මලියදේවය අපරාජිතව රිච්මන්ඩ්වරු මෙල්ල කරයි

2125

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ දෙවන කාණ්ඩය යටතේ කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර ඊයේ (25) මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 34-05ක පහසු ජයක් හිමි කර ගන්නට මලියදේව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

බෙනඩික්ට් ක්‍රීඩකයින් පරදා සිල්වෙස්තරයින් ඉදිරියට

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ කොටහේන සාන්ත …

මලියදේව විද්‍යාලයට තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කරමින් සිය කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමටත්, අනෙක් පසින් රිච්මන්ඩ් විද්‍යාලය හට සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමටත් මෙම තරගයේ ජයග්‍රණය වැදගත් විය.  

තරගය ආරම්භ වූ මොහොතේ සිට ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් තරගයේ පාලනය තමන් සතුකර ගන්නට සමත් වූයේ මලියදේව ක්‍රීඩකයින් ය. ඒ අනුව දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ ඔවුන් එතරම් අපහසුවකින් තොරව පහසුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. අනෙක් පසින් රිච්මන්ඩ් ක්‍රීඩකයින් පසුගාමී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ අතර මලියදේව ක්‍රීඩකයින්ගේ ජවය හමුවේ ඔවුන්ට කිසිදු අවස්ථාවක් නොවීය.  

ඒ අනුව පළමු අර්ධය තුළ උත්සාහක දිනුම් 3ක් වාර්තා කරගනිමින් සහ ඉන් එක් අවස්ථාවක් සාර්ථකව ප්‍රවර්තනය කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට මලියදේව ක්‍රීඩකයින් සමත් වූ අතර අනෙක් පසින් රිච්මන්ඩ් ක්‍රීඩකයින් හට තරගයේ පළමු අර්ධය තුළ කිසිඳු ලකුණක් ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 17 – 00 රිච්මන්ඩ් විද්‍යාලය  

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භයේ තරමක් ජවසම්පන්න ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කරන්නට රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්  උත්සාහක දිනුමක් හරහා ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබීය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනතුරුව නැවතත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ මලියදේව ක්‍රීඩකයින් සුපුරුදු පරිදි පහසුවෙන් ලකුණු ලබාගැනීම ක්‍රියාත්මක කරනු ලැබීය. එහි දී පළමු අර්ධයේ දී මෙන් නැවතත් රිච්මන්ඩ් ක්‍රීඩකයින්ගෙන් දුර්වල ක්‍රීඩා විලාශයක් දිස්වූ අතර ඒ අනුව එම අර්ධයේ දී ද තවත් උත්සාහක දිනුම් 3ක් වාර්තා කරගනිමින් ඉන් එක් ප්‍රවර්තන අවස්ථාවක් සාර්ථක කරගන්නට මලියදේව ක්‍රීඩකයින් සමත් විය.

ලුම්බිණි ක්‍රීඩකයින්ට වේල්ස් කුමරුවන් හමුවේ පහසු ජයක්

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ (23) පැවති රග්බි තරගයෙන් …

තරගයේ දෙවන අර්ධය තුළ දී රිච්මන්ඩ් ක්‍රීඩකයින් හට ඉන් අනතුරුව ලකුණු ලබා ගැනීම සඳහා කිසිදු අවස්ථාවක් හිමි වූයේ නැත.

ඒ අනුව මෙම තරගයෙන් පහසු ජයක් වාර්තා කර ගත් කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ දෙවන කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: මලියදේව විද්‍යාලය 34 (6T 2C) – 05 (1T) රිච්මන්ඩ් විද්‍යාලය  

ලකුණු ලබා ගැනීම

  • මලියදේව විද්‍යාලය – එම්. එල්. යූ. බී. දවුලගල 2T, එස්. ඩී. අයි. හේරත් 1T 2C, ඩබ්. එස්. කේ. මදුෂංක 1T, ඩී. එම්. රණසිංහ 1T, ඩබ්. ඒ. වයි. මධුෂිත 1T
  • රිච්මන්ඩ් විද්‍යාලය – ඒ. ටී. පී. එච්. ද සිල්වා 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<