අගනුවර ආක්‍රමණය මැඩලමින් මලියදේවය ජය ගනී

2651

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (8) කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 23-19ක් ලෙස කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක මලියදේව විද්‍යාලය සමත් විය.

යෙෂිරගේ උත්සාහක දිනුම් 4න් ගාල්ලේ රග්බි බළකොටුව බිඳ වැටේ

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තරගාවලියේ තවත් තරගයක් අද (06) පැවැත්විය. එහි දී කොළඹ …

තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ පළමු අර්ධයේ, උත්සාහක දිනුමක් රැස් කිරීමට මලියදේව විද්‍යාලය සමත්වූ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් විය. දඬුවම් පහරක් සාර්ථක කර ගත් ඔවුන් ලකුණු 08ක් රැස් කර ගනිමින් පළමු භාගය අවසන් කරද්දී, අගනුවරින් පැමිණි තර්ස්ටන් විදුහල මලියදේව විදුහල් ක්‍රීඩා පිටියේ සිය බලය තහවුරු කර ගනිමින් ප්‍රවර්තනය නොකළ උත්සාහක දිනුමක් හා දඬුවම් පහර දෙකක් ද සමඟින් ලකුණු 11ක් රැස්කරමින් තරගයේ වාසිය තමන් දෙසට හරවා ගැනීමට සමත් විය.

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 08-11 තර්ස්ටන් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ සිටම තරගය සියතට ගත් මලියදේව විදුහල තරගය උඩු යටිකුරු කරමින් උත්සාහක දිනුම් දෙකක්, දඬුවම් පහරක් හා එක් ප්‍රවර්තනයක් සමඟින් දෙවැනි අර්ධයේ තවත් ලකුණු 15ක් රැස් කර ගනිමින් ලකුණු පුවරුව ලකුණු 23ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත්වූ අතර තර්ස්ටන් විද්‍යාලය කරට කර සටනක නිරත වූ නමුත් එක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් සමඟින් ඔවුන්ට රැස්කරගත හැකි වූයේ තවත් ලකුණු 8ක් පමණි. සත්කාරක මලියදේව විද්‍යාලය ලකුණු 23-19ක් ලෙස තරගයේ ජය හිමි කර ගන්නා ලදි.

තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න

අවසන් ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය 23 (3T,2P,1C) – 19 (2T,3P) තර්ස්ටන් විද්‍යාලය

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට