තර්ස්ටන්වරු හමුවේ මහානාමයට ප්‍රබල පරාජයක්

1645

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (22) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය  අතර පැවැත්වූයේ රාජගිරිය ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 38-17ක් ලෙස ප්‍රබල ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

විද්‍යා ක්‍රීඩකයෝ මහනුවර පරදා පළමු තැන දිනා ගනී

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ ගල්කිස්ස

තරගය ආරම්භ කිරීම විනාඩි 45ක් පමණ ප්‍රමාද විය. ඒ තරගය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍යවරයෙකු සූදානම් නොකර තිබීම නිසාය. මෙහි දී කෙසේ හෝ තරගය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මත දෙපිලේම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ නිලධාරීන්ගේ වගකීම තුලින් තරගය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් විය. කෙසේ වෙතත් මෙම තත්වය ක්‍රීඩාවේ ආරක්ෂාව අතින් හොඳ තීරණයක් නොවුනත් තරගයක් සඳහා ඇති රුචිය තුල ක්‍රීඩාව ආරම්භ විය.

ඒ අනුව පස්වරු 5ට විනිසුරුගේ සංඥාවෙන් මහානාමයන් ප්‍රථමයෙන් පන්දුව උඩු ගුවනට මුසු කලේය. ඉතාම ජවසම්පන්න ලෙස තරගයට අවතීර්ණ වන තර්ස්ටන්වරු ප්‍රවේගකාරී තරග විලාසයක් තරගය ආරම්භයේ දී ම පෙන්නුම් කරන අතර මහානාමයන් ඊට නොදෙවෙනි ආරක්ෂා පිළිවෙතක් අනුගමනය කළේය.

මහානාමයට ලද දඬුවම් පහරක් සාර්ථක කරගන්නට දාබරේට නොහැකි වීමෙන් පළමු ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාව මහානාමට අහිමි විය. කෙසේ වෙතත් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම සමඟින් ප්‍රවර්තනය ලබා ගන්නට තර්ස්ටන් ක්‍රීඩක ටී. එන්. ධර්මදාස සමත් විය.

අම්ජාඩ්ගේ උත්සාහක දිනුම් ද්විත්වය සහිරා විදුහලට ජය ගෙනේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ඊයේ (21) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මරදාන සහිරා

තවත් මිනිත්තු 10ක් ගතවද්දී නැවතත් ලකුණු 7ක් තම කණ්ඩායමට එක්කරන්නට හෙට්ටිආරච්චි සමඟ ධර්මදාසට හැකි විය. ඒ අනුව 00-14ක් ලෙස තරගයේ ලකුණු තත්ත්වය දිස්විය.

ඒ අතරවාරයේ තරගයේ ප්‍රථම කහ කාඩ්පත එස්. ඒ. විජේනායක වෙත විනිසුරු දිගුකරන අතර ඒ තුලින් මහානාම විදුහල තවත් අපහසුතාවට පත්විය. වේගවත් පන්දු හුවමාරුවක් සමඟ තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට තර්ස්ටන් ක්‍රීඩක ප්‍රභාත් සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක වන අතර එයින් නොනවතින තර්ස්ටන්වරු තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ඒ කේ. ඩිල්ෂාන්ගේ සුරතිනි. එහි ප්‍රවර්තනය ධර්මදාස දිනා ගන්නා අතර ඒ අනුව ලකුණු තත්ත්වය 26-00ක් ලෙස සටහන් වී තිබුණි.

තරගයේ අඩක් නිමාවන්නට ඔන්න මෙන්න තිබිය දී තවත් ලකුණු 7ක් රැස් කරන්නට ඩිල්ෂාන් සහ ධර්මදාස දෙදෙනා සමත් වන අතර පළමු අර්ධය අවසානයේ දී ලකුණු  33-00 ලෙස පැහැදිලි ජයක් පෙන්නුම් කරමින් තර්ස්ටන්වරු ඉදිරියෙන් සිටියේය.

පළමු අර්ධය: තර්ස්ටන් විද්‍යාලය 33 : 00 මහානාම විද්‍යාලය

දෙවන අර්ධයේ පළමු විශේෂත්වය ලෙස තර්ස්ටන් විදුහලට කහ කාඩ්පතක් පිරිනැමීම දැක්විය හැක. ප්‍රථම අර්ධයේ වූ වැරදි නිවැරදි කරගනිමින් තරගය ඉතාම සුවිශේෂී ලෙස තම අතට ගන්නට මහානාමයන් වෙර දරන අතර එහි ප්‍රතිඵල ලෙස ලකුණු 7ක් ඔවුන්ට ලබා දෙන්නට විනිසුරු තීරණය කළේය .ඒ ගෝල සීමාව ආසන්නයේ දී ම අනිසි ලෙස මහානාම ක්‍රීඩකයාට බාධා කිරීම තුලය.

එයට හොඳ පිළිතුරක් ලබා දෙමින් තර්ස්ටන් ක්‍රීඩක වික්‍රමාරච්චි උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්තනය ධර්මදාස අතින් ගිලිහී ගියේය. 38-07ක් ලෙස ලකුණු තත්ත්වය දැක්වෙද්දී මහානාමයන් තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නා අතර ඒ හේෂාන් විසිනි. නැවතත් ප්‍රවර්තනය අසාර්ථක කරගන්න එවර මහානාමයට සිදු වූයේ නිසි එල්ලයක් නොතිබීම නිසාවෙනි.

අපරික්ෂාකාරී ටැකල් කිරීමක් නිසා තර්ස්ටන්වරුන්ට කහ කාඩ්පතක් විනිසුරුවරයා ලබා දුන්නේ හෙට්ටිආරච්චි වෙතයි. තරගය අවසන් වන්නට ඔන්න මෙන්න තිබිය දී ඉතා දැවැන්ත සටනක සිටි මහානාමයන් තවත් උත්සාහක දිනුමක් ලබා ගත් අතර එහී දී ක්‍රියාත්මක වන්නේ යසස් ය.

පාසල් රග්බි දෙවන වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ

සති පහක තියුණු තරග රැසකට පසුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය මේ සති

කෙසේ වෙතත් මහානාමයේ ක්‍රියාත්මක වීම ප්‍රමාද වැඩී වන්නේ තරගයේ අවසාන විසිල් නාදය විනිසුරුවරයා ලබා දීමත් සමඟය. ඒ අනුව වේගවත් ප්‍රවේගකාරී තර්ස්ටන්වරු ලකුණු 38-17ක් ලෙස විශිෂ්ට ජයක් අත්පත් කරගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: තර්ස්ටන් විද්‍යාලය 38 (6T, 4C) – 17 (2T, 1PG) මහානාම විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – එන්. ධර්මදාස (තර්ස්ටන් විද්‍යාලය)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

තර්ස්ටන්: එන්. ධර්මදාස (2T, 3C), කේ. ඩිල්ෂාන් (1T, 1C), පී. ඒ. රණසිංහ (1T), බී. හෙට්ටිආරච්චි (1T), එච්. වික්‍රමාරච්චි (1T)

මහානාම: ඩී. දාබරේ (1T), ආර්. යසස් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<