අගනුවර ප්‍රහාරය මැඩලමින් මලියදේවයට විශිෂ්ට ජයක්

2282

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය දා  (23) මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී කොළඹ මහානාම විද්‍යාලය හමුවේ ලකුණු 52-14ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක මලියදේව විද්‍යාලය සමත් විය.

මොරටු බලාපොරොත්තු සුන් කරමින් ගාල්ලට ජය

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය දා (23) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර කොග්ගල රග්බි…

පළමු අර්ධයේ ආරම්භයේ සිටම සිය වේගවත් ක්‍රීඩා විලාසයට අවතීර්ණ වූ මලියදේව කණ්ඩායම උත්සාහක දිනුම් තුනක් හා ප්‍රවර්තන දෙකක් සමඟින් ලකුණු 19ක් රැස්කර ගැනීමට සමත් විය.

මලියදේව ග්‍රහණයෙන් මිදී මහානාම ක්‍රීඩකයින්ට ලකුණු රැස් කිරීමට ලැබුණේ එක් ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් පමණි.

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 19 – 07 මහානාම විද්‍යාලය

දෙවැනි අර්ධය පුරා සිය අණසක පැතිර වූ මලියදේව ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් පහක් හා ප්‍රවර්තන හතරක් මගින් ලකුණු රැස් කරද්දී, මහානාම ක්‍රීඩකයින්ට දෙවැනි අර්ධයේ දී රැස්කරගත හැකි වූයේ එක් ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් පමණි.

අවසන් ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය 52 (8T,6C) – 14 (2T,2C) මහානාම විද්‍යාලය    

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<