එරංගගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් සත්කාරකයින්ට ජයග්‍රාහී දිනයක්

2061

පිළියන්දල මධ්‍ය මහා විදුහල සහ සාන්ත බෙනඩික්ට් විදුහල අතර බ්‍රහස්පතින්දා (16 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 41-12 දැවැන්ත ජයක් ලබා ගැනීමට සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය. මෙම තරගය පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක විය.

ඇතුගල්පුර ප්‍රහාරයෙන් වේල්ස් කුමරුවන්ට අසාධ්‍යයි

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් අද (14) පැවති අතර එහි දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දැවැන්ත ප්‍රහාරය හමුවේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය පරාජයට…

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පසුගිය දා ආනන්ද විද්‍යාලය ලකුණු 21-17ක් ලෙස පරාජය කරමින් අද තරගයට සහභාගී වන විට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ප්‍රබල විද්‍යා විද්‍යාලය හමුවේ ලකුණු 60-05ක් ලෙස දැවැන්ත පරාජයකට මුහුණ දී මේ තරගයට අවතීර්ණ විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩක කෙඩ්රික් වේල්ස්ගේ පා පහරත් සමඟින් ආරම්භ වූ මේ තරගයේ දෙවන මිනිත්තුවේ දී ම ලකුණු පුවරුව ආරම්භ කරමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ යසස් බුද්ධික පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (00-05)

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ පිළියන්දල මැදි විදුහලට අභියෝග කරමින් දක්ෂ ලෙස තරග වැදුණු අතර ඔවුන්ගේ ලකුණු පුවරුව ආරම්භ වූයේ කෙඩ්රික් වේල්ස් සාර්ථක කර ගත් දඬුවම් පහරත් සමඟිනි. (03-05)

ඉන් අනතුරුව තරගයේ 19 වන හා 25 වන මිනිත්තුවල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩක ඇන්තනී පුලේ සමත් විය. එහි ප්‍රවර්තනයන් දෙකම සාර්ථක කර ගැනීමට කෙඩ්රික් සමත් විය. (17-05)

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 17 – 05 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

පළමු අර්ධයේ වැඩි වාසිය හිමි කර ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එදිරිව පිළියන්දල මැදි විදුහල් නායක අනුරාධ යසස් ශ්‍රී දෙවැනි අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ධවල රේඛාව පසුකර යමින් උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ලක්ෂිත ලක්ෂාන් සමත් විය. (17-12)

තරගයේ 42 වැනි මිනිත්තුවේ සිට තරගයේ අවසන් මිනිත්තුව දක්වාම තරගයේ පාලනය සියතට ගත් සත්කාරක සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් අතරින්  අංක 8 ජර්සිය පැළඳ ක්‍රීඩා කළ එරංග සෙනෙවිරත්න සාර්ථක උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සිය විද්‍යාලය වෙනුවෙන් වාර්තා කළේය. එයින් ප්‍රවර්තන අවස්ථාවන් දෙකක් පමණක් සාර්ථක විය. (36-12)

තරගයේ අවසන් මිනිත්තුවේ දී පිළියන්දල මැදි විදුහල් ආරක්ෂක බැමි බිඳ දමමින් ක්‍රියාත්මක වූ ලහීෂ පෙරේරා සිය විද්‍යාලයට තවත් උත්සාහක දිනුමක් එක් කිරීමට සමත් විය. එම උත්සාහක දිනුමත් සමඟින් තරගය නිමා වූයේ සත්කාරකයින්ට ජයග්‍රහණය හිමි වෙමිනි.

අවසාන ලකුණු තත්වය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 41 (6T, 4C,1P)  – 12 (2T,1C) පිළියන්දල මධ්‍ය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා:  ඇන්තනී පුලේ (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය: ඇන්තනී පුලේ (2T), එරංග සෙනෙවිරත්න (3T), කෙඩ්රික් වේල්ස් (1P,4C), ලහීෂ පෙරේරා (1T)
  • පිළියන්දල මධ්‍ය විද්‍යාලය: යසස් බුද්ධික  (1T), අනුරාධ යසස් ශ්‍රී (1T), ලක්ෂිත ලක්ෂාන් (1C)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට