කර ගන්නා අතරතුර සත්කාරක සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට ප්‍රවර්තනය නොකළ උත්සාහක දිනුමක් හා එක් දඬුවම් පහරක් සමඟින් රැස්කරගත හැකි වූයේ ලකුණු 8ක් පමණි.

පළමු අර්ධය: ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 32 – 08 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී සාන්ත සිල්වෙස්තර කණ්ඩායම කිසිදු ලකුණක් රැස් කර ගැනීමට අසමත් වූ අතර සුපුරුදු ක්‍රීඩා විලාසයේ නිරත වූ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම තවත් උත්සාහක දිනුම් 4ක් රැස්කර ගැනීමට සමත් විය. නමුත් එයින් ප්‍රවර්තන දෙකක් පමණක් සාර්ථක කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ගල්කිස්ස විද්‍යා  විද්‍යාලය 56 (9T,4C,1P) – 08 (1T,1P) සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<