පිළියන්දල ක්‍රීඩකයෝ ගල්කිස්සේ දී උත්සාහක දිනුම් වරුසාවකට කොටුවේ

1317
Science College

සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (10) ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති අතර ලකුණු 60-05ක් ලෙස ඉතා පහසුවෙන් තරගය ජය ගැනීමට විද්‍යා විද්‍යාලයීය කණ්ඩයම සමත් විය.

ආනන්ද විදුහල හමුවේ ජයග්‍රහණය සත්කාරකයින්ට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (9) කොළඹ සාන්ත බෙනඩික්ට්

වේගවත් විද්‍යා ක්‍රීඩකයින් තරගයේ 4 වැනි, 6 වැනි හා 10 වැනි මිනිත්තුවල දී පිළියන්දල ක්‍රීඩකයින්ට සිතා ගැනීමටවත් ඉඩ නොතබමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වූ අතර R. A. මධුසංක, හෂාන් මධුමාධව හා සසිඳු ඉමේෂ් පිළිවෙළින් එම උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් විය. 6 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ උත්සාහක දිනුම හා 10 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ උත්සාහක දිනුම් ප්‍රවර්තනය කිරීමට R. A. මධුසංක සමත් වූ නමුත් අනෙක් උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට ඔහුට නොහැකි විය.

පළමු මිනිත්තු දහය තුල දී ම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ මානසිකත්වය බිඳ වැට්ටවූ විද්‍යා ක්‍රීඩකයෝ සත්සාමාජික රටාවේ තරගයක් ලෙසට වේගවත් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් 14 වැනි, 16 වැනි හා 18 වැනි මිනිත්තුවල දී නැවතත් පිට පිට උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. R. A. මධුසංක, H. සාමරත්න හා G. A. R. ප්‍රනාන්දු පිළිවෙළින් එම උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් විය. R. A. මධුසංක 16 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට සමත්වුවද අනෙක් උත්සාහක දිනුම් දෙක ප්‍රවර්තනය කිරීමට අසමත් විය.

අහිමි වූ A කාණ්ඩයේ ස්ථානය වෙනුවෙන් සටන් කරන විද්‍යා විද්‍යාලය

රග්බි ක්‍රීඩාවේ ස්වර්ණමය මතකයන් රැසකට හිමිකම් කියන විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම

සිය සියලු ශක්තීන් එක්තැන් කළ පිළියන්දල ක්‍රීඩකයින් සිය ගෞරවය බේරා ගැනීම සඳහා සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් මෙහෙයවූ අතර G. D. යශෝධ 26 වැනි මිනිත්තුවේ දී පිළියන්දල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර පිළියන්දල ක්‍රීඩකයින්ට විවේකයක් ලබා දෙමින් පළමු අර්ධය ලකුණු 36-05ක් ලෙස නිමා විය.

පළමු අර්ධය: ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 36 – 05 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගත් විද්‍යා විද්‍යාලයේ හෂාන් මධුමාධව පළමු අර්ධයේ වාර්තා කළ උත්සාහක දිනුමෙන් සෑහීමට පත් නොවී තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් මේ අර්ධයේ දී ද වාර්තා කිරීමට සමත් විය.

38, 43 හා 51 වැනි මිනිත්තුවල දී එම උත්සාහක දිනුම් වාර්තා වූ අතර 51 වන මිනිත්තුවේ වාර්තා වූ උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට A. හසරංග සමත් විය. ජයග්‍රාහී තරගය ජයග්‍රාහී විලාසයකින් නිමා කරමින් 70 වන මිනිත්තුවේ දී G. R. K. මධුසංක විද්‍යා විද්‍යාලය වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර තරගයේ සියලු ගෞරව විද්‍යා විද්‍යාලයට හිමි කර දෙමින් ලකුණු 60-05ක් ලෙස ජය විද්‍යා විද්‍යාලයට හිමි විය.

පිළියන්දල රග්බි අභිමානය – පිළියන්දල මධ්‍ය විද්‍යාලය

පසුගිය වසරේ අහිමි වූ A කාණ්ඩයේ ශූරතා සිහිනය සැබෑ කර ගැනීම අරමුණ කරගනිමින්

අවසාන ලකුණු තත්වය: ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 60 (10T, 5C)  – 05 (1T) පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: හෂාන් මධුමාධව (විද්‍යා විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

විද්‍යා විද්‍යාලය: හෂාන් මධුමාධව (4T), R. A. මධුසංක (2T,3C), සසිඳු ඉමේෂ් (1T), H. සාමරත්න (1T), G. A. R. ප්‍රනාන්දු (1T), A. හසරංග (2C), G. R. K. මධුසංක (1T)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය: G. D. යශෝදය (1T)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට