ඇතුගල්පුර ප්‍රහාරයෙන් වේල්ස් කුමරුවන්ට අසාධ්‍යයි

3804

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් අද (14) පැවති අතර එහි දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දැවැන්ත ප්‍රහාරය හමුවේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය පරාජයට පත්වූයේ ලකුණු 51-00ක් ලෙසයි.

මහානාමයට එරෙහිව ලුම්බිණියෙන් පෙරළිකාර ජයක්

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් අද (13) කොළඹ තුරඟ තරග පිටියේ දී…

B කාණ්ඩයේ තම ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තීරණාත්මක තරගයක් නිසාවෙන් කණ්ඩායම් දෙකම ජයග්‍රහණයට සිහින දකිමින් කොළඹ තුරඟ තරග පිටියට පිවිසි අතර තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වීමෙන් පසුව මලියදේව ක්‍රීඩකයින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නේ කවීන් දහනකගේ උත්සාහක දිනුම සමඟිනි. (05-00)

ඉන්පසුව දෙවැනි උත්සාහක දිනුම එච්. ධනංජය විසින් සාර්ථක කර ගත් අතර පළමු උත්සාහක දිනුමේ ප්‍රවර්තනය මඟ හැරී ගියත් මෙහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අයි. හේරත් සමත් විය. (12-00)

යාර 22 සීමාවේ දී අතහැරුණු පන්දු හුවමාරු කිහිපයක් හැරුණු කොට ප්‍රථම අර්ධය අවසන් වන විටත් වේල්ස් කුමර විද්‍යාලයෙන් පීඩනයක් එල්ල වෙන බවක් පෙනෙන්නට නොතිබුණු අතර ප්‍රථම අර්ධය නිමා වූයේ මලියදේව ක්‍රීඩකයින්ට වැඩි ගෞරවය හිමි වෙමිනි.

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 12- 00 වේල්ස් කුමාර විදුහල

පළමු අර්ධයේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට අපොහොසත් වූ මොරටු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයට පිවිසියේ ලකුණු හඹා යෑමට වුවද, මලියදේව ක්‍රීඩකයින් ඔවුන්ට රිසි සේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදෙමින් එක පිට එක පිට උත්සාහක දිනුම් රැසක් වාර්තා කළේ වේල්ස් කුමරුවන් පිටිය මැද අසරණ කරමිනි.

දෙවැනි අර්ධයේ වාර්තා වූ උත්සාහක දිනුම් අතරට ධනංජයගෙන් උත්සාහක දිනුම් දෙකක්, එස්. ජයසිංහගෙන් උත්සාහක දිනුම් දෙකක් ,එස්. කේ. මධුෂාන් හා ආර්. විජේසුන්දරගෙන් එක් උත්සාහක දිනුම බැගින් උත්සාහක දිනුම් දෙකක් ඇතුලත්ය.

තවද අලංකාර පන්දු පාලනයකින් දහනක අතට පත්වූ පන්දුවක් සාර්ථකව ධවල රේඛාවෙන් ඔබ්බට ඇදී ගියේ මලියදේවයට තවත් උත්සාහක දිනුමක් දිනා දෙමිනි.

කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක අයි. හේරත් මේ අතරින් ප්‍රවර්තන දෙකක් පමණක් සාර්ථක කර ගැනීමට සමත් විය. වේල්ස් කුමරුවන් පිටිය තුල නරඹන්නන් බවට පත් කරමිනි අණසක පැතිර වූ මලියදේව ක්‍රීඩකයින් මොරටු ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක පහස විඳීමට ඉඩ නොදුන් අතර තරගයේ නියමිත කාලය අවසන් වන විට 51-00ක් ලෙස පෙරමුණ ගෙන සිටි කුරුණෑගල ක්‍රීඩකයෝ තවත් තරගයක් සාර්ථකව නිමා කරන්නට සමත් වූයේ ප්‍රසාද ලකුණු ද ලබා ගනිමිනි.

මින් පෙර පැවති තරගයක දී කොළඹ තර්ස්ටන් විදුහල හමුවේ 23-19ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට මලියදේව ක්‍රීඩකයෝ සමත් වූ අතර වේල්ස් කුමර ක්‍රීඩකයෝ මහානාමය එදිරිව පරාජය වූයේ ලකුණු 28-12ක් ලෙසයි.

අවසන් ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය 51 (9T 3C ) – 00 වේල්ස් කුමර විදුහල

ThePapare.com තරගයේ වීරයා – එච්. ධනංජය (මලියදේව විද්‍යාලය )

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • මලියදේව විද්‍යාලය – කවීන් දහනක 2T, එච්. ධනංජය 3T, එස්. ජයසිංහ 2T, එස්. කේ. මධුෂාන් 1T, ආර්. විජේසුන්දර 1T, අයි. හේරත් 3C

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට