මොරටු බලාපොරොත්තු සුන් කරමින් ගාල්ලට ජය

1535

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය දා (23) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර කොග්ගල රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකට පසු ලකුණු 29-26ක් ලෙස තරගය ජය ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

දකුණු ලක රග්බි ඉතිහාසය ලියන රිච්මන්ඩ්වරුන්

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරනු ලබන 2018 සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරනු ලබන දකුණු පළාතේ එකම කණ්ඩායම…

සිය සුපුරුදු ක්‍රීඩා රටාවට ඉක්මනින්ම අවතීර්ණ වූ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමු අර්ධයේ දී උත්සාහක දිනුම් දෙකක් හා දඬුවම් පහරක් සමඟින් ලකුණු 17ක් රැස්කර ගැනීමට සමත් විය. රිච්මන්ඩ්වරුන්ගේ ප්‍රබල පසුපෙළින් මිදී වේල්ස් කුමර ක්‍රීඩකයින්ට ප්‍රවර්තනය නොකළ උත්සාහක දිනුමක් මගින් රැස්කර ගත හැකි වූයේ ලකුණු 5ක් පමණි.

පළමු අර්ධය: රිච්මන්ඩ් විද්‍යාලය 17-05 වේල්ස් කුමර විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩයම දෙවන අර්ධයේ දී තවත් උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තනයක් මගින් ලකුණු රැස් කළේය. පළමු අර්ධයේ මෙන් නොව දෙවන අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ මොරටුව වේල්ස් කුමර විදුහල උත්සාහක දිනුම් 3ක් හා ප්‍රවර්තන තුනක් මගින් ලකුණු රැස් කළ ද තරගයේ ජය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.

අවසාන ලකුණු තත්ත්වය: රිච්මන්ඩ් විද්‍යාලය 29 (4T,3C,1P) – 26 (4T,3C) වේල්ස් කුමර විද්‍යාලය

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<