යෙෂිරගේ උත්සාහක දිනුම් 4න් ගාල්ලේ රග්බි බළකොටුව බිඳ වැටේ

2710

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තරගාවලියේ තවත් තරගයක් අද (06) පැවැත්විය. එහි දී කොළඹ ලුම්බිණි විද්‍යාලයත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 62- 05ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලයට හැකි විය.

වේල්ස් කුමරුවන් පරදා ප්‍රථම ජය මහානාමයට

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ මංගල තරගය අද (05) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. කොළඹ මහානාම විද්‍යාලයත්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයත් අතර…

දීප්තිමත් ආලෝක තත්වයක් යටතේ තරගය ආරම්භ වූ අතර ආරම්භක පන්දු හුවමාරුවෙන්ම තුවාන් ෆකීර් ලුම්බිණියේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට සාලින්ද සමත් විය. (07-00)

තවත් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම ලුම්බිණි විදුහල වෙනුවෙන් නිලුපුල් උත්සාහක දිනුමක් දිනා දුන් අතර එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (14-00)

නැවත වරක් ක්‍රියාත්මක වෙමින් ලුම්බිණි ඉදිරිපෙළ ක්‍රීඩකයින් දිගින් දිගටම තම උපක්‍රමශීලී ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින් රිච්මන්ඩ් ආරක්ෂක වළල්ල අතරින්ම තවත් උත්සාහක දිනුමක් සාලින්ද විසින් ලබා ගත්තේ එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගනිමිනි. (21-00)

පිළියන්දල රග්බි අභිමානය – පිළියන්දල මධ්‍ය විද්‍යාලය

පසුගිය වසරේ අහිමි වූ A කාණ්ඩයේ ශූරතා සිහිනය සැබෑ කර ගැනීම අරමුණ කරගනිමින් මෙවර පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රග්බි ක්‍රීඩකයෝ පාසල් රග්බි…

ඉන් නොනැවතුණු ලුම්බිණි විදුහලේ ආක්‍රමණශීලී වින්ග් ක්‍රීඩක යෙෂිර ග්‍රේරු තවත් මනරම් උත්සාහක දිනුමක් ලබා ගත්තේ රිච්මන්ඩ් ආරක්ෂක වළල්ල අතරින් රිංගා යමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (28-00)

පළමු අර්ධයේ අවසානය පෙනී පෙනී යෙෂිර නැවතත් රිච්මන්ඩ් ආරක්ෂක වළල්ලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් ලබා ගත්තේ ප්‍රථම අර්ධයේ සම්පූර්ණ ගෞරවය ලුම්බිණි විදුහලට ලබා දෙමිනි. (35-00)

පළමු අර්ධය: ලුම්බිණි විද්‍යාලය 35 – 00 රිච්මන්ඩ් විද්‍යාලය

ප්‍රථම අර්ධයේ වැරදි නිවැරදි කර ගැනීමේ අදිටනින් දෙවන අර්ධය වෙනුවෙන් කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ විය. කල් යල් බලමින් යෙෂිර තම තෙවන උත්සාහක දිනුම ද ලුම්බිණිය වෙත දිනා දෙමින් තරගයේ පැහැදිලි ඉදිරිය ලුම්බිණිය සතු කළේය. එහි ප්‍රවර්තනය තුවාන් විසින් සාර්ථක කර ගන්නා ලදි. (42-00)

තරගය පුරාවට ලකුණු නියඟයකට හසුවී සිටි රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් කාවින්ද යම් අස්වැසිල්ලක් ගෙන ආවේ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමිනි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (42-05)

නැවතත් ක්‍රියාත්මක වෙමින් යෙෂිර තම අණසක පිටියේ පතුරවමින් තම සිව්වැනි උත්සාහක දිනුම ලුම්බිණිය වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (49-05)

ඉන්පසු ලද දඬුවම් පහරක් තුවාන් විසින් සාර්ථක කර ගත් අතර පිළිවෙළින් නිර්මාණ සහ සාගර සම්පත් උත්සාහක දිනුම් ද්විත්වයක් ලුම්බිණිය වෙත දිනා දුන්නේ රිච්මන්ඩ් විද්‍යාලය අඩපණ කරමිනි. එහි ප්‍රවර්තන අසාර්ථක වූ අතර ඒ සමඟින් තරගය නිමාවට පත්වූයේ ලුම්බිණි විදුහල තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගනිමිනි. (62-05)

අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය (9T 7C 1P) 62 – 05 රිච්මන්ඩ් විද්‍යාලය (1T)

ThePapare.com තරගයේ වීරයා – යෙෂිර ග්‍රේරු (ලුම්බිණි විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ලුම්බිණි විද්‍යාලය – තුවාන් ෆකිර් 1T 1C 1P, යෙෂිර ග්‍රේරු 4T, කේ. නිලුපුල් 1T, එස්. නිර්මාණ 1T, සාගර සම්පත් 1T , ඩී. සාලින්ද 1T  6C.
  • රිච්මන්ඩ් විද්‍යාලය  – එස්. කාවින්ද 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<